Showing 193–216 of 1322 results
Price
Shop
Koggala Nilame 2 | කොග්ගල නිලමේ 2

Koombiyo | කූඹියෝ (Screen play)

ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කර කූඹියෝ ටෙලි නාට්‍යයේ තිර පිටපතයි. කූඹියෝ යනු ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි විසින් නිර්මාණය කරන ලද, 2017 අගෝස්තු 26 – 2018 මාර්තු 17 අතර කාලයේ දී ප්‍රදර්ශනය කළ අපරාධ සහ ත්‍රාසය ගණයට අයත්වන ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍යයකි. කූඹියෝ හි කතාව කොළඹ පිහිටි අතහැර දැමූ ගොඩනැගිල්ලක තනිව ජීවත් වන ජෙහාන් ප්‍රනාන්දු නම් මිනිසා වටාය.
Koti Diyaniyakage Papochcharanaya

ඒ 1987 වර්ෂයයි.නත්තලට තිබුණේ තවත් දින දෙකක් පමණයි.මධ්‍යම පාන්තික පවුලකට අයත් දාහත් හැවිරිදි දැරියක වූ නිරෝමි එදින සිටියේ අතිශය බිහිසුණු වූ යුද්ධ භූමියකයි.ඇගේ දෑතෙහි ගිනි අවියකි.ගෙලෙහි සයිනයිඩ් කරලකි.ඇයගේ සමීපතම යෙහෙළිය වූ අජන්ති ද ඇය අසලින්ම සටනෙහි යෙදී සිටියාය.
මරණය නිරෝමි සොයා ආවේ නැත.එහෙත් හාමත,පිපාසය,රෝග පිඩා ,මානසික ආතතිය සමග යුද්ධයේ අනේක වූ ව්‍යසනයන් ද සංවිධානයෙහි අකටයුතුකම් ද ඇයට දරාගත නොහැකි තරම් බරැති විය.
අද විශ්ව විද්‍යාල ආචාර්යවරියක වන නිරෝමි ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තම සැමියා සහ දරුවන් සමග සතුටින් වෙසෙන්නිය.මෙම ග්‍රන්ථයෙන් ඇය අපට පවසනේ ඇගේ ඒ අසාමාන්‍ය අතීත කතාවයි.
Kshira Sagaraya Kalambina – ක්ෂීර සාගරය කැළඹිණ

1990 දශකයේ දී තරුණ පාඨක පිරිස අතර අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ, සමාජීය වශයෙන් මානව සබඳතා ගැඹුරින් විශ්ලේෂණය වන කෙටි නවකතාවකි.
Kukulek athin gath kikili | කුකුළෙක් අතින් ගත් කිකිළී

කූකූළෙක්අතින්ගත්කිකිළී සහ රත්මලානේ වෙනත් කතා
ඇය කලින් කලට මතුවෙන කැමැත්තට අනුව කුකුළන් මාරු කළා ය. මාරුව කවරක් වුවත් ගෙදරින් එළි පහළියට යන ඕනෑම කාල හෝරාවක අතින් ගත් කුකුළෙක් නම් වරදින්නේ ම නැත. අතේ ඉන්නා කුකුළා අලුත් කුකුළෙක් නම් ඒ සටන් පුහුණුවට රැලෙන් වෙන් කර ගත් කුකුලෙක් ය. ගැන්සියෙන් වෙන් කර කුකුළෙක් හඳුන්වා යනු ඌ හුදෙකලා කොට තැබීම වුවත් කිකිළී කරන්නේ ඌ වෙනත් වෙනත් ගැන්සි අතර කරක් ගස්සන එකය. ඇය ඌ රැගෙන ඉඳහිට අපේ ගැන්සියට පවා ආවාය.
Kunatuwen Upatha Laddo | කුණාටුවෙන් උපත ලද්දෝ

Lajja – ලජ්ජා

ලජ්ජා බංග්ලාදේශ ලේඛිකා තස්ලිමා නස්රීන්ගේ අතිශය විවාදාත්මක නවකතාවයි. ලජ්ජා බංග්ලාදේශයේ හින්දුන් මුහුණපාන ගැටළු පිළිබඳ කතාවක් පමණක් නොව අර්ථ විරහිත දාමරිකකම්වලට ගොදුරුවන කාගේත් කතාවකි.
Lamuthu Amaya | ළමුතු අමයා

ළමුතු අමියා ළමා පොතක් නොව ළමයෙකුගෙ සැබෑ සිතුවිලි පිළිබඳ උපහාසාත්මක හා යථාර්ථවාදී නවකතාවකි.
ළමා කතා කියලා ජාතියක් තියෙනවා නේද? ඒ හැම එකකම තියෙන්නෙ හොඳ ළමයෙක් වෙයන් පුතේ’ කියන පණිවිඩය. මට එකක් කියන්න ඕන. මට අමුතුවෙන් හොඳ වෙන්න උවමනාවක් නෑ මම කොහොමටත් හොඳයි. වැඩිහිටියන්ගෙ තියෙන ලොකුම ප්‍රශ්න මොකක්ද දන්නවද? ලොකු වෙනකොට පොඩි කාලේ අමතක වෙන එක.
පොඩිකමේ වාසියක් තමයි වැඩිහිටියෝ බය වෙන දේවලට අපි බය නොවෙන එක. අවාසිය තමයි එයාලා බය නොවෙන දේවලට අපි බය වෙන එක. ළමයෙක් වුණාම ඕන දෙයක් නොවැටහුණා වගේ ඉන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයින්ට ඒක වැටහෙන්නෙ නෑ.
වැඩිහිටියෝ බලාගෙන ඉන්නේ ව්යායාලා කියන කරන දේවල් තේරුම් යන තරමට අපි උස්මහත් වෙනකම්. අපේ තරමට ඇවිත් අපිව වටහා ගන්න එයාලා නෙමෙයි උත්සාහ කරන්නේ. මේ පොතේ තියෙනවා මෙතෙක් මානවයා ගැන හෙළි නොවුණු රහස්, විශේෂයෙන්ම ළමයා කියන පොඩි සතා ගැන..
Lankawa Bedi Giya Jathiyak | ලංකාව බෙදී ගිය ජාතියක්

මහාචාර්ය බී.එච් ෆාමර් ගේ මේ කුඩා ග්‍රන්ථය වර්ගය, කුලය හා ආගම සමඟ එකට බැඳී තිබෙන අද දක්වා විසඳා ගැනීමට අසමත් වී ඇති ලංකාවේ ජාතික අර්බුදය ගැන ලියවුන පළමු පොත සේම ඒ ගැන ලියවී තිබෙන පොත් අතරින් හොඳම පොත ලෙස ද සැලකිය හැකිය. ඔහු විජයගේ සිට යටත් විජිත යුගය දක්වාත් ඉන්පසු 1956 දක්වාත් ඉතිහාසයේ ගමන් මග ගැන කරන විශ්ලේෂණය විශිෂ්ටය.
Lankawe Janawargika Gatuma, Samaya saha Evaye Venasvana Gathikathwa – ලංකාවේ ජනවාර්ගික ගැටුම, සාමය සහ ඒවායේ වෙනස්වන ගතිකත්ව

Lavender – ලැවෙන්ඩර්

මේක පුංචි ලැවෙන්ඩර් මල් පෙත්තක් ගැන හරි ලස්සන කතාවක්…
හේස්ලි ලැවෙන්ඩර් ස්කයිලර්… සරලවම, මගේ නමේ තේරුම “හේසල් දුබුරු පාට ඇස් තියෙන, ලැවෙන්ඩර් පුසුබැති පුංචි දැරිවිය කියන එක…
මේක ඔයාලා කවදාවත්ම අත්විදලා නැති විදිහේ හරිම ලස්සන, හුදෙකලා කදුකර නිම්නයක් පුරාවටම දග කරපු චුටි ගෑනු ළමයෙකුගේ පටන් බෘනට් පාට කොන්ඩ කැරලි තිබුනු ලස්සන චෙරි රෝසපාට තරුණ ගෑනු ළමයෙක් වෙනකල් එයා අත්විදපු සුන්දරම මතකයන් ගැන අපුරු කතාවක්..
Lilac – English

Although
She shows up
as an iron the strongest
a women is just a shop full of roses
Lilac – English

Although
She shows up
as an iron the strongest
a women is just a shop full of roses
Local Government and Local Democracy in Sri Lanka

Love – Faculty of Sex 03

Intro
හැම කෙනෙකුටම තියෙනවා එයාගෙම ශෘංගාර කතාවක්. ඒක කාටවත් නොකියන එකක් වෙන්න පුළුවන්. කවුරු හරි එක් කෙනෙක් එක්ක විතරක් බෙදා ගන්න එකක් වෙන්න පුළුවන්. යාලුවො විතරක් දන්න එකක් වෙන්න පුළුවන්. කොහොම වුනත් අපි හැමෝගෙම ශෘංගාරය අපිටම අනන්‍යයි. ශෘංගාරයේ සුන්දරත්වයත් ඒකමයි.
ඔය කවුරු වුනත් ඇඳුම් ගැලෙව්ව්වම එකයි වගේ කතා කියන්නෙ ශෘංගාරය ගැන කිසි දැනීමක් නැති මිනිස්සු. ශෘංගාරය තියෙන්නේ ශරීර අඟපසඟ වල නෙමෙයි. ඒක තියෙන්නෙ සංවේදනා වල. ඒක අපි විඳින්නෙ අපේ අතිශය පුද්ගලික තැන් වලින්.
හැම ශෘංගාර කතාවක්ම අපි කියන අනිත් හැම කතාවකටම වඩා ලස්සනයි. අපිට පුළුවන් නම් අපේ ශෘංගාර කතා විවෘතව බෙදා ගන්න අපේ ජීවිතේ ශෘංගාර කලාපයන් විශාල වෙනවා. ඒ වගේම එහෙම බෙදාහදා ගැනීමක් කරන්න අපි අතර විශ්වාසය ගෞරවය වගේම ආදරයත් විශාල වෙන්න ඕන.
මේ පොතේ පිටු අතර කියවන්න ලැබෙන්නේ ඒ වගේ එක එක මිනිස් ජීවිතවල ශෘංගාර සංවේදන. අපි හිතන නොහිතන, විඳින නොවිඳින, පිලිගන්න නොපිලිගන්න, ගොඩක් තැන් ඒ අතර තියෙන්න පුළුවන්. ඒත් ඒ තව කෙනෙකුගේ ආස්වාද විශ්වයක් හැටියෙන් බාරගන්න පරිණතකමක් අපිට තියෙන්න ඕන.
නිරුවත් පහසක් විඳිනවා කියන්නෙම ආර්ට් එකක් අපිට බඩගින්නට මොනවා හරි බඩට දාගන්න පුළුවන්. ඒ වගේම විවිධ රස භාවයන් විඳිමින් කෑමක් වරුවක් විතර විඳින්නත් අපිට පුළුවන්. සෙ ස් කියන්නෙත් එහෙම දෙයක්. අවශ්‍යතාව පිරිමසා ගැනීමේ සෙක්ස් කියන්නෙ දුප්පත්කමක්. හුස්මෙන් හුස්ම කියවන, රෝමයෙන් රෝමය දනවන, සුවඳ, නර්තනය විඳින සෙක්ස් කියන්නෙ සුඛෝපභෝගීත්වයක්.
ෆැකල්ටි ඔෆ් සෙක්ස් ලියන්නෙ එහෙම නිදහසක්, බාර ගැනීමක් වගේම දියුණු විඳීමක් ජීවිතය ඇතුලෙ නිර්මාණය කරගත්ත පොහොසත් වැඩිහිටියන් වෙනුවෙන්. ඒ කතා තියෙන්නෙ ඒවා අහන්න තරමට සංස්කෘතික වුනු කන්වලට විතරයි.
Chinthana Dharmadasa
Love Sex & Jealousy | ආදරය ලිංගිකත්වය සහ ඊර්ෂ්‍යාව

ආකර්ෂණය ඇලීම ආදරය කියන අවශ්‍යතාවෙ එක උවමනාවක්.
ආකර්ෂණය කියන්නෙ ආදරය කියන වචනෙ උවමනාවක්. අම්ම තාත්ත හෝ නෑදෑයෙක් රිප්ලේස් වීමක් වෙන්නෑ. ඒ එපා වීම නැති කරගන්න තියෙන උවමනාවලට මනුස්සයෙක් මාරු වෙනව. මනුස්සයෙක් විරුද්ධ ලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම හෝ සමලිංගිකයකු සමඟ සෙක්ස් කිරීම ආදරයේ එක උවමනාවක්. සෙක්ස් කියන්නෙ ආදරයෙ උවමනාවක්. එක් පුද්ගලයකු සමඟ විවිධ ලිංගික අත්හදා බැලීම් කාලයත් සමඟ එපා වීම සාමාන්‍යයි.
සම්බන්ධයකින් වෙනත් සම්බන්ධයකට මාරු වීම හෝ අනියම් සම්බන්ධයක ඇසුර හෝ සෙක්ස් කිරීම හෝ දුරකථනයෙන් කතා කිරීම උවමනාවෙ තියන එපා වීම නැති කරනව. උවමනා සියල්ල මනුස්සයාගේ ඩිසයර් එක මත තීරණය වෙනව.
මේ මොහොතෙ මට උවමනා මගෙ හැඟීමක් තව කෙනෙක් එක්ක ෂෙයාර් කරගන්න නම් ඒ හැඟීම ෂෙයාර් කරගන්න පුළුවන් හෝ ඒ හැඟීම කියන පුද්ගලයා ගැන ඒ මොහොතේ තියෙන්නෙ ආදරයක්. මේ මොහොතේ මට ඕනෙ සෙක්ස් කරන්න නම් මට ඕනෙ මගෙ සෙක්ස් ඩිසයර් එක ඉෂ්ට කරගැනීමක්. ඒක ෆෝන් සෙක්ස් වෙන්න පුළුවන්. පෝන් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ලිංගික සහකරු හෝ ගණිකාවක් වෙන්න පුළුවන්. ඒ හැම උවමනාවක්ම ලීඩ් වෙන්නෙ ආදරය කියන අවශ්‍යතාව ඉෂ්ට කරන්න.
Loveena – ලොවීනා

අතීතය කල්පාග්නියේ ගිනියම්ව දැවී ගොස්ය. එබැවින් අතීතය හුදු අතීතයක්ව හමාරය. අනාගතය තවම උදා වී නොමැත. හෙට වෙන දෙයෙහි අයිතිය හෙටට වේ. අදට අයිතිවන්නේ අද වෙන දේ පමණකි. මෙවන් දාර්ශනික චින්තනයකින් සමන්විතව අතීතයෙනුත් අනාගතයෙනුත් වෙන්ව වර්තමානයේ ජීවත් වූ ඇයව අපට හමු වන්නේ ලොවිනා කෘතිය තුළය.
අතීතයේ රජ දවස රාජ උරුමයන් අහිමි වූ රත්නවල්ලි කුමාරිකාවගේ පරම්පරාවෙන් පැවත එන රොඩී කුලයේ දුක්ඛ දෝමනස්සයන් මෙන්ම තවත් එක් මනුෂ්‍යයන් පිරිසක් ලෙස සමාජය නොසැලකීම හේතුවෙන් සිදු වූ අසාධාරණ සමාජ පීඩා එක් පසෙකින්ද පෘතුග්‍රීසි උරුමය ජාතක කර ගනිමින් මෙරටේ ජන්ම ලාභය ලැබූ දස්කොන් මහ අධිකාරම හෙවත් ගැස්කොයින් සහ නරේන්ද්‍රසිංහ රජුගේ බිසෝ තනතුරු ලැබූ මධුරාවේ කුමාරිය ප්‍රමිලා බිසව අතර ඇති වූ ආදර වියෝව තවත් පසෙකින්ද බ්‍රිතාන්‍ය කිරීටයේ අනුහසින් මෙරට ආණ්ඩු කරවූ හමුදා නිලධාරි, තෝමස් මේට්ලන්ඩ් නම් ආණ්ඩුකාරවරයා සහ පෘතුගීසි ජාන සහ සිංහලයේ රොඩී ජාන මුසු කර සොබාදම් මාතාවගේ අපූර්වතම නිමැවුම වූ ලොවීනා නම් තරුණිය අතර ඇති වූ ආදර පුරාණය අනෙක්පසින්ද තබා “පුන්නා” නම් ශක්තිමත් හුයෙන් අමුණා කතුවරයාගේ පරිකල්පනීය ඉද්දෙන් ගෙත්තම් කළ දුෂ්කර ව්‍යායාමයේ සුපුෂ්පිත කුසුම ලොවීනාය. ඓතිහාසික සිදුවීම් කිහිපයක් ඔස්සේ සිතුවිලි දැහැන් ගත කරවමින් දිග හැරෙන ලොවීනා ඓතිහාසික කතාවක වර්තමාන ඵලයය.
ජීව විද්‍යාත්මත්මක වහලෙක් ජීවියෙක් වන මිනිසා තම සිත පතුළටම කිඳා බැස ඇති ජාගර සිතුවිලි තුළ වල් වැදුනු ලිංගිකත්වය සන්තර්පනය කිරීමේ ලාලසාව පෙරදැරි කරගනිමින් සිදු වන ගැහැණියගේ ලිංගික සූරා කෑම අතීතයේ සිට වර්තමානය දක්වාම සිදු වූ හා සිදු වෙමින් පවතින්නක් බවට ලොවීනා අපට දෙස් දෙයි. එසේම ස්ත්‍රිය භාණ්ඩිත තත්වයෙන් ලඝු කර දැක්විය නොහැකි බවත් ඇය මානුෂීය හැඟිම් මඩනාලද්දික් නොවන බවත් ආදරය යනු රතියම නොවන වගත් රතිය යනු ආදරය නොවන වගත් කුලය යනු එක් එක් සමාජ වටපිටාව මත විවිධ වටිනාකම් ජනිත කරන්නක් මෙන්ම විටෙක කිසිදු වැදගැම්මක් නොමැති තත්ත්වයක් බවත් පෙන්නුම් කරයි. සර්බලධාරිත්වය පෙන්නුම් කරන ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් දිගහැරෙන ලොවීනා තුළ අභ්‍යන්තරයේ දිව යන්නේ ගැහැණිය නම් මනුෂ්‍ය දුව අදටත් විවිධ දිශානතිව සිදු කරන පුරුෂ මූලික සමාජයේ ජීවන සංග්‍රාමයයි.
ලොවීනා හි එක් චරිතයක් නිරූපණය කරන සසිරා, උපතින් නොව ජීවත් වීමෙන් කළු සමකට උරුමකම් කීම තම කුලයේ පහත්කමින් ජීවිත කාලයේදී අත්විදි අනේක විද සමාජ දුක් ගැහැට ලෙස ලොවීනාහි සංකල්ප රූප නංවයි නම් සසිරාගේ මරණයෙන් මොහොතකට පෙර ඔහුව පිරිසුදු කර එකී කලුපාට සෝදා හැර උපතෙන් ලද සමේ වර්ණය ඉස්මතු කිරීමෙන් කතුවරයා දක්වන්නේ තමන් ශිෂ්ටාචාර ගත වී ඇතැයි වහසි බස් දොඩවන ඊනියා ශිෂ්ටාචාරගත මිනිසා ගොඩ නගා ගත් කුලය තවත් එක් සංස්කෘතික සහ සමාජ සීමා මායිම් නිර්ණය කිරීමේ සළකුණක් පමණක් වන බවත් මරණය අභියස දී සියලු මිනිසුන් එකම කුලකයක අවයවයන් බවත් නොවේද… එනයින් සිදු විය යුතු පුළුල් සමාජ කතිතාවතක අවශ්‍යතාවත් නොවේද…..
එසේම ජාතියේ අළු මතින් උපත ලැබූ ලොවීනා තම වර්ගයාට නිදහස් සමාජ දිවිපෙවෙතක් උරුම කර දීම දක්වා වූ සිද්ධි සමුදාය ඉදිරිපත් කිරීමේදී කතාකරු උපයෝගී කර ගත් සංකේතාත්මක භාෂාවත් මායා යථාර්ථවාදයත් කතා කලාවේ කතුවරයා සතු බුහුටිබව සහ ප්‍රතිභාව පෙන්වන ජීවමාන සාධකයෝ වෙත්.
එහෙත් ලොවීනා තුළින්, පණ පෙවෙන රොඩී කුලයේ හරස්කඩ ඔස්සේ ගවේෂණාත්මකව සිදු කරන සමාජ විවරණයේදී රොඩී භාෂාවේ යෙදුම් සහිත දෙබස් ඉතා අවම මට්ටමක භාවිතය කතාව පුරාම දැකිය හැකි භාෂාමය දුබලතාවක් ලෙස ගැනිය හැකි වුවත් සමහර විට එකී භාෂා ව්‍යවහාරය යොදා ගැනීමෙන් කතාව පාඨකයා තුළට කිදා බැස්සවීමේ ගැටලු සහගත තත්ත්වයක් කතුවරයා දුටුවේදැයි සැක සිතේ. එසේම අවස්ථා අතලොස්සකදී කුතුවරයා පාඨකයා ඉදිරියේ පෙනී සිට කතාව තුළ තම ආධිපත්‍ය පෙන්වීමක්ද දැකිය හැක.
කෙසේ වෙතත් දස්කොන් හට සිංහලයේ මනා වූ පද සංයෝගයන් සහිතව කවි නිර්මාණය කිරීමට තරම් වෙනත් රටකින් පැමිණි කාන්තාවක් වූ ප්‍රමිලා බිසව සිංහලයේ අවුරුදු කිහිපයක් ජීවත් වී ඉතා කෙටි කලක් ඇතුළත සිංහලය ප්‍රගුණ කරන ලද්දීද…… නැතහොත් වෙනත් අන්තඃපුර ලලනාවක් එකී සාහිත්යික නිර්මාණ සඳහා සහය වන ලද්දීද……
තෝමස් මේට්ලන්ඩ් හට ලොවීනා තම සැලමුතු පෙම පුද කළේද….
මේට්ලන්ඩ් ලංකාව හැර ගිය පසු එකී දුක්ඛප්‍රප්තිය අවසන ලොවීනා තම ජීවිතය මහ සයුරේ රළ අතර සැඟෙවුවාද නැතහොත් ඈ කිසිදු සළකුණක් ඉතිරි නොකර පළා යන ලද්දීද……
වැනි ඉතිහාසගත කතා පුවතේ සැඟවී ගිය අහුකොන් තම පරිකල්පනීය චිත්‍රය තුළ සීමා මායිම් රහිතව විදාරණය කිරීම සඳහා වූ කතුවරයා සතුව ඇති අග්‍රගන්‍ය සාහිත්යික කෞෂල්‍යය ලොවීනා තුළින් පිළිබිඹු වේ.
LOVEමය වැහි බිංදු

රාගය,
ප්‍රේමයෙන් අගුල් දමමින්
සමහරු “නිදාගත්තෙම” හීනවල..
ඒත් බැඳීමක,
සුන්දරම තැන් රැඳුනෙනම්
වල් වැදුනු හැඟීම් වල..
ප්‍රේමය,
පිවිතුරුයිළු, තොරව රාගයෙන්,
අනේ උන් දන්න කෙහෙල්මල..
මැණික,
සිද්ධාර්ථටත් තිබුණා හැඟීම්
නැත්තං කොහෙන්ද රාහුල…
Madaran – මඩරන්

‘මඩරන්’ බ්‍රිතාන්‍යයන් විසින් ගොවි ජනතාව ගෙන් අය කළා වූ අසාධාරණ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරය ද ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීම් ද, ඔවුන් ඉඩම්වලින් නෙරපීම ද, ඝාතනයට හා මරණයට ගොදුරු වූ ආකාරය ද එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී ක්‍රියාපිළිවෙත් ද පෙන්වා දෙන නවකතාවකි.
මෙම නවකතාවේ විශේෂත්වය වන්නේ එය මලිඳා නම් එක් චරිතයක් මත පමණක් පදනම් වී තිබීමයි. සිදුවීම් හා සිද්ධි විස්තර වන්නේ ගැමි ජනතාවගේ සංවාද විලසිනි. මේ සංවාද මගින් ගැමි ජනතාවට ඉතිහාසය නිර්මාණය කිරීමේ සක්‍රීය වැඩ කොටසක් ඉටුකරන බව ද, එය සාමුහික ක්‍රියාවලියක් බව ද, නිලධාරීන්ගේ සටකපටකම් හා රටතොටේ සිදුවන දේ ගැන ඔවුනට මනා අවබෝධයක් තිබූ බව ද පෙන්වයි.
Made in India / මේඩ් ඉන් ඉන්ඩියා

ඒ විෂ්ණු ගැන අපි මුලින්ම අහන්නෙ හින්දු වේදයේදී, තථ්‍ය ලෝකයේ නැතිර පවත්නා ශක්ති ප්‍රවාහයක් හැටියට. විශ්වයම ප්‍රභාස්වර කළ දෙවියකු හැටියට. මේ විෂ්ණු ගැන අපි අහන්නේ, සිංහල කතා කලාව වෙනස් ඉසව්වකට ඇදගෙන යන චුම්බක ශක්ති ප්‍රවානයක් හැටියට. තමන්ගෙ ජීව්තයේ අඳුරු කලාප වලට විලක්කු අවුලලා එබෙන එක, එසේ මෙසේ පුතෙකුට කරන්න පුළුවන් රාජකාරියක් නෙවෙයි. ඒ එබිකම ඒ සා අතිශය පෞද්ගලිකයි. කොදෙව්වේ සංස්කෘතික සීමා, සාහිත්‍ය කිලි තහංචි ගැන. ඒ හැටි වද නොවී සරල, සුගම බස් වහරකින් විෂ්ණු මේ වියමන් කරන්නේ සංචාර ආඛ්‍යායනයක් ම නෙවෙයි. ඔහුම කියන විදියට රස්තියාදු මතක සංචිතයක්. විෂ්ණුගේ විචිත්‍රවත් කතා ගඟුල වරෙක තාණ්ඩව වේශයෙනුත් තවත් වරෙක ලාස්‍යයවත් ගලාගෙන යනවා.
ඒ විෂ්ණු නපුර, අනිෂ්ටය, වියවුල, අනර්ථය එළඹෙන යාමයට දස අවතාරයකට රූපාන්තරණය වෙලා, ලෝකයාට සෙන සලසනවා වගේම මේ විෂ්ණු MADE in INDIA හරහා සිංහල කතා කලාවේ දෝස නිවාරණය කරනවා කියල අපි ලියන්නෙ අතිශයෝක්තියකින් නෙවෙයි. ඒ විෂ්ණු දෙවියෙක් වුණා වගේම, මේ ලියන නිර්භය සෝපහාසී ලතාව නිසාම මේ විෂ්ණු කියන්නෙත් එක්තරා ආකාරයක අවතාරයක් ම වෙන්න ඇති කියලයි අපට හිතෙන්නෙ.