Showing 265–288 of 1347 results
Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Shop
Peppermint | පෙපර් මින්ට් – Daily Love Dose

Daily Love Dose
මෙහි ඇති පරිවර්තිත සටහන් ද, මා විසින් ලියූ මගේම හදවතේ හැඟීම් ද යන සියල්ල ජීවිතයේ අඳුරුතම සෘතුවක වෙසෙන, නැවත ජීවිතයේ ආලෝකයක් සොයා ගැනීම උදෙසා vitamin, pain killers, antibiotic සහ energy boosters අවැසි සියල්ලන් වෙනුවෙනි.
Peppermint – Thought Notes
Pera Bhawayedi da Pem Kalemi | පෙර භවයේදී ද පෙම් කළෙමි

The Black Panther
Barbara Cartland
පෙර භවයේදී ද පෙම් කළෙමි
පරිවර්තනය එල් එස් එස් පතිරත්න
ග්වෙන්ඩොලින් ෂයක් ආර්යාව සර් ෆිලිප් චැලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි.
යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කීපයක් ඇතුළත සිදු වූ සර් ෆිලිප්ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොට්රින්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද?
මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්තරය තුළින් සොයාගත හැකිය.
Peralu Nawum Pasa I – පෙරළූ නැවුම් පස I

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.”
”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය.
”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?”
”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?”
”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …”
”සහෝදරයා කසාද බැඳලද?”
”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.”
” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
Peralu Nawum Pasa II – පෙරළූ නැවුම් පස II

නින්ද යනවාත් සමගම ඔහුගේ ගති ගුණවලට එකඟව ඔහු තෘප්තියෙන් සිනාසුණේය.සොම්නසින් ඇස් කරකවා බලා නින්ද නමැති මීදුම්පටලය තුළින් කල්පණා කරන්නට විය.අද දුබ්ත්සොව්ගේ වාඩියේ කෑමට අළුත් බැටළු මස් තියෙන්න ඕනෑ. ඒ බව මගේ ඇටවලට දැනෙනවා.මට එකපාර මස් රාත්තල් හතරක් කන්න බැහැ. වැඩියි. රාත්තල් හතරක් කන්න පුළුවන් කිව්වෙ කල්පණා කරල නොවෙයි.අදහස් ප්‍රකාශ කරන්න ඉක්මන් උනා වැඩියි.රාත්තල් තුන හමාරක් නම් වැඩි නැහැ. ඇස් පිය ගහන්නෙ නැතිව කන්න පුළුවනි.මස් මේසයට ඇරල තිබුණොත් වරදින්නෙ නැහැ.ඒක කොහොම හරි සීයගෙ කටට යනව. ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ.
Piyasi Kawuluva – පියැසි කවුළුව

“මම මේ විදිහට ජීවත් වෙන්නෙ මම ඒකට කැමති නිසා. මම මෙහෙම ජීවත් වෙන්නෙ වෙනත් විදිහකට මම ජීවත් වෙන්න අකමැති නිසා. අනිත් මිනිස්සු ජීවිතය කියලා තේරුම් ගන්න දේ ගැන මට කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ. මට උගුලකට අහුවෙන්න ඕන නැහැ. ජීවිතය කියන්නේ අඬුබඬු මහ ගොන්නක් තියෙන බූවල්ලෙක්. ඌට මිනිහෙක්ව හිර කර ගන්න ඕනෑ වෙන්නේ ඒ අඬුබඬුවලින් එකක් විතරයි. මාව හිර වෙන්නයි හදන්නෙ කියලා දැනුණ මුල් අවස්ථාවෙම මම ඒ අඬු කපලා දානවා. සමහර වෙලාවට ඒක හරිම වේදනාකාරියි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔබට මම කියන දේ තේරෙනවද?”
පියැසි කවුළුව- Skylight ( පිටුව113)
ජොසේ සරමාගෝ
පරිවර්තනය – සුභාෂිනී චතුරිකා
Piyasi kawuluwa – පියැසි කවුළුව

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද, උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.
Piyen Piyawara Nagen Mudunata – පියෙන් පියවර නැගෙන් මුදුනට

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
Politics, Debates and Discourses of State Reform in Sri Lanka

Prabhakaran Parajaya Kirima | ප්රභාකරන් පරාජය කිරීම

Prajathanthrawadaya Kumakda? Kageda? Ka sadahada? Kumatada? ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සදහාද? කුමටද?

Purusha Shakthiya Wardhana Widhi | පුරුෂ ශක්තිය වරධන විධි

Raajya Prathisanskarana Monawada? Kumatada? Katada? – රාජ්‍යය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.
මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.
රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©
Rajina – රැජිණ

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.
Ran Pihatu | රන් පිහාටු

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Ran Rosa – රන් රෝස

ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.
Rasakatha Wooden Alphabet enghlish Tracing Board.

Rasakatha Wooden Alphabet sinhala Tracing Board.

