Showing 265–288 of 1295 results

Super Reader Week Sale
📚 Super Book Readers Weekly Sale Alert! 🚀 Immerse yourself in a world of literary treasures at [YourWebsite.com]. 🌈 Uncover thrilling stories, heartwarming tales, and more, all at irresistible prices! 🎉 Don't miss out—explore now and let the reading adventures begin!
Price
Shop
Piyasi Kawuluva – පියැසි කවුළුව

“මම මේ විදිහට ජීවත් වෙන්නෙ මම ඒකට කැමති නිසා. මම මෙහෙම ජීවත් වෙන්නෙ වෙනත් විදිහකට මම ජීවත් වෙන්න අකමැති නිසා. අනිත් මිනිස්සු ජීවිතය කියලා තේරුම් ගන්න දේ ගැන මට කිසිම වටිනාකමක් දැනෙන්නෙ නැහැ. මට උගුලකට අහුවෙන්න ඕන නැහැ. ජීවිතය කියන්නේ අඬුබඬු මහ ගොන්නක් තියෙන බූවල්ලෙක්. ඌට මිනිහෙක්ව හිර කර ගන්න ඕනෑ වෙන්නේ ඒ අඬුබඬුවලින් එකක් විතරයි. මාව හිර වෙන්නයි හදන්නෙ කියලා දැනුණ මුල් අවස්ථාවෙම මම ඒ අඬු කපලා දානවා. සමහර වෙලාවට ඒක හරිම වේදනාකාරියි. ඒත් වෙන කරන්න දෙයක් නැහැ. ඔබට මම කියන දේ තේරෙනවද?”
පියැසි කවුළුව- Skylight ( පිටුව113)
ජොසේ සරමාගෝ
පරිවර්තනය – සුභාෂිනී චතුරිකා
Piyasi kawuluwa – පියැසි කවුළුව

2011 ස්වර්ණ පුස්තක සහ ගොඩගේ සාහිත්‍ය සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත වූ 2011 වසරේ විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන්පිදුම් ලැබූ නවකතාවකි. ශෝකාකූල වූ ද, හාස්‍යජනක වූ ද, උත්ප්‍රාසාත්මක වූ ද, විකාරරූපී වූ ද පරිකල්පනාත්මක යුගයක්වෙත අති සංවාදී මාවතක් ඔස්සේ ගමන් කරන වින්ටර් නමැති අපූර්ව පුද්ගලයකුගේ අසම්පූර්ණ චරිතාපදානයයි.
Piyen Piyawara Nagen Mudunata – පියෙන් පියවර නැගෙන් මුදුනට

සුප්‍රකට ලේඛක රොබින් ෂර්මාගේ The Greatness Guide – 2 කෘතියේ සිංහල පරිවර්තනයයි. මන බඳින සාර්ථකත්වයක් නිර්මාණය කර ගැනීමට, ජීවිතයේ සතුට විනෝදය උදාකර ගැනීමට, දුෂ්කර අවස්ථාවන්ට දිරිමත්ව මුහුණදීමට මෙම ග්‍රන්ථයෙන් ලැබෙන පිටුබලය ඉමහත්ය.
Politics, Debates and Discourses of State Reform in Sri Lanka

Prabhakaran Parajaya Kirima | ප්රභාකරන් පරාජය කිරීම

Prajathanthrawadaya Kumakda? Kageda? Ka sadahada? Kumatada? ප්රජාතන්ත්රවාදය කුමක්ද? කාගේද? කා සදහාද? කුමටද?

Purusha Shakthiya Wardhana Widhi | පුරුෂ ශක්තිය වරධන විධි

Raajya Prathisanskarana Monawada? Kumatada? Katada? – රාජ්‍යය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.
මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.
රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©
Rajina – රැජිණ

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.
Ran Pihatu | රන් පිහාටු

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Ran Rosa – රන් රෝස

ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.
Rasakatha Wooden Alphabet enghlish Tracing Board.

Rasakatha Wooden Alphabet sinhala Tracing Board.

ROAD TO SUCCESS | දියුණුවේ මාවත

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්‍රහ කරයි.
ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි.
මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්‍රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.
මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.
Roshan Mahanama – Mage inima රොෂාන් මහානාම මගේ ඉනිම

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.
සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.
මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.
Sadam samaga ma parisula | සදාම් සමඟ මා පාරිසුලා

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජිවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරු බුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරිමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.