Showing 313–336 of 1412 results
Shop
Premaya Saha Thawath Yakku|ප්‍රේමය සහ තවත් යක්කු. ගබ්‍රියෙල් ගාෂියා මාර්කේස්
රු250.00
ප්‍රභූ පවුලක උපත ලද අසමාන ඇවතුම් පැවතුම් ඇති දැරියක අනපේක්ෂිත ව්‍යසනයකට ගොදුරුවීම නිසා ස්වකීය ජීවිත ඉරණම දෙමව්පියන් විසින් ද සමාජයේ ආගමික හා සෙසු බල ආයතන විසින් ද අවසාන ප්‍රේමයේ මායාව විසින් ද විසඳා දෙන ආකාරය හද ප්‍රලය කරන පුවතක් ලෙස කතාවට නැගෙන “ප්‍රේමය සහ තවත් යක්කු” උපහාසය මෙන්ම සමාජ විචාරය ද මතු කෙරෙන නවකතාවක් ලෙස නම් කළ හැකිය. විචාරකයෝ මෙම නවකතාව ක්ෂුද්‍ර කතා පුවතක් ආශ්‍රය කරගත් සමාජය විනිවිදින මහා ශරීරයක් ඇති ප්‍රබන්ධයක් සේ හඳුන්වති
Purusha Shakthiya Wardhana Widhi | පුරුෂ ශක්තිය වරධන විධි

Raajya Prathisanskarana Monawada? Kumatada? Katada? – රාජ්‍යය ප්‍රතිසංස්කරණ මොනවාද? කුමටද? කාටද?

Rahasinwath love nokala seka | රහසින්වත් Love නොකළ සේක

අනේ මන්දා දැන් මට හිතෙනවා ‘ඔයාව මට මදියි’ කියලා. මට තේරෙන්නෙ නැත්තෙ මට ඔයාව මදියි කියලා දැනෙන්නෙ ඇයි කියලා. වෙලාවකට මට ඔහොම හිතුණම, මම කරන්නේ ඔයාව සීමාවක් නැතුව කිස් කරන එක. මම ආසයි එහෙම අසීමිතව ඔයාව කිස් කරන්න. එහෙම වෙලාවට මට හිතෙනවා ‘මට ඔයාව මදි නෑ’ කියලා. ආපහු කිස් කරලා ඉවර වුණාම ආයෙත් ‘මට ඔයාව මදි’ වෙනවා.
මම දන්නවා ඔයානම් කැමති, මට හැමවෙලාවකම ‘ඔයාව මදි’ කියලා හිතෙනවට කියලා. මොනා කරන්නද.. අපි බලමු ඔයාව මට ඇතිවෙන්නෙ කවදද කියලා. ඇත්තමයි මම නම් ආස ඔයාව මට තව තව මදි වෙනවනම්.
රහසින්වත් Love නොකළ සේක | දේශාන් සේනාරත්න©
Rajina – රැජිණ

ඈ බොල නාකිච්චියේ…මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!’
හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුසලානයද දරාගෙන දොරෙන් කුටිය ඇතුලට එන ගමන් ඇගේ නිදිමත බේරෙන මූන දෙස බලා ඔහු මේ සෙල්ලම ආරම්භ කරන්නේ එසේය.
ඒ ආරම්භක දෙබසින් ඉක්බිතිව ඇය වැද නමස්කාර කර ඔහු පිලිගත යුතුය.ඔහු වෙනුවෙන් තම කුටියේ විශේශයෙන් සකස්කල ආසනය වෙත ඔහු කැදවාගෙන එහි ආසන පැනවිය යුතුය.ඊලගට,’දැන් ගලවපන් ඇදුම්’ යැයි ඔහු මුරගාන විට සියලු සලුපිලි ආභරන මුදාහැර නිරුවත් විය යුතුය.
Ran Pihatu | රන් පිහාටු

ළමා මනස හඳුනාගත් ඇයටම පොතක් ආවේණික වූ චිත්‍ර කලාවකින් කුඩා දරුවන්ගේ සදාතනික වීරවරිය බවට පත්වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ ළමා කතා එකතුව
Ran Rosa – රන් රෝස

ප්‍රවීණ සෝවියට් ලේඛක කොන්සතන්තීන් පවුස්තොව්ස්කි ‘රන් රෝස’ නම් වූ මේ කෘතිය නිර්මාණ ලෝකයේ සෑම මූලික අංක ප්‍රත්‍යංගයක් ගැනම පාහේ සාකච්ඡා කරයි. අත්දැකීම් ලබා ගන්නා ආකාරය, නිර්මාණාවේශය, චරිත ගොඩනැංවීම, නිර්මාණකරණයෙනහිලා භාෂාව හැසිරවීම, පරිකල්පනය හා අන්තර්ගතයට අනුරූපීව ආකෘතිය හැඩගැස්වීම ආදී හැම වැදගත් ලක්ෂණයක්ම මේ විස්තර වෙයි. පවුස්තොව්ස්කි මේ සියලු ගුණාංග විස්තර කරනුයේ පාඨකයා වෙත ඉතා රමණීය කතා පුවතක් ඉදිරිපත් කරන ආකාරයෙනි. කතුවරයා පාඨක අත සුහදව ගෙන, මග දෙපස අනේකවිධ වූ සුන්දර දැකුම් ඔහු වෙත දක්වමින්, එකේ සුන්දරත්වයත්වයෙන් ඔහු වශී කරවමින්, පාඨක බුද්ධිය නොපාරා ඔහු හදවත අමතමින්, නිර්මාණ ලෝකයෙහි ඇති සියලුම මං පෙත් ඔස්සේ ආශ්වාදජනක වූ ද දීර්ඝ වූ ද ගමනක යෙදෙයි.
Rasakatha Wooden Alphabet enghlish Tracing Board.

Rasakatha Wooden Alphabet sinhala Tracing Board.

ROAD TO SUCCESS | දියුණුවේ මාවත

මනුෂ්‍යයෙකුගේ සාර්ථකත්වය යනු කුමක්ද? එය අත්කර ගත හැක්කේ කෙසේද? සතුට සාර්ථකත්වයේ ලකුණක් නොවන්නේ ද ? යන කාරණා ගැන මෙම ග්‍රන්ථය කරුණු විග්‍රහ කරයි.
ජීවිතයේ අරමුණු, ආත්ම විශ්වාසය, ආරම්භක ක්‍රියාකාරීත්වය, පරිකල්පනය, උනන්දුව, ආත්ම සංයමය, පෞරුෂය හා තවත් බොහෝ කාරණා පිළිබඳව මෙම ග්‍රන්ථය කරුණු කාරණා ඉදිරිපත් කරයි.
මෙහි ඇති විශේෂ ලක්ෂණය වනුයේ මෙහි විග්‍රහයට භාජනය වන සෑම මාතෘකාවක්ම පැහැදිලි කිරීම සඳහා කතුවරයාගේ ජීවිතයේ අත්දැකීම් ඉදිරිපත් කිරීම හා ඔහු තම රටේ විශේෂ පුද්ගලයන් හමුවී ලබාගත් සත්‍ය තොරතුරු ඇතුළත් කිරීමය.
මොහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ කම්කරුවෙකු වශයෙන් වැඩ කල ගල් අඟුරු පතලේ වැඩිහිටි කම්කරුවෙකු මොහු ගැන කී අනාවැකියකි.
Roshan Mahanama – Mage inima රොෂාන් මහානාම මගේ ඉනිම

Sabhyathwa Rajya | සභ්‍යත්ව රාජ්‍ය

නූතන විද්වතුන් අතර ගැඹුරු හා පුළුල් සංවාදයට ලක්වූ මාතෘකාවක් වන ‘ සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය පිළිබඳ නවතම විවරණයක් මෙම කෘතියේ අඩංගු වේ.
සහාත්ව රාජ්‍ය ආදී බෞද්ධ ආණ්ඩුක්‍රම සංකල්පයක්ය යන වඩාත්ම නවත මතයක් මෙම කෘතිය තුළින් එහි කතුවර බන්දුපාල ගුරුගේ මහතා ඉදිරිපත් කරයි.
ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකාව තුළදී සභ්‍යත්ව රාජ්‍ය සංකල්පය කරළියට රැගෙන ආවේ ආචාර්ය ගුණදාස අමරසේකරයන් විසිනි. ඉන් අනතුරුව මෙම සංකල්පය සඳහා බිහි වූ වඩාත්ම විචාරාත්මක කෘතිය මෙය වේ.
මනුෂ්‍යයාගේ මනස කෙළවරක් නැති ධන තෘෂ්ණාවෙන් අවුල්කර අහේතුකව ඔවුනොවුන් මරා ගන්නා ශෝකාන්තය කෙළවර කර ගැනීමේ මග පැදි ඇත්තේ, සිය සභ්‍යත්ව රාජ්‍යය තුළිනැයි යන මතය කතුවරයා විසින් වඩාත් විද්‍යාත්මක හා දාර්ශනික පසු බිමක් සහිතව පුළුල් විමසුමකට හසු කරයි.
Sadam samaga ma parisula | සදාම් සමඟ මා පාරිසුලා

ජිනාගේ නිවසට මා කැඳවූයේ හරුට්ගේ පෙලඹවීමක් අනුව බව මා තේරුම් ගත්තේ පසුවය. හරුට්ගේ ගනුදෙනුකරුවන් වූයේ බැග්ඩෑඩ්හි ඉහළ පංතියට අයත් ප්‍රභූවරුන් ය. සදාම් හුසේන් සුඛෝපභෝගී ජිවිතය ප්‍රිය කළ, තරුණ කෙල්ලන් කෙරේ නොසන්සිඳෙන ආශාවකින් පෙළෙන අයෙකු බව හරුට් දැන සිටියේ ය. සමහර විට මා වැනි හුරු බුහුටි කෙල්ලන් ඔහුට සොයා දීම හරුට්ට පැවරී තිබුණා විය හැක. ඉරාකය ඉතා ඉක්මනින් යකඩ ග්‍රහණයකට මැදි කර ගන්නා බලගතු මිනිසා ඇසුරු කිරිමෙන් ලෝකයේ සියලු ප්‍රතිලාභ අයත් කරගත හැකි බව ඔහු දැන සිටියේ ය. එම රාත්‍රියේ හරුට්ගෙන් සදාම් හුසේන්ට ලැබුණු තෑග්ග මා ය.
Sagara Jalaya Madi Handuwa – සාගර ජලය මඳි හැඬුවා ඔබසන්දා

Sake Suwanda | සකේ සුවඳ

THE SCENT OF SAKE Joyce Lebra
සකේ සුවඳ පරිවර්තනය
මානෙල් ජයන්ති ගුණසේකර
ගැහැණියට පා තැබීමට තහංචි පැනවූ
ලෝකයක් ජයගන්න නිහඬ අරගලයක යෙදුණු
එඩිතර ගැහැනියකගේ කතාව.
“ගැහැනියක් පෙරුම්හලේ දොරෙන් ඇතුළට පා තැබුවොත් සකේ ඇඹුල් වෙන බවට පැරණි විස්වාසයක් තියෙනවා.”
“පිරිමියෙක්ට පුළුවනි අනියම් බිරියක් තබා ගන්න. ශේෂාවක් ලවා දරුවෙක් වුණත් හදා ගන්න. ඒ දරුවා පවුලේ උරුමකාරයා හැටියට නම් කරමින් ගෙදරට ගේන්න. නමුත් ගැහැනියක් අනියම් ඇසුරකට යොමු වුණොත් ඇයට ලැබෙන දඬුවම මරණය විය හැකියි.”
“ඒ තමයි සම්ප්‍රදාය රියේ….”
Samaja Dathiroda Thanana Mahajana Wyaparaya | සමාජ දැතිරෝද තනන මහජන ව්‍යාපාරය

Samaja Nayaya saha Bhavithaya – Jathika Chinthanaye Ganadura – සමාජ න්‍යාය සහ භාවිතය – ජාතික චින්තනයේ ගණදුර

Samajaye Api Okkoma Samanai – සමාජයේ අපි ඔක්කොම සමානයි

