Showing 817–840 of 1432 results

Shop

පර්සෝනා | Parsona

රු1,062.00
or 3 X රු354.00 with

විලාසිතා ලෝකය තිර පසුබිම කරගෙන ලියවුන නවකතාවක්. චෙස් ක්‍රීඩාව ද, නොසැලෙන අරමුණක් වෙනුවෙන් ගමන් කරණා කානත්වක් ද වෙළඳ නාමයක්ද වටා ගෙතුනු සිතුවමකි.

පාතාල ලෝකයේ නීතිය | Pathala Lokaye Nithiya

රු425.00
or 3 X රු141.67 with

එක් චෞරයකු බිත්තියට තබා මුළු සිරුර පුරාම පරාල ඇණ ගසා වල්ලා තිබුණේය. ඔහුගේ මුහුණ සහ දෙනෙත් දුම්වැටි වලින් පුළුස්සා තිබූ අතර ශරීරයේ සෑම තැනම මුවහත් පිහියකින් තීරු තීරු ඉරි ඇඳ කපා දමා තිබිණි. ඔහු මිය ගොස් තිබුණේ අධික ලෙස ලේ වහනය වීමෙනි.

මිනිත්තු කිහිපයක් තුළ සිදු කළ ඒ මහා පරිමාණයේ කැසිනෝ මංකොල්ලයට චෞරයන් සිව් දෙනෙකු සහභාගි වූහ. හොර සංවිධානයේ නායක ෂේන් ලක්‍ෂ ගණනක මුදල් පිරවූ සම් බෑග් දෙකක් රැගෙන තමා බලාපොරොත්තුව සිටි පෙම්වතිය වෙත ගියේය.

බිහිසුණු අදිසි මිනීමරුවන් දෙදෙනකු මංකොල්ලයට සහභාගි වූ චෞරයන් එකිනෙකා ඝාතනය කිරීමට පටන් ගත් අතර, අවසානයේ ඉතිරි වූයේ ෂේන් පමණි.

ෂේන් ඉතා ශක්තිමත් සිරුරක් සහ දෙනෙතේ තියුණු බැල්මක් ඇති අතිදක්ෂ චෞරයෙකි. අපි මදුරුවකු මරා දමන්නාක් මෙන් මිනිසකු මරා දැමීම ඔහුට ඉතා ලෙහෙසි පහසු කාර්යයකි. ඔහු අතිශයින් බිහිසුණු මිනිසකු බව ඔහු ලුහුබැඳ ආ මිනීමරුවන් දෙදෙනා සිහිනෙකින් හෝ දැන නොසිටියහ.

පාතාලයෝ | Pathalayo

රු720.00
or 3 X රු240.00 with
නීතියේ සහ නීතිය ක්‍රියාත්මක කරවන අයගේ නොයෙකුත් අඩු ලුහුඬුකම් හේතුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය යම් ආකාරයක තර්ජනයකට ලක්වී ඇත. මත් කුඩු ජාවාරම්, සංවිධානාත්මක අපරාධ, කප්පම් ගැනීම් සහ ඉඩම් කොල්ල ආදිය මෙහිදී ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අද පැහැදිලි සත්‍යයක් වී ඇත. මේ සියල්ල සිදුවන්නේ විවිධ පාතාල කල්ලිවල නායකයන්ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අභිමතය පරිදිය.
සමාජයේ ජීවත් වන සාමාන්‍ය පුරවැසියෙකු පාතාලයෙකු බවට පත්වීම්, පාතාලයේ රජෙකු වීම සහ ඔහුගේම රාජධානියක් ඇතිකිරීමත්. අවසානයේදී තවත් පාතාලයෙකු අතින් ඔහුගේ ඉරණම විසදීමත්, රාජධානිය බිඳවැටීමෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවරුන් මුහුණපාන ශෝචනීය තත්වයනුත් මෙහිදි අන්තර්ගතව ඇත.
සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කොට ගෙන ලියා ඇති මෙම නව කථාව කියවන සියලුම පාඨකයින්ට පාතාලයේ ක්‍රියාකාරකම් ගැනත්, ඔවුන් සියලු දෙනාටම අත්වන අවාසනාවන්ත ඉරණම ගැනත් යම් ආකාරයක දැනුමක් ලබා ගැනීමට මෙම ග්‍රන්ථය උපකාරි වනු ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය / Parlimenthu manthriwarunge karyabaraya

රු427.50
or 3 X රු142.50 with

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී ඇති පසුබිම තුළ කතුවරයා විසින් මෙම කෘතිය සම්පාදනයට යොමුවීම ප්‍රශංසනීය වේ. මැතිවරණයට ඉදිරි පත් වීමේ දී මන්ත්‍රීධුර අපේක්ෂකයෙකුට තිබිය යුතු සුදුසුකම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ කාර්යභාරය, පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල පිළිබඳව කෘතිය තුළ සඳහන් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විද්‍යාව හදාරන සිසු සිසුවියන්ගේ දැනුම, අවබෝධය පුළුල් කිරීමට මෙම කෘතිය ඉවහල් වේ. එසේම දේශ පාලනය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පුරවැසියන්ට ද ප්‍රයෝජනවත් වන කෘතියකි. මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සහ කාර්යභාරය සෝදා පාළු වන අවධියක මෙම කෘතියෙන් ඉදිරිපත් කරන කරුණු පිළිබඳ දැනගැනීම ප්‍රයෝජනවත්ය.

මෙහි කතුවරයා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් ලබා ඇති අතුල ප්‍රේමරත්න කෘතීන් කිහිපයක කතුවරයෙකි

පාස්කු කොමිෂන් වාර්තාව හා අපරාධකරුවන් වසන් කිරීම | Pasku koimishan warthawa ha aparadakaruwan wasan kireema

රු1,620.00
or 3 X රු540.00 with

මාරාන්තික වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අබිරහස කාලයේ වැලිතලා මඟින් වැසි යාමට ඉඩ දිය යුතුද? පොස්තු කොමිෂන් වාර්තා වලින් වැඩි කොටසක් දියවන්නා පාර්ලිමේන්තු දූපතට යා හැකි උදවියට සීමා වී ඇත. මේ වාර්තාව පවා කියවීමට අවසර තිබුණේ මහජන ඡන්දයෙන් දූපතට යා හැකි මංත්‍රීවරුන්ට පමණි. අපි ඒ වාර්තාව ජනගත කිරීමේ අභියෝගය බාරගත්තෙමු. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සැඟවී සිටින අපරාධකරුවන් සොයා යන ගමනේ එක් පියවරක් හැටියට ය. ඒ වෙනුවෙන් අපි තව බොහෝ ගවේෂණ කරමින් සිටිමු. ඒවා නුදුරු අනාගතයේදී ඔබ අතට පත් කරන්නෙමු. එතෙක් ඔබ යාවත්කාලීන වන්නට මේ වාර්තාව හා එයට ලියා ඇති හැඳින්වීම ලැදිව හදාරන මෙන් යුක්තිය පතන සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු. සත්‍යය වසන් කළ හැක්කේ කෙටි කලකටය. එය සදාකාලිකවම වසන් කළ නොහැකි බව අපරාධ කරුවන් මෙන්ම බලධාරීන් ද අවබෝධ කර ගත යුතුය.

පාළු දූපත | Palu Duupatha

රු540.00
or 3 X රු180.00 with

යොවුන් වියේ වීරත්වය

ත්‍රාසය හා කුතුහලය කැටි වූ

අපූර්ව නවකතාවක රසය

යොවුන් මනසට කැටුව එන මෙය

සාහිත්‍ය යෙන් විද්‍යා දැනුම සපයන

අපූර්ව නිර්මාණයකි.

පිදුරැ ගහේ විප්ලවය | Piduru Gahe Wiplavaya

රු432.00
or 3 X රු144.00 with

මෙම ග්‍රන්ථය ගොවිතැන ගැන පමණක් ලියවුණු එකක් ලෙස ගෙන බලන පාඨකයන් පුදුමයට පත් කරන්නේ ආහාරය, සෞඛ්‍යය, සමාජ හර පද්ධතීන්, මිනිස් දැනුමේ සීමාවන් යන විවිධ මාතෘකා ඇතුළත් වන බව දුටු විට ය. දාර්ශනික ග්‍රන්ථයක් ලෙස සිතා ග්‍රන්ථය කියවන අය පුදුමයට පත් වන්නේ, ජපන් ගොවිපලක වී, ශීත කාලයේ ධාන්‍ය, පැඟිරි සහිත පළතුරු ඇතුළත් වන ආකාරය දුටු විට ය. එක් ග්‍රන්ථයක එක් විශේෂිත දෙයක් පමණක් ඇතුළත් විය යුතුය යන අපගේ සාම්ප්‍රදායික අපේක්ෂාව නිසාම “පිදුරු ගහේ විප්ලවය” වැනි ග්‍රන්ථයක අගය කැපී පෙනේ. මෙම ග්‍රන්ථය වැදගත් වන්නේ, එය එක්වරම ප්‍රායෝගික හා දාර්ශනික වන නිසා ය. එය ගොවිතැන ගැන අමුතු උනන්දුවක් ඇති කරවන ග්‍රන්ථයක් වන්නේ එය ගොවිතැන ගැන පමණක් ලියවුණු ග්‍රන්ථයක් නොවන නිසා ය.

පින්තූර කතා | Pinthura Katha

රු1,487.50
or 3 X රු495.83 with

රුසියානු සුරංගනා කතා

පියාසර සමය | Piyasara Samaya

රු1,575.00
or 3 X රු525.00 with

තොමෝම දල්වාගත් කුඩා පහනක් අතැතිව සැඩ කුණාටු මැදින් පවා සිල නොනිවාගෙන ඒ දිගු ගමන ගොස් පැතූ පූජාසනය මත ඇය ආලෝක පූජාව පැවැත්වූවාය.

පරමාදර්ශයන් සමග ජීවිතයේ අරුත් ගොනු කළ ඔහුට අනියත ජීවන මංසලකදී අහම්බ සිලිලාරයක පහස මුණගැසිණි.

එයින් ඔහුගේ මුල් ජීවන අරුත් සසල වී ද?

පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි | Piyedra Gagabada Hida Mama Walapunemi

රු810.00
or 3 X රු270.00 with

පිලාර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුළු, ගිරි දුර්ග හා මංමාවත් පසු කරමින් සොඳුරු මිටියාවතකට පිවිසෙන්නීය. ළමා වියේ පටන් නොවෙනස් වූ ආදරයක් ද සමගින් ඈ හා සිටී. සොරියාවේ තණබිමිවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිළිබඳ සිහින දුටු, කිසි තැනෙක නම සඳහන් නොවූ ඇගේ මිතුරා ඈ කැටිව යයි. විටෙක මග හැරී ගිය ද යළි යළිත් ඔවුහු ඔවුනොවුන් සොයා ගැනීමේ අසිරිය අත් විඳිති. කොයියෝගේ මේ කෘතිය පිලාර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබඳ කතාන්දරයි. එය තමන්ගේ සිහින, බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි.

පිරිපුන් ජීවිතයකට | Piripun Jeewithayakata

රු1,020.00
or 3 X රු340.00 with

මේ මිහිතලය මත මානවයන්ට අවැසි හැමදේම ඇත. සුවපහසු ජීවිතයකට අවැසි හැමදේම, මේ වනවිටත් නිපදවා ඇත. ඒ සියල්ල නිපදවන්නේ ඔබ සඳහාය. අති සාර්ථක ලෙස ආකර්ශන නීතියෙන් පල ප්‍රයෝජන ගත් පුද්ගල අත්දැකීම් ද මෙහි රුවා ඇත. ආකර්ශන නීතිය උපයෝගී කරගනිමින් සිය අභියෝග ජය ගත් අන්දම, අරගල, දුක් පීඩා, කම්කටොළු තුළින් ඉහළටම පැමිණෙන අයුරු ඔබට ඉගෙන ගත හැකිය.

ආකර්ශනීය නීතිය ඔබට සීමා මායිම් නොදමයි. ඉඳින්, ඔබේ සිතුවිලි සහ විශ්වාසයන්ට සීමා මායිම් නොතකනන්න, ඔබේ හෘදයාංගම ආශාවන්ට නිදහසේ, ඔන්න ඔහේ ගලා යන්නට ඉඩ දෙන්න. නිතරම ආකර්ෂණ නීතිය ගැන සර්වඥානක වන්න සිහියෙන් ඉන්න. එය වැඩ කරනු ඇත. සරලව, ඔබ, ඔබේ ප්‍රගමනය සඳහා එය යොදාගනු ඇත.

සිහින මවන්න – ලොකු සිහින මවන්න !

පිරිමි හිත් | Pirimi Hith

රු441.00
or 3 X රු147.00 with

කවිය පළමුව අපූර්ව විය යුතුය. තම සංවේදනාවන් රසිකයා සහානුභූතියට පත් වන ලෙස අපූර්ව ලෙස ඉදිරිපත් විය යුතුය. එසේම එම අපූර්වත්වය අනුභූතිය වසා නැගී සිටින ලෙස, සංවේදීතාව ඕලාරික අනුවේදනියත්වයක් හෝ භාවාතිෂයත්වයක් නොවනා ලෙසින් සංයතව, සංගතව ඉදිරිපත් විය යුතුය. අර්ථ, ශබ්ද, රූප රසයක් ඉස්මතු වන සේ සංකල්ප රූපිකව ඉදිරිපත් කිරීමද එසේම අවියෝජනීය වන්නේය.

අකලංකගේ ‘පිරිමි හිත් මෙම ලක්ෂණ ඔහුටම ආවේණික සියත් බවකින්, අල්පෝක්තික බවකින් යුතුව අනු දකිමින් ලියවුණු කවි එකතුවකි. විද්‍යාවේ වියලි, රූක්ෂ, ගාඩ පාරිභාෂික යෙදුම් හා සංකල්ප ඔහු කාව්‍ය සංකල්ප බවට පත් කරනා ආකාරය, රූපිකයන් බවට පත් කරන ආකාරය අපූරුය.

කේ. කේ. සමන් කුමාර

පිරිමින් බිරිඳට කියන බොරු / Twelve Lies Husbands Tell Their wives

රු855.00
or 3 X රු285.00 with

සෑම සැමියෙකුම පාහේ තම රැකියාව, කාර්ය බහුලත්වය, හැසිරීම සහ පුරුදු සම්බන්ධයෙන් පවසන සියල්ල තුළ වූ ව්‍යාජ සහගත බව මෙම ග්‍රන්ථයෙන් ඔබට හෙළි කෙරේ. ඒවා ගැන සිතද්දී අඹු සැමියන් වූ ඔබ, පුදුම සිතනු නොඅනුමානය. මන්ද මෙහි එන සෑම මාතෘකාවක්ම ඔබේ ජීවිතය තුළදී සිදුවේ

පිරිමින් බිරිඳට කියන බොරු | Pirimin Biridata Kiyana Boru

රු855.00
or 3 X රු285.00 with

සෑම සැමියෙකුම පාහේ තම රැකියාව, කාර්ය බහුලත්වය, හැසිරීම සහ පුරුදු සම්බන්ධයෙන් පවසන සියල්ල තුළ වූ ව්‍යාජ සහගත බව මෙම ග්‍රන්ථයෙන් ඔබට හෙළි කෙරේ. ඒවා ගැන සිතද්දී අඹු සැමියන් වූ ඔබ, පුදුම සිතනු නොඅනුමානය. මන්ද මෙහි එන සෑම මාතෘකාවක්ම ඔබේ ජීවිතය තුළදී සිදුවේ.

පිෆ්ගේ වීර ක්‍රියා | Pifge Weera Kriya

රු1,275.00
or 3 X රු425.00 with

පුංචි ළමයි, ඔයාල දන්නවාද ඔයාලගේ අම්මලා තාත්තලා ඔයාලා වගේ පුංචි කාලෙ උදේ ඉඳන් හවස් වෙනකම් සිය වතාවක් හිනා වුණා කියලා පිෆ් කියන අරුම පුදුම ප්‍රංශ බලුහාමි කෙනෙක්ගේ පින්තූර බලලා. ඔන්න දැන් ඔයාලගේ වාරය ඇවිත්. දැන් තමයි වෙලාව ඔයාලටත් මේ සූර, අවංක, කරුණාවන්ත, උදවු කරන බලුහාමිව අඳුන ගන්න.

පරිවර්තනය :- තාරක ලියනාඩෝ විපුලගුණ

පුංචි මැන්ෆ්‍රෙඩ් / punchi manfred

රු405.00
or 3 X රු135.00 with

බෙහෙවින් ම සුරතල් සතුන්, විශේෂයෙන් ම බල්ලන් ගැන කතා රැසක් ලියූ ‘මයිකල් මෝපුගෝ ගේ තවත් ඒවැනිම. Little Manfred නමින් බල්ලෙක් පිළිබඳ ඔහු විසින් රචිත කෘතියේ සිංහල පරිවර්තන පුංචි මැන්ෆ්‍රෙඩ් නමින් ඔබ හමුවේ දිග හැරේ. ජර්මන් යුද්ධය, බිස්මාක් නෞකාව මුහුදුබත් වීම, එංගලන්තයේ සුන්දර ගොවි පවුලක් හා යුද්ධයට ගිය සෙබළුන් දෙදෙනෙක්ගේ ජීවන අන්දරය ද ඉතා රසවත් ව මේ පොතෙන් කියැවේ.

පුද්ගල සහ වෘත්තීය සාර්ථකත්වය සඳහා NLP

රු900.00
or 3 X රු300.00 with

NLP යනු මිනිසාගේ විශිෂ්ටත්වයේ රටාවන් අධ්‍යයනය කරමින්, ඒ තුලින් සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වය ළඟා කර ගැනීමේ වේදනව සහ කලාව ලෙස සරලව දැක්විය හැකිය. NLP ක්‍රමවේද භාවිතා කිරීමෙන් පුද්ගලයන් තුල ධනාත්මක පරිවර්තනයක් වේගවත්ව සහ ඵලදායීව ළඟා කරගත හැකි බැවින් ටෝනි රොබින්ස් (Tony Robbins) වැනි පුද්ගල සාර්ථකත්වය පිලිබදව ලොව ජනප්‍රියතම උපදේශකයන් පවා තමන්ගේ පුද්ගල පර්වර්තනීය වැඩමුලු වල බහුල ලෙස මෙම ක්‍රමවේද භාවිතා කරයි.

මෙම ග්‍රන්ථය රචනා කළ, පුබුදු චිරත්න, මාගේ පුහුණු වැඩසටහන් වලදී මට හමුවුණු දැඩි කැපවීමක් සහිත දක්ෂ ශිෂ්‍යයෙක් වූ අතර, නිවැරදි මඟ පෙන්වීම සහ කැපවීම තුළින් මේ වන විට ඔහු American Board of NLP (ABNLP), American Board of Hypnotherapy (ABH), Time Line Therapy®️ Association Coaching Division of ABNLP යන අධිකාරීන් හතරෙහිම අනුමැතිය ලත් ප්‍රථම ශ්‍රී ලාංකික පුහුණුකරු බවට පත් වී සිටිනු දැකීම අගය කළ යුතු කරුණකි. ඔහුගේ සාර්ථකත්වය කරා යන ගමන් මඟ තුළ ඔහුට අභිප්‍රේරණයක් සහ පරමාදර්ශී චරිතයක් වීමට ලැබීම මා හට ඉමහත් සතුටකි. ඔහු විසින් සිංහල භාෂාවෙන් රචිත “පුද්ගල සහ වෘත්තිය සාර්ථකත්වය සඳහා NLP” යන කෘතිය සිය මව් බසෙන් ඇති ග්‍රන්ථ වල අඩුව සපුරනු ඇති අතර ඔහුගේ මෙම උත්සාහයට මම හදවතින්ම සුභ පතමි.

Sebastien Leblond,

Asia’s # 01 NLP Master Trainer & Coach, Founder of NLP Top Coach, Thailand.

කතුවරයා ගැන

මෙම කෘතිය රචනා කළ පුබුදු චිරත්න ලොව විශාලතම NLP අධිකාරිය වන American Board of NLP (ABNLP), American Board of Hypnotherapy (ABH) Time Line Therapy Associations Coaching Division of ABNLP යන අධිකාරීන් හතරෙහිම අනුමැතිය ලත් ශ්‍රි ලංකාවේ එකම පුහුණුකරු වේ.

එමෙන්ම International Association of Professional Coaches, Counselors & Therapists (IAPCCT) අනුමත Emotional Intelligence පිළිබඳව පුහුණුකරුවෙක්ද වේ

International Institute of Training & Coaching (ITC) ආයතනයේ නිර්මාතෘද වන පුබුදු වරත්න, පුද්ගල සංවර්ධනය පිලිබඳව ශ්‍රී ලංකාවේ ඉහළම සුදුසුකම් ලත් පුහුණුකරු වේ.