Showing 865–888 of 1432 results
Shop
බඹර විලාපය / babara wilapaya

ඇය සාමා නන්දනී…
මිතුරියකගේ බහට රැවටී
විචිත්‍ර වූ ලෝකයක් දකින්නට
ගෙන්දගම් පොළවට පා තැබු ඇය
ශ්‍යාමි මන්දනා නමින් යළි උපත ලැබුවා ය.
ඇය ලේඛක ලොවේ හරඹයන්
පෑවේ කවරෙකුගේ නිර්මාණ ඇසුරින් ද?
මත්ස්‍ය ඇමක් වූ ශ්‍යාමි මන්දනාගේ
සිහිනයන් සහ අපේක්ෂාවත්
ඇය පැතූ ලෙසින්ම
සාක්ෂාත් කර ගත හැකි වී ද?
————————————-
‘’රූකඩේකින් හොඳ නරක අහන්න එපා.
හොදක්වත් නරකක්වත් නෑ,
නූල අදින අදින අතට රූකඩේ තැටවෙනවා.
එච්චරයි.”
බයෝ කරපු ඒ ලෙවල් 2 | Bio Karapu AL 2

එක පැත්තකට සිද්ධ වෙත ප්‍රතික‍්‍රියාවක සිමාකාරී ප්‍රතික‍්‍රියකය එක තැනකදි ඉවර වුණා එතතිං ප්‍රතික‍්‍රියාවක් නැවතුණා!
” ආදරේ කියන්නෙ සමතුලිතතාවයක්! එහෙම නැත්තං ප්‍රතිවර්ත්‍ය ප්‍රතික‍්‍රියාවක්!”
මම කොයිතරම් කිව්වත් ඔයාට ආදරේ කියන්නෙ.
එක පැත්තකට සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් විතරක්ම වුණා!
බලය කේවල් කිරීම සහ ජාතිය ගොඩනැඟීම| Negotiating Power And Constructing The Nation

බලු කෙටිකතා | Balu Ketikatha

අගෝස්තු 9 නිකුත් වේ.
මගේ ගෑනි අපේ ඇදෙන් බැහැලා ගිහින් වෙන කාමරේක ඇදක නිදාගන්න පටන් අරන් හරියට ම අවුරුදු
10කට පස්සේ රැයක තමයි මේ සිදු වීම සිද්ධ වුණේ.
ඔය කියන අවුරුදු දහය ඇතුළෙ දවස් කීපයක් මං ඒ කාමරයේ දොරට කීප වරක් තට්ටු කරන්න කියලා හිතාගෙන දොර ගාවට ම ගියත් ඇතුළෙන් ඇහුණෙ ගැඹුරු නින්දකට වැටුණු තනිවෙච්ච ගෑනියෙකුගේ හඩ විතර යි. ඒ නිසා ඒගමන නතර කරපු මම අන්තර්ජාලය දිගේ වෙන ගමනක් අරඹලා මේ වෙනකොට සෑහෙන කාලයක් වෙනවා.
මේ සිදුවීම වෙච්ච දවසේ රෑත් මං සුපුරුදු වතාවත් ටික කරලා වොෂ් එකක් දාගෙන ඇවිත් දවසේ අවසාන
සිගරට්ටුව දැල්ලූවා. කාමරය තුළ සිගැරට්ටු දැල්වීමේ තහනම දැන් අවසන්. ඒ නිදහස නං මං උපරිමේට භුක්ති වින්දා. ලයිට්ටෙක ඕෆ් කරලා ඇවිත් නිදා ගන්න හැදුවට ඇන්ටනාවේ එල්.ඊ.ඞී. එළිය බීරලූ අතරින් මට වද දෙන්න පටන් ගත්තා. කණාමැදිරි එළියක් වගේ පෙනුණ ඒ එළිය මගේ නින්දට බාධා කරමින් සිටියා.
මගේ ඇස් යාන්තමට පියවෙන කොට ම මට දැනුණා මං නිදාගෙන හිටිය මෙට්ටේ පැත්තකින් කාගේ හරි
දණහිසක බරකින් එබෙන ගතියක්. ඒ එක්කම මං දැක්කා ගෑනියෙක් මගේ ඇද උඩ දණගහගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මං ගැස්සිලා ඇහැරුණා. ඒ කියන්නේ බය වුණා කියන එක.
‘ගෑනියෙක් ඇදට නැග්ගම බය වෙන්න ඕනේ ද?’
බල්ලන්ට බටර් | Ballanta Butter

ඇඳුනුවෙත් නැති,
අඳුනන්නෙත් නැති,
කවදාවත් අඳුන ගන්නත් බැරි කෙනෙක්.
ප්‍රශ්න අහන්න එපා.
බල්ලෙකුගේ හදවත | Ballekuge Hadawatha

පශ්චාත් විප්ලවීය රුසියානු ලේඛකයන් අතරින් වඩාත් නිර්මාණාත්මක ලේඛකයෙකු වන මිහායිල්ගේ බල්ලෙකුගේ හදවත (1925) රුසියානු විප්ලවය පිළිබඳ ලියැවුණු ඉතා තියුණු ප්රහසනාත්මක නිර්මාණයක් වශයෙන් සැලකේ. මොස්කව් නුවර කුණු බාල්දි අහුලන් කෑ නන්නත්තාර බල්ලෙකුට මිනිස් මොළයක් බද්ධ කිරීමේ ප්රතිඵලයක් වශයෙන් ඌ මානවීකරණය වීමේ ක්රියාදාමය තුළ, බුද්ධ කිරීමේ අත්හදා බැලීම කළ විද්යාඥයා මුහුණ දෙන අර්බුදය ඔහු හීනෙන් වත් බලාපොරොත්තු නො වූවකි.
බාලාංශේ | Balanshe

ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා
රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා
දරුකමට හදාගත්තු ලේන් කූඩුව.
ටසිරි…මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්..
ලේන්නු අම්බානක ලොකුයි යකෝ
මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා
ලොකු වුණා කියමුකෝ…
දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්
පූසෙක් වගේ වෙන්නෙ නෑනේ…
මේකා අපි යනකම් හැංගිලා ඉඳලා කූඩුවට පැනලා
ලේන්නු දෙන්නම කාලා කිරි බීලා
ඩෙසට් එකට කෙසෙල් කාලා
අඹ පොතු ඔලුව උඩ තියාගෙන.
සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි…
නොදකින්,
මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…
බාලාංශේ 2 | Balanshe 2

පොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.
කනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.
“බෲශ්…” ගාලා
නිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක
අලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට
ආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා
පොඩි මෑන්ගෙන්,
බස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ
වැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන
ඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ
එල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක
බල බලා හිනා වෙවී යනවා
කොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා
“චාච්චා…”
කියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ
මුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා
ඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ
මම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්
එදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා
ඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න
හිතුණා ප්‍රෙන්ස්…
බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය / baldiyasge lanka purawrurththaya

බියුරෝ | Bureau

ලොව බලවතුන් අප දෙස බලා සිටිති. අපේ හැසිරීම්, කතාබහ, ගමන්බිමන් ඔවුන්ගේ අවධානයට ලක් වෙයි. අපව දුර්වල, අසරණයින් බවට පත් කර තම අභිමතාර්ථයන් ඉටු කරගැනීම ඔවුන්ගේ අරමුණයි. එවන් මොහොතක අප ඉදිරියේ ඇත්තේ තෝරා ගැනීම් දෙකකි. එනම් බලවතුන්ට විරුද්ධව සටන් කිරීම හෝ ඔවුන් හමුවේ පරාජයට පත්ව මිය යාමයි.
“මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙමු..!” එය අපේ තීරණයයි.”
බිසෝ උරුමය | Biso Urumaya

වජ්‍රය නම් වූ සුන්දර ගිරි රාජධානියේ මහ රජුට දාව දාසියක කුසින් උපන් මායා කුමරිය ඇගේ උපතින් දෙවන දින සිට රාජකීය වෙදනාගේ කෲර වෛද්‍ය පරීක්ෂණයක ජීවී මෙවලම වන්නේ පිය රජුගේම අවසරයෙනි. අනාගතයේ එන්නා වූ යුද්ධයකදී ජීව අවියක් වන්නට නියම කර රති කාම කලාවන්හි නිපුණ කරවමින් අභිරූපී ඈ උස්මහත් කරනුයේ සතුරු රජුගේ දිවි තොර කිරීම වෙනුවෙන්මය. වජ්‍රයේ මහ රජුගේ අතිජාත දියණී යැයි මුසා දොඩමින් ඈ සතුරු රජු වෙත බිසෝ කොට යැවීම පසුපස ඇත්තේ වසර ගණනාවක රාජ්‍ය තාන්ත්‍රික කුමන්ත්‍රණයකි. අධිරාජ බෑණනු වූ වර්ධාර මහ රජු සුරූපී කුමරී වෙසින් තමුන් වෙත එළැඹෙන මරණය දෝත පා පිළිගනීද?
ජීව අවියක නොකියවා, අත් හැර දැමූ හදවත ඔහු කියවා ගනීද?
මරණයම මිස ජීවිතය බෙදා හදාගන්නට විෂ කන්‍යාවකට හැකි වේද?
බිසෝ උරුමය වජ්‍රයේ ගිරි ශිඛර අතරේත්, වර්ධාරයේ දිව්‍යමය ගංධාරයේත් ජීවත්වූ නන්විධ ස්ත්‍රීන්, පුරුෂයින් හා අර්ධ ස්ත්‍රී පුරුෂයින්ගේ ජීවන චරිත අතරේ දිගහැරෙන අපූර්ව කතාපුවතකි.
බිස්නස් පිස්සුව | Business pissuwa

විරහ ගීත වලට සවන්දෙන පිරිසක් අතර ඔබ Eminem ගේ රැප් එකක් ඇහුවොත්, මිනිස්සු එය දකින්නේ පිස්සුවක් විධියට, කෝපි මාරයි කියන පිරිසක් අතර ඔබ තේ එකක් ඕඩර් කළොත් මිනිස්සු ඔබව දකින්නේ උන්මත්තකයෙක් විධියට, වෙනස් විධියට හිතන, ගුහා වින්තනයෙන් පිටතට යන මිනිස්සුන්ව ලෝකය හැමදාම අර්ථකථනය කළේ විකෘතීන් විධියට. නමුත් ලෝකය වෙනස් කළේ, තමන්ගේ ජීවිත සම්මත ආරයෙන් වෙනස් කරගත්තේත් එහෙම පිස්සුවක් තිබුණු, එහෙම වෙනස්ව හිතපු “මිනිස්සුම තමයි. මට කියන්න අවශ්‍ය මෙච්චරයි. ඉස්කෝලේ අන්තිම විභාගයත් ඉවර වෙලා, සැලසුමක් නැතුවම කොහේහරි තිබෙන රැකියාවකට CV එක යවන්නේ නැතිව ඔබ අලුතින් හිතනවා නම්, තමන් දැනටමත් කරගෙන යන සුවපහසු රස්සාව විතරක්ම නොකර ජීවිතය දිගේ අමතර සැතපුමක් ගමන් කරන්න හිතනවා නම්, අවදානමක් අරගෙන පොඩියට හරි තමන්ගෙම දෙයක් ගොඩනඟාගන්න අදහස් කරනවා නම් මුලින්ම ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු නොවී ඉන්න. සමාජය දකින කෝණය අපට වෙනස් කරන්න බැහැ කියලා තේරුම් ගන්න. ලෝකය ඔබව පිළිගන්න දවසක් එනවා. ලෝකය ඔබ කරන දේ ගැන විශ්වාස කරන මොහොතක් උදාවෙනවා. එතැනට එනකන් ඔබේ ‘බිස්නස් පිස්සුව’ එක්ක වැඩ කරන්න එතැනට එනකන් ඔබේ බිස්නස් පිස්සුව’ එක්ක ආවේගශීලීව වැඩ කරන්න!
” මොකද පිස්සුව කියන්නේ ගැටලුවකට නෙමෙයි. පිස්සුව කියන්නේ විසඳුමකට. ඔබව ගුහාවෙන් පිටතට විසි කරලා අහසෙ තරු දෙසට මෙහෙයවන විසඳුමකට.
බිස්නස් මන්තර | Business Manthara

අද කාලේ සාර්ථකව ජීවත් වෙන්න අවශ්‍යයම කලාවක් වන ව්‍යාපාර කළමනාකරණ කලාව සරලව සහ රසවත්ව සංවාද සහ කතා ඇසුරීන් පැහැදිලි කරන මේ අගනා කෘතිය ඔබගේ ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික මන්තරයකි. ජීවිතය දිනවන්න හිතන ඕනෑම කෙනෙක් මේ වසරේදී කියවිය යුතුම පොතකි.
බේබි / Bebi / (ත්‍රිත්ව 2)

පාඨකයින් අතර ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ත්‍රිත්ව කතා මාලාව “තුන් දෙනෙකු අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයන් සහා ඒ තුලින් ඇතිවන්නාවූ මත ගැටුම් තේමා කරගත් ත්‍රාසය කුතුහලය සහා ආදරය මුසු වූ ශෘංගාරාත්මක කතා ත්‍රිත්වයකි.” මෙම පොත් තුනම එකිනෙකට වෙනස් වූ කතා තුනකින් යුක්ත වන අතර පොත් තුනෙහි චරිතද එකිනෙකට වෙනස් වූ චරිතයන් ගෙන් යුක්තයි. ඔබ මේ කියවන්නේ එහි තවත් කතාවක් වන “බේබී” නවකතාවයි. ගැහැනියකගේ ජිවීතයේ සෑම පැතිකඩක්ම ස්පර්ශ කරන්නාවූ ජීවීත කතාවක් වන මෙය තුන් දෙනෙකු අතර ඇති වන ලිංගික සම්බන්ධයත් ඒ තුළින් ඇතිවන්නාවූ ත්‍රාසය, භීතිය සහා කුතුහලයත් කැටි කර නිර්මානය කර ඇත. මා මෙතෙක් ලියූ සෑම නවකතාවක් මෙන්ම “බේබී” ද වෙනස්ම ආරක නවකතාවකී. එය තුන් කොන් ලිංගිකත්වය සියුම්ව ස්පර්ශ කරන්නකී. ශ්‍රී ලාංකීය සාහීත්‍යයේ මෙතෙක් නොලියූ “ජීවීතවල වෙනස්ම පැතිකඩක්” කරළියට ගෙන එන්නකී. ත්‍රිත්ව මුල් පොත මෙන්ම මෙයත් පාඨකයින් අතර ”අතීශයින් ජනප්‍රිය” වනු නිසැකයි. එසේනම් කියවන්න “බේබී” (ආදරයේ හොදම පලිහ අත්-නොහැරීම වූ කල)
බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

කවි ලියවුණේ ම
මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය
කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම
නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.
බෝද්ලෙයාට සිලිටි පරසතු මලෙක පෙත්තක් | Bodleyata Siliti Parasathu Maleka Peththak

”ආදරය නම්,
තනිය ඉසිලීම ය.
පෘථිවිය තරම් බර තනිකම,
තනිව ඉසිලීම ය.
………
………”
ආදරය නම්,
බලා සිටිනා බව
නො කියා සිටීම ය.
දරා සිටිනා බව
සඟවා ගැනීම ය.”
බෞද්ධ ධර්මාචාර්ය විභාගය සඳහා ස්ව අධ්‍යයන පාඨමාලාව

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් බෞද්ධ දහම් පාසැල් වල විද්‍යාර්ථීන් සඳහා වාර්ෂිකව පවත්වනු ලබන බෞද්ධ ධර්මාචාර්ය විභාගයට නියමිත ථෙරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්, බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය, අභිධර්මය, බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය, බෞද්ධ සමාජ දර්ශනය යන විෂය නිර්දේශයන් ආවරණය වන පරිදි ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් ගුරුපදේශ රහිතව ස්ව අධ්‍යයන පාඨමාලාවක් සේ විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ උත්තරිතර පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කර ලැබූ පළපුරුද්ද මත කේ. ජී. දිසානායක මහතා සරසවි ප්‍රකාශනයක් ලෙස පළ කළ මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වනු ඇත.
බෞද්ධ පැවිදිසි නීතිය | Baudda Pawidisi Nithiya

සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වන නීතිය ගැන වැඩිදුර කථාකෙරෙන පොතකි. භික්ෂූන් වහන්සේලාගේත්, පන්සල්, පිරිවෙන්, විහාර හෝ ආරාම යන බෞද්ධාගමික ස්ථානවලත් අයිතීන්, යුතුකම්, වරප්‍රසාද, සුරක්ෂතා සහ දුබලතා පාලනය කරන නීතිය බෞද්ධ පැවිදිසි නීතියයි. මෙම නීති සමස්තයක් වශයෙන් බෞද්ධාගමික ස්ථානයක කළමනාකරණය සහ නඩත්තුව, හිමිකාරිත්වය සහ නායක හිමි පත්කිරීම. විහාරස්ථානයේ සංවිධානය සහ සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වේ.
බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සහ පැවිදි ප්‍රජාවගේ වැඩි වීමත් සමඟ, බෞද්ධාගමික ආයතන තුළට ක්‍රම ක්‍රමයෙන් සාරාත්මක සහ ව්‍යුහාත්මක අංග ඇතුළු විය. අනෙකුත් සියලු ම ප්‍රජාවන්ගේ මෙන් සම්ප්‍රදායන් සහ වතාවත් වර්ධනය කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශාසනික දේපළ පිළිබඳව නීති සම්පාදනය කර හඳුන්වා දෙනු ලැබිණි. එමෙන් ම යම් යම් ආගමික තනතුරුවලට පත් කිරීම ඇතුළු එවැනි දේපළ වලට අදාළ කටයුතු බොහෝමයක්ම නිරාකරණය කර ගැනීමට සිවිල් උසාවි චේත ගෙන එන ලදුව, දැන් පුර්ව ගමනයන් නිර්මාණය වී තිබේ. එලෙස, ඒ සියල්ලෙහි එකතුව අද බෞද්ධ පැවිදිසි නීතිය ලෙස හඳුන්වනු ලැබේ.මෙම ග්‍රන්ථය ඒ සියල්ල ගැන සවිස්තර විස්තර කිරීම් අඩංගු ග්‍රන්ථයකි.
