Showing 889–912 of 1432 results
Shop
බෞද්ධ සංස්කෘතික කොල්ලය | Baudda sanskruthika kollaya

ලංකාවේ සහ දකුණු ඉන්දියාවේ බෞද්ධ ඉතිහාසය ගවේෂණයක යෙදෙන මෙම ලේඛකයෝ, දේහ ලක්ෂණයෙන් සහ ගති සිරිත්වලින් සිංහලයන් හා සමාන, සිංහලයට ඉතා සමීප භාෂාවන් භාවිත කළ, ඉන්දියාවේ දක්ෂිණා පථයේ බෞද්ධ ප්‍රජාවන් විසූ රටවල් ගැන තොරතුරු හෙළි කරමින්, මෙතෙක් ඉතිහාසඥයින් නොදුටු සහ බැලීමට අකමැති වූ විෂය පථයක් පිළිබඳ කථිකාවක් අරඹති.
මණිමේඛලයි තුරව් සහ සිලප්පාදිකාරම් මහා කාව්‍යයන්ගේ බෞද්ධ උරුමය පැහැදිලි කිරීම, කෘතියෙන් කෙරෙන ප්‍රධාන කාර්යයකි. ගජබා රජුගේ මිතුරකු වූ කේරළයේ සෙංගුවාට්ටුවන් රජුගේ වන්දනාවට ලක් වූ ‘කන්නම්’, අවලෝකිතේශ්වර බෝධිසත්ව වන්දනාවට අයත් බෞද්ධ දේවතාවියක බව කෘතියෙන් පැහැදි තෙරේ. ‘තාරා’ (අම්මා) වන්දනාව ලෙස ලංකාවේ ප්‍රචලිත වූ කන්නගි පිදීම, සින්දු බමුණන් විසින් ‘පත්තිනි’ වන්දනාවට පර්වර්තනය කළ ආකාරය මෙහි පැහැදිව කෙරේ.
අතීතයේ පටන් රජුන් සැදූ ආගම් බෞද්ධ උරුමයන් කොල්ල අනුරු පැහැදිලි කරන කෘතිය, යුරෝපා උගතුන් විසින් පෙරදිග මතු නොව ලෝක ඉතිහාසය පිළිබඳව ද සාවද්‍ය මතවාද ‘සත්‍ය’ ඉතිහාසය නමින් ස්ථාපිත කළ අසුරු පෙන්වා දෙයි.
යුරෝපීය ආක්‍රමණ වලින් පසු, කේරළය ඉන්දියාවේ ප්‍රධාන ක්‍රිස්තියාවේ පුන්නය වූයේ ය. ඒ ඉන්දියාවෙන් වෙන් වූ ස්වාධීන රටක් කිරීමට යම් පිරිසකට වුව වූ නමුදු ඉන්දීය මධ්‍ය ආණ්ඩුව විසින් වී උපාය වළක්වන ලදි. කේරළයේ පරිදි ආ යොදාගනිමින් ලංකාව ක්‍රිස්තියානි රටක් බවට පත් කිරීමට උත්සාහයක් සීමේ වර්තමානයේ තමල්නාඩුව ලංකාව ගිල ගැනීමට උත්සාහ දරන්නේ චෝලයන් විසින් කොල්ල කන ලද දකුණු ඉන්දියානු බෞද්ධයන්ගේ ප්‍රධාන භාෂාවක් වූ දෙමළ භාෂාවේ ආධිපත්‍යය භාවිත කරමිනි. කේරළය හරහා ලංකාවට රිංගූ විමුක්ති දේවධර්මය’ පදනම් කරගෙන බිහි වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතන උත්සාහයන් යට සැඟව තිබුණු ආගමික දේශපාලන අරමුණු පැහැදිලි කරන මේ කෘතිය, වර්තමාන ලංකාවේ සිදු වන බෞද්ධ විරෝධී දේශපාලන ව්‍යාපාරය පිළිබඳව ද පාඨකයා දැනුවත් කරයි.
බ්‍රීඩා | Breeda

බ්ලැක් මේල් | Black Mail

මා ඇයට ආදරය කරන බව මට කීමට අවශ්‍ය විය. මට මුදල් ඕනෑ තරම් ඇති බවත් ඇයට හොඳ නිවසක් දිය හැකි බවත් ඇය මා ළඟ සිටී නම් ඇය රැක බලාගත හැකි බවත් කීමට මට වුවමනා විය. එහෙත් ඇගෙන් එයට යම් සංඥාවක් ලැබෙන තුරු ඉවසා සිටින්නැයි මම මටම කියා ගතිමි. මා ඉවසිය යුතුය. මට මාසයක් කල් තිබේ.
භීශනයට පෙම් බැදි උතුරේ චණ්ඩි | Bhishanayata pembadi Uthure Chandi

භීෂණයට පෙම්බැදී උතුරේ චණ්ඩි | bheeshanayata pembadi uthure chandi
රු750.00
මං කැමති නිල් අහසට | Man kamathi nil ahasata

පාට පාට හීන උලපු
නෙක නෙක හැඟුම් ඔබපු
හීන පිරුණු සාප්පුවක අයිතිකාරියක්..
කළු පැහැයට ඇලුම් කරපු
කළු වැඩි තැන් අතින් මකපු
එහිම සොඳුරු පාට සොයන පාටකාරියක්.
දඩබ්බරම හිතක් දරපු
මුරණ්ඩු සිතුවිලි වපුරපු
ඒ අස්වනු නෙලන්න යන
හීනකාරියක්
මකර පෙන්ඩනය / Makara pendanaya

කතාවක් කියන්නට පමණක් නොව, මතකය, ආශාව සහ අවතැන් වීම මිනිස් සබඳතා හැඩගස්වන ආකාරය ගවේෂණය කිරීමට මෙම නවකතාව ලිවීමට මා ආකර්ෂණය විය. මනෝ විශ්ලේෂණාත්මකව ආදරය කිසි විටෙකත් වර්තමානය ගැන පමණක් නොවේ. එය පුනරාවර්තනයක්, නැවත පැමිණීමක්, විය හැකිය. මෙය රේඛීය ආඛ්‍යානයක් නොවේ. මන්ද, ආදරය සරල රේඛාවක් අනුගමනය නොකරන බැවිනි. ආදරය එක් භාෂාවකින් කතා කර තවත් භාෂාවකින් වරදවා වටහා ගත් වචනයක් විය හැකිය. අතීතයෙන් මොහොතක් අනපේක්ෂිත ලෙස දිස්විය හැකිය. එය අප ගමන් කරන අවිනිශ්චිතතාවයන්ගේ පිළිබිඹුවකි. මෙහි පහසු පිළිතුරු නොමැත. ප්‍රශ්න, කොටස් සහ ඒවා අතර අවකාශයන් පමණි.
මෙම පිටුවල කාලය සරල රේඛාවකින් ඉදිරියට නොයයි. එය රවුම් වේ. පුනරාවර්තනය වේ. එය සිදුවීමට පෙර සංවාදයක් ආරම්භ විය හැකිය. චරිතයක් යමක් පැවසිය හැකිය. පසුව තමන්ටම පරස්පර විය හැකිය. එය ජීවිතය ජීවත් වන ආකාරයේ කොටස් වශයෙන්, දෝංකාර දේ. ඇතැම් විට නවකතාව ඔබට පිළිතුරු ලබා නොදෙනු ඇත. එය ඔබට නිවැරදි කවුද යන්න හෝ කළ යුතුව තිබුණේ කුමක්දැයි නොකියනු ඇත. කෙසේ වෙතත්, හෝඩුවාවන් ඉතිරි කරනු ඇත.
මකියාවෙලි කුමාරයා | Makiyaweli Kumaraya

නිකොලොයි ඩී බර්-නොර් – ඩෝ මකියාවෙලි විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරළියෙහි පමණක් නොව ලෝක දේශපාලන ක්සේත්‍රයෙහි ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලි කුමාරයා ලියූ කාලයේ ඉතාලියෙහි පැවැති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා දේශපානලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ ” ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද වී විචාරකයෝ
කියති.
එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා දෙස බැල විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජනය කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගතත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනකු අනුගමනය කරන ක්‍රියා මාර්ගය වනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේ යැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචන වලටත් දෝෂාරෝපණ වලටත් පදනම් වූවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයනට පමණක් ගැළපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ.
එසේ වුවද ” කුමාරයා ” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ජාවට භාජන වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම වෙනත් ශ්‍රේෂ්ට කෘති වලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද * කුමාරයා ” පත් විය යන්න තවත් විචාරකයන්ගේ මතයයි.
එසේ පක්ෂ හා විපක්‍ෂ විවිධ මතිමතාන්තර වලට පාදක වූ “කුමාරයා” කෘතියෙහි අන්තර්ගත දෘෂ්ටිය අදත් ලෝක දේශපාලන කරළියෙන් බැහැර නොවී පවත්නේ එහි යම් සදාතනික වටිනාකමක් ඇති නිසා ම බව නිසැකය.
මක්සිම් ගෝර්කි මගේ සරසවි | Mage Sarasavi

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ” මගේ සරසවි” යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර තුන්වැන්නය. මේ කෘතියෙන් ගෝර්කි වැඩිහිටි වියට එළැඹි මුල් සමය පිළිබඳ අවධානය යොමු කර තිබේ. එම කාලය තුළ ඔහු අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඔහුගේ බුද්ධිමය සහ සාහිත්‍ය අභිලාෂයන් තවදුරටත් ගවේෂණය කිරීමට උත්සාහ කරයි. කිසිදා විධිමත් විශ්වවිද්‍යාලයකට නොගියද, ගෝර්කි සිය ජීවිතයම ඔහුගේ “විශ්ව විද්‍යාලය” ලෙස හඳුන්වයි. දරිද්‍රතාවයට හා පීඩනයට එරෙහි ඔහුගේ අඛණ්ඩ සටන මෙන්ම ඔහුගේ වැඩෙන දේශපාලන විඥානය සහ සමාජ වෙනසක් සඳහා ඇති ආශාව නවකතාවෙන් නිරූපණය කෙරේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මක්සිම් ගෝර්කි මිනිසුන් අතර | Minisun Athara

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ‘මිනිසුන් අතර‘ යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර දෙවැන්නය. එය ගෝර්කිගේ නව යොවුන් විය පිළිබඳ විවරණය කරයි. ඔහු තම දුෂ්කර පවුල් පරිසරයෙන් ඉවත්ව ස්වාධීනව ලෝකය ගවේෂණය කරමින් ස්වාධීන වන්නට ගන්නා උත්සාහය මෙයින් පිළිබිඹු වෙයි. ආධුනිකයෙකු, පිඟන් සෝදන්නෙකු සහ කම්කරුවෙකු වැනි දුෂ්කර, අඩු වැටුප් සහිත විවිධ රැකියා කරමින් ජීවිතය ජයගන්නා දරනා උත්සාහය මේ තුළින් දැක ගත හැකිය. 19 වැනි සියවසේ රුසියාවේ පැවති කටුක යථාර්ථය පිළිබඳ මැනවින් නිරූපණය වී තිබේ. ගෝර්කි සාහිත්‍යයට යොමු වන්නට පටන් ගන්නේ මේ සමයේදීය. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මක්සිම් ගෝර්කි ළමා විය | Lama Wiya

ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “ළමා විිය” (My Childhood) යනු ස්වයං චරිතාපදාන නවකතාවක් වන අතර එය කතුවරයාගේ මුල් අවදිය පිළිබඳ සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා දෙයි. ඔහුගේ දිළිඳු පවුල් ජීවිතයේ දුෂ්කරතා සහ අරගල, ඔහුගේ ළමා වියේ කටුක තත්ත්වයන් සහ ඒවා ජය ගැනීමට ඔහු ගත් උත්සාහයන් මේ කෘතිය තුළින් මැනවින් පිළිබිඹු කොට තිබේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්‍රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

සැප්තැම්බර් 27 නිකුත් වේ.
මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !
මගේ කතාව ඉන්ද්‍ර නූයි | Mage kathawa Indra Nooyi

මගේ ජීවිතය විසින් එක සේ ප්‍රබලව ඉල්ලා සිටිනු ලබන වටිනා සම්පත් දෙකක් තිබෙනවා. එනම්, මගේ පවුල සහ මගේ රැකියාවයි. ඉන්දියාවේ මදුරාසියේ මධ්‍යම පාන්තික හින්දු පවුලක උපත ලබා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ද වරම් ලද මට අමෙරිකා එක්සත් ජනපදයේ දී පශ්චාත් උපාධි සහිතව සුදුසුකම් සම්පූර්ණ කිරීමට අවස්ථාව ලැබුණා. අවංකව අනලස්ව කටයුතු කිරීම මා ලද ජන්ම ගුණයක්. ජීවයෙන් සහ ශුභවාදයෙන් සපිරි පෙප්සිකො ආයතනය තුළට පිය නැගූ එම සුබ මොහොතේ මගේ මුළු හදමඬල ප්‍රමෝදයෙන් පිරී ගියා. එය මගේ ජයබිම බව මට දැනුණේ නිරායාසයෙන්.
මා ජීවිතයේ සාක්ෂාත් කළ සියල්ල මල් වට්ටියක තබා මට පුදදෙනු ලැබූ පූජාවක් නම් නොවෙයි. ඒ වනාහි මා බොහෝ බුද්ධිමත්ව, ඉවසිලිවන්තව, කැපවීමෙන් කටයුතු කිරීමෙන් සොයා සපයා ගත් දැයි. එය කඳුළ සුසුම මැදින් අනන්ත බැමි කඩා ගෙන ඉදිරියට පැමිණීමට ශක්තිය ධෛර්යය වඩාගත් සාමාන්‍ය ගැහැනියක ලද ජයග්‍රහණයයි. ඒ සඳහා මට අත හිත දුන් සියලු දෙනාටම මගේ ආදර ගෞරවය සදා හිමියි.
MY LIFE IN FULL by INDRA NOOYI
මගේ කතාව ඉන්ද්‍ර නූයී
පෙප්සිකෝ හිටපු සභාපති සහ ප්‍රධාන විධායක
පරිවර්තනය ස්වර්ණකාන්ති රාජපක්‍ෂ
මගේ කුලුදුල් පෙම්වතිය – Mage Kuludul Pemwathiya

මගේ නම රතු | Mage nama Rathu

ඉස්තාන්බුල් නගරය යි. වර්ෂයෙන් 1591 වැන්නයි. සීතලෙන් මිදුණු සිසිරයේ දින නවයකි. විවිධාකාර කථකයන් ගේ ආත්ම භාෂණ වැලකි. කතාවට ඇරඹුමක් දෙන්නේ ඝාතනය කර ළිඳක් පල්ලේ ” හෙළා තිබෙත මළමිනියකි. ‘මගේ වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැයි කතාව කිමට එක්වන ඝාතකයා, පාඨකයාට අභියෝග කරයි. ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරෙක්ද, එක් අසිපත් පහරකින් කඳින් සිඳී බිම පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතා කරති. ඊර්ෂ්‍යාව, වෛරය, සහෝදරත්වය හා පාවාදිම ද ආලය, රාගය, විරහව හා අංගවිකල ව යළි හමුවන අහිමි වූ ප්‍රේමය ද, පමුක් මායාවී ලෙස සලකා එක කලාලයකට වියයි. සිත්තරකරණය ඒ පශ්චාත් නූතන කලාලය මත විසුල විස්මිත වර්ණ රටා විසිතුරකි. ඔහු ගේ අග්‍ර කෘති මැද මහඟු රත්මිණක් සේ දිලෙන “මගේ නම රතු” ඔස්සේ නොබෙල් සාහිත්‍ය සම්මාන ලාහී ඔර්හාන් පමුක් මෙලෙසින් සිංහලයෙන් කියවන පාඨකයා හමුවට එන්නේ පළමු වතාවට ය.
මගේ පුංචි මාතාහාරි | Mage Punchi Mata Hari
රු200.00
ස්වයං පීඩාකාමී,
මනෝ ආලෝලනයක, බුද්ධි කලම්බන රතියක
සරාගී භෂ්මාවශේෂ හා ප්‍රභාවශීලී ලාලාසාවක රන්සුණු එකලස්කරණයක්
පුංචි මාතාහාරියක ගේ දෙපාමුල තැබෙන කැලෑ මල් කලඹක්
කවි නිමිති දෙකක් කාව්‍ය පසුබිම් දෙකක් කාව්‍ය නායිකාවන් දෙදෙනෙක්.
එකම කවියෙක්. වසර දහඅටක පරතරයක්.
එකම කාව්‍යාත්මයක්.
පරමෝත්කෘෂ්ඨ ගැහැණියක
සොයා ගිය
ජීවන සැරිසරුවක් කවියන් කුකවියන් කරන ගැහැණියක ලඟ ඉසිඹුවක්.
මගේ පෙම්වතුන් එකොළහ | Mage Pemwathun ekolaha

මට ඉතිරිය සම්පුර්ණ කරන්න නොදී ඔහු මා සිප ගත්තේය.
එය බලහත්කාරකමත්, පිරිමිකමේ දඩබ්බර බවත් මුසුවූ සිප ගැනීමකි. මෘදු බවත්, දැඩි බවත් මුසු වූ සිපගැනීමකි. ආධිපත්‍යයත්, යටත් වීමත් මිශ්‍ර වූ සිපගැනීමකි. අනුමැතියත්, ප්‍රතික්ෂේපයත් හිමි වූ සිප ගැනීමකි. මාගේ මුහුණ දෙපසින් පිහිටුවා තිබූ ඔහුගේ ශක්තිමත් දෑත් යම්කිසි පාලනයක රළු බවකුත්, ආරක්ෂාවක හැගීමකුත් ගෙන ආවේය. ඔහුගේ හොඳින් වැඩුණු ශරීරය ඉදිරියේ මා පරඬැලක් මෙන් දියවී යනු මට දැණුනි. ඔහුගේ දැස්වලින් නිකුත් වූ සල්ලාල දීප්තිය ප්‍රථමයෙන් වැඩිවන ආකාරයත්, ඔහුගේ දෙතොල්වල තෙරපුම ක්‍රමයෙන් තීව්‍ර වන ආකාරයත් මට දැණුනි. මුලින් ඇති වූ මාගේ ප්‍රතික්ෂේපය පසුව අනුමැතියක් බවට පත්වන ආකාරය අත්විදමින් සිටි මම, එකී අනුමැතිය බලෙන් ඉවත් කරගෙන වහා පසකට වුණෙමි.
ඉන්පසු ඔහුට වේගවත් කම්බුල් පහරක්…
” තමුසෙට ලැජ්ජ නැද්ද?” මම කෝපයෙන් පැවසුවෙමි. ඒ පවසනා ගමන්ම මා කෝප ගත්තේ ඇයිදැයි සිතාගත නොහැකිව නන්නත්තාර වූවෙමි.
මචං සුපිරි බිස්නස් එකක් තියෙනවා ආයෝජනයක් කරමුද? | Machan Supiri business ekak thiyenawa ayojanayak karamu d?

මේ අතර අකිර පාලු නිවසක සිටියි.ඔහුගේ අත පය ගැට ගසා පුටුවක තබා සිටි කෙනෙක් වීඩියෝ කරන අතර තව කෙනෙක් මුහුණ කලු පැහැති ආවරනයකින් වසාගෙන පිහියක් අතේ තබා ගෙන සිටියි.
”මාව නිදහස් කරපියව්”
අකිර වැරෙන් කෑ ගසයි.
”ආයේ කෑ ගැහුවොත් උඹ ඉවරයි.”
”මම කෑ ගහනවා…මගේ තාත්තා දාඩිය මහන්සියෙන් හම්බ කරපු
සල්ලි තොපිට දෙන්නේ නෑ යකෝ”
”කෑ නොගහ හිටපිය”
වීඩියෝ කරන කෙනා පවසයි.
”බෑ මම කෑ ගහනවා කාලකන්නි යක්කු”
අකිර නැවත බෙරිහන් දෙයි.
”යකෝ වීඩියෝ කරලා ඉවරයි. එළියට ඇහෙන්න කෑ ගහන්න එපා”
අකිරගේ මිතුරු බුද්ධික පවසයි.
”ඉවරනම් කියපංකො යකෝ මේ මඟුල ඔළුවේ දාගෙන ඉන්න බෑ දාඩිය දානවා”
දුලංජන සිනහවි එමින් මුහුණ ආවරණය ගලවයි.
”යකෝ මේ වීඩියෝ කෝල් එහෙමනම් ගන්න බෑ හොඳේ
ඔනෙනම් ඔය ගත්ත වීඩියෝව යවපන් තාත්තට”
”ඇයි ඒ”
”මට හිනා යයි බං”
අකිර පැවසීය.
මචපුචාරේ අවාරේ | Machapuchare aware

ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණ ය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීම ය.
සීමා මායිම් කිසිවක් නැතිව සිත් අබතුරින් සැරීම ය. ඒ අතර කාලය නම් මායාමය සත්තාව අප වටා ද, අප වසා ද, අප තුළ ද, අප අරමුණුකොට ද සරන්නේ ය. ඉදින් අපි සියල්ලෝ දැන හෝ නොදැන මහා සැරිසරක සරන්නෝ වෙමු.
කොහොමත් සරන එකේ, නොදැනුවත්ව නොව දැනගෙනම සැරුවාම වඩා හොඳ නොවේද? එසේ නම්, අනුන්ගේ සැරිසැරුම් කියවීමේත්, තමන්ගේ ම සැරිසැරුම් ලියා තැබීමේත් අරුත එයම වන්නට බැරිද?