Showing 961–984 of 1412 results
Shop
මෙඩූසා | Medusa

කසාද බැඳලා මනුස්සයා රට ගිය ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් ඉස්සරහ සරාගීම වස්තුවක්, අවුරුදු තිස්පහ යන්තම් පහුවුනු හොඳ පස්සක් එක්ක උඩු තොල මත උපන්ලපයකුත් ඇති ගැහැණියක් කියන්නෙ පිරිමියෙක් අසරණ කරන තරමේ අනුරාගයක්. එහෙම ගැහැණියක් පිරිමින්ට ජේන්නෙම සෙක්ස් වෙනුවෙන්ම විවෘත වුනු දෙව්ලොවක කවුළුවක් වගේ.
මෙල නිසා ගැන වැදගත්ම දෙයක් කියන්න අමතක වෙලා. ඒ තමයි එයාගෙ පිටේ තියෙන සර්පයෙකුගේ ටැටූ එක. ඒක රවුම් තට්ටම්වලට ඉහලින් හරි මැදින් පටන් අරන් බෙල්ලෙ උර ඇට දෙක මැදින් කොඳු නාරටියෙ ඉහළට ඉස්සුනු ඇටය ළගින් නතර වෙනවා. පිට දිගේ වෙලෙමින් ඉහළ නගින කොරපොතු නාගයෙක් කලු පාටට මෙලනීසාගේ සුදු පාට පිට දිගේ වැතිරිලා හිටියා.
මෙලනීසාට අප්‍රසන්නම සතා තමයි සර්පයා. කොරපොතු හැකිලෙමින් දිගහැරෙමින් සර්පයෙක් ඇදෙන හැටි දකිද්දි එයාගෙ ඇතුලෙ වාවගන්න බැරි හිර්කිතයක් ඇති වෙනවා. ඒක භීතිකාවක්, මේ වැටුව ඇත්තටම ඒ සර්ප හිරිකිතය යලි යලිත් මතක් කරනවා, හැබැයි එයාට ඒක පේන්නෙ අඩුවෙන්.
ඒක ලස්සනටම පේන්නෙ එයාගෙ පිටිපස්සෙන් එයා එක්ක සෙක්ස් කරන කෙනෙකුට.
මේ මගේ කතාව / Me mage kathawa

”මේ මගේ කතාව” මගේ කතාව නොවේ. එය අපේ කතාවය. අප ගෙවන කටුක සමාජ, ආර්ථික, දේශපාලන පරිසරයේ යථාර්ථය විවරණය කෙරෙන කතාවය. කතාව ඉදිරිපත් වන්නේ ආත්ම කථනයක් ලෙස වුව එය අවසාන වශයෙන් සමාජ කථනයක් වේ. සමාජ විවරණය උදෙසා ප්‍රබන්ධය ආත්මය විහිවිද යන්නේ යම් සේද මේ මගේ කතාව නීරුවද චිත්ත සන්තානය පත්ලට යයි.
එය සිය අරමුණු සාක්ෂාත් කරගන්නේ අසිහිය වාහකය කර ගනිමිනි.
මේ මගේ කතාව අසිහියෙන් ලියන සිහියේ කතාවය.
මේ මගේ හදවත | Me mage Hadawatha

ඉතින්,
රිදුම් සෑහෙන තියේ
මටත් මෙහි හිතවත
ඔබ ඔහොම කියවන්නේ
මේ මගේ හදවත
මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 1 / Montha Kristho Situwaraya 1

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 2 / Montha Kristho Situwaraya 2

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 3 / Montha Kristho Situwaraya 3

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 4 / Montha Kristho Situwaraya 4

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 5 / Montha Kristho Situwaraya 5

මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා 6 / Montha Kristho Situwaraya 6

මොළ ආක්‍රමණ භීෂණය / Mola akramana bishanaya

චිප භාවිත කොට මනස් පාලනය කළ හැකි තාක්ෂණය හමුවේ පීඩනයට පත් වන ජන සමාජයක විස්තර මේ ප්‍රබන්ධයෙන් ඉදිරිපත් කෙරේ. මනෝ යනු පෞද්ගලික පන්ති දේශකයකු වන අතර ඔහුගේ සතුරකු ඔහුගේ නමෙන් පෙනී සිටිමින් ගැහැනු ළමයින්ට හිරිහැරදායි ඇමතුම් ලබා දෙයි. මේ හේතුව නිසා ඔහුගේ සමාජ සබඳතා බිඳ වැටේ. මනස් ආක්‍රමණය කොට රාජ්‍ය පැහැර ගන්නට තැන් කරන කණ්ඩායමක නර්ජනයට මනෝ ලක් වන්නේ මේ අතරතුරය. විදනවේ ඥාන මහිමය උපයෝගී කර ගනිමින් ටිනා නම් ඔත්තුකාර්ය රාජ්‍යයට එල්ල වන මේ තර්ජනය මැඩපැවැත්වීමට කටයුතු යොදයි. මේ ප්‍රබන්ධයේ කතුවරයා කැලණි විශ්ව වේදනාලයෙන් සිය ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇති අතර උසස් අධ්‍යාපන ආයතනවල බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කරමින් සිටි
මෝසාඩ් | Mossad

” ඊශ්‍රායලයේ අදෘශ්‍යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම
පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.
රිශ්‍රායලයේ හිටපු ජනාධිපති ෂීමොන් පෙරේස
” ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුව තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැර ගැනීමි, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීමේ හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයන් කෙරෙහිය.”
PUBLISHERS WEEKLY
ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ කතා වෙස්වලාවකින් ආවරණය වී ඇති, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.
ආර්ජන්ටනාවේදී අයික්මාන් පැහැර ගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයක් ක්‍රමානුකූලව ලුහු බැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චර පුරුෂ ක්‍රියාකාරකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂී ග්‍රන්ථය මගින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ,ප්‍රබෝධජනක,රහසිගත ඉතිහාසය විස්තරාත්මකට දක්වා තිබේ.
ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් සෝහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව්බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් විජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.
යකඩ යුගය | Yakada Yugaya

Age of Iron යනු 1990 දී දකුණු අප්‍රිකානු නොබෙල් ත්‍යාගලාභී J. M. Coetzee විසින් රචිත නවකතාවකි.
ජාතිවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් විනාශ වූ රටක දිග හැරෙන සමාජ හා දේශපාලන ඛේදවාචකයේ චිත්‍රයක් අපූර්ව නවකතාවක ආකෘතියෙන් කොඑට්සී මෙම පොතෙහි රචනා කර ඇත. විවේචනාත්මකව පැසසුමට ලක්ව ඇති එය දකුණු අප්‍රිකානු වර්ණභේදවාදය සම්බන්ධයෙන් වඩාත් කැපී පෙනෙන සාහිත්‍ය කෘතිවලින් එකක් ලෙස පවතින අතර තවමත් සාහිත්‍ය අධ්‍යයනය සඳහා ලොව පුරා පාසල්වල පවා භාවිතා වන අග්‍රගන්‍ය කෘතියකි.
යක්ෂයා අපාගත වෙයි | Yakshaya Apagatha wei

රසල් හා ඩැල්රින් ඉන්ග්‍රම් අඹු සැමියන් දෙදෙනාම රැකියා විරහිතය. එසේම ඉඳුම් හිටුම් පවා අහිමි වී යන අවස්ථාවක මැතිව් පීරිස් නම් පුජකවරයා විසින් රැකියා ලබාදී, වාසය සඳහා පූජක නිවසද ලබා දෙයි. ඔවුන්ට මුලින් හැඟුණේ එය වෙස්වලාගෙන පැමිණි ආශිර්වාදයක් විලසිනි. එහෙත් වැඩි කලක් ගත වීමට පෙර රසල් මුහුණ දෙන්නේ බරපතළ, එසේම මාරාන්තික රෝගයකටය. පූජකවරයා නොවන බව රසල් තේරුම් ගන්නා විට ඔහු ප්‍රමාද වූවා වැඩිය. ඔහු ගොදුරක් බවට පත්වෙයි.
පුරුද්දට මිනී මරන්නෝ එකකින් හෝ දෙකකින් එම පුරුද්ද නතර නොකරති. මෙවර මරණයට පත්වන්නේ පූජකවරයාගේම බිරිඳය. මේ සියල්ලම සිදු වන්නේ කොළඹ ප්‍රසිද්ධ පූජක නිවසක් තුළය. සමහර විට ප්‍රථම වතාවට මෙවැන්නක් මුළු ලෝකයෙන්ම සිදුවුයේ ශ්‍රී ලංකාවේ විය හැකිය. ඔවුන් මරණයට පත් කරන්නේ සූක්ෂම ආකාරයෙන්, සීතාගතනොහැකි, එමෙන්ම එකාකාර නොවූ අලුත් පන්නයකට නොවේද?
යක්ෂි | Yakshi
රු5,000.00
යටි සිත | Yati Sitha

ස්වයං වර්ධනය සහ ස්වයං සාර්ථකත්වය අත් කර ගැනීමට උපදෙස් දීම සඳහා ලොවේ මේ දක්වා ලියන ලද ග්‍රන්ථ අතර අග්‍රතමය ලෙස මේ පොත සැලකේ.
ඔබ අත් පසුරෙහි, පහසුවෙන් ඔබට අල්ලා ගත හැකි ලෙස පවතින අතිශයින් විස්මය ජනක වූ මහා බලය සඳහා වූ යතුර මේ ග්‍රන්ථය මගින් ඔබ අතෙහි තැබෙයි.
කිසි දිනක ඉටුකර ගත නොහැකි යයි පෙනෙන සුවිශාල හා දුෂ්කර කාර්යයන්, හුදෙක් තම යටි සිතේ විස්මිත බලය පාලනය කිරීම ඉගෙනීම මගින් ඉටුකර ගන්නට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පාඨකයන්ට මේ ග්‍රන්ථය මග පෙන්වා ඇත.
පුද්ගලයෙකුට දෛනික කටයුතු හා සමස්ථ ජීවිතය සංවර්ධනය කර ගැනීම සඳහා සිය මනස භාවිතා කිරීමට සරල, ප්‍රායෝගික අත්දුටු අභ්‍යාස ඔහු ඉදිරිපත් කරයි. පාඨකයා ග්‍රහණය කර ගන්නා අපූරු කතන්දර හේතුවෙන් මේ පොත ඉතා රසවත් වී ඇති බවද කිව යුතුය.
යටි සිත 02 | Yati Sitha 02

මානසික සහ ආධ්‍යාත්මික නීති සම්බන්ධ ව වසර හතළිහකට වැඩි කාලයක නවමු පර්යේෂණ කළ ආචාර්ය ජෝසප් මර්ෆි ගේ ආකර්ෂණීය සොයා ගැනීම් මේ අගනා කෘතියෙහි අන්තර්ගත වේ. ඔබගේ ජීවිතයේ හැම අංශයකම වර්ධනය සඳහා, යටිසිතේ බලය උපයෝගී කර ගැනීමේ උපක්‍රම මෙහි විස්තර කෙරෙයි.
මෙහි සඳහන් ඉතා වැදගත් කරුණු අතර කීපයක් නම්:
* කනස්සල්ල, බය සහ සෘණ සිතුවිලි ජය ගැනීම
* මූල්‍ය සාර්ථකත්වයට සහ නිදහසට ගත යුතු පියවර
* ස්වයං පිළිගැනීම සහ සෞභාග්‍යය අත්පත් කර ගැනීම සම්බන්ධතා වගා කිරීම සහ සතුට විඳ ගැනීම
* සුවය සහ සැපත සඳහා අනන්ත හැකියාව වැඩට ගැනීම
යාපනේ කොල්ලා කොළඹ කටකාරයා | Yapane Kolla kolamba katakaraya

යාපනේ කොල්ලා – කොළඹ කටකාරයා පොත කියවන්න ඕන ඇයි?
සිවිල් යුද්ධය, ලිංගිකත්වය, දරුණු කොන්දේ අමාරු, ඩ්‍රැග් රංගනයන් සහ දිව්‍යමය නිමේෂයන් කියන හැමදේම එකම පිටුවක සජීවී වෙන, කොහොමහරි ඒවා පරිපූර්ණ සංවේදීබවට පැමිණෙන කතන්දරයක් ඔබ මීට කලින් කියවලා නැති නිසා. මේ පොත එක සමානව හාස්‍යජනකයි, හද කම්පා කරවන සහ “ඒගොල්ලො ඇත්තටම එහෙම කිව්වද?” කියලා ඇහෙන සුළුයි. ඔව්. ඔව්. මම එහෙම කළා.
වෙඩි උණ්ඩවලට ඔළුව පාත් කරමින් සහ රහස් බැලුම් හෙළමින් හැදුණු වැඩුණු යාපනේ කොල්ලෙක් කොළඹ මාධ්‍ය සර්කස් එක මැදට කෙළින්ම ඇදගෙන වැටුණු, පසුතැවිලි නොවෙන ගමනක කතාවක්. මේක ඔයා කියවලා අඬන සාමාන්‍ය කතාවක් නෙමෙයි. ඒක දීප්තියක් සහිත ජීවිතය ගලවා ගැනීමේ මාර්ගෝපදේශයක්. එක මිනිත්තුවකදි ඔයාට මාව බදාගන්න හිතෙයි, ඊළඟ මිනිත්තුවෙදි මට පණිවිඩයක් එවලා ඔයා කොහෙන්ද මේ ජැකට් එක ගත්තේ කියලා අහන්න හිතෙයි.
මම කවුද?
මම ඩනූ ඉන්නාසිතම්බි – ජනමාධ්‍යවේදියෙක්, රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, නළුවෙක්, ලේඛකයෙක් සහ ඉඳහිටලා අවුල්සහගත සම්බන්ධීකාරකයෙක්. මම මගේ වෘත්තීය ජීවිතය ගත කරලා තියෙන්නේ අනිත් අයව හඳුන්වලාදෙන්න. හැබැයි මේ පාර මම ඒක හොරකම් කරනවා. මම වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා, සාකච්ඡා මෙහෙයවලා තියෙනවා, මිනිස්සු අඬන (සමහර වෙලාවට උවමනාවෙන්ම) විදියේ රඟපෑම් කරලා තියෙනවා නාට්ටිවල. මට විවිධ – කැපී පෙනෙන, නිර්භිත, රූමත්, මුද්‍රණය කරන්න බැරි – විදියට ආමන්ත්‍රණය කරලා තියෙනවා. ඒත් ඒ සේරටම වඩා මම කතන්දර කියන්නෙක්. ඒ වගේම මේක තමයි මම කියලා තියෙන වඩාම පුද්ගලික කතන්දරය.
ඔයා ඔයාගේ මතකයන්ට පොඩි උමතු බවකින්, සහකම්පනයෙන් කැමති නම් සහ ඔයාගේ චිකිත්සකවරයා නොසන්සුන් කරන තනි වාක්‍යය හොයනවානම් යාපනේ කොල්ලා – කොළඹ කටකාරයා තමයි ඔයාගේ ඊළඟ උමතුව. මේක කියවන්න. තෑගි දෙන්න. කොටස් උපුටලාගන්න. රාමු කරන්න. විවේචනය කරන්න. හැබැයි ඒක බැහැර දෙන්න නම් එපා ඔයාට ආපහු ඒක හම්බවෙන එකක් නැහැ.
යුධ හමුදාපති ජාතියට දුන් පොරොන්දුව | Yuda Hamudawa Jathiyata Dun Poronduwa

වසර 34 ක ඊළාම් ත්‍රස්තවාදය මාතෘ භූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වු ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙළාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැගී සිටීම සඳහා විශාල කැප කිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදු විය. මේ අතරින් රණවිරුවන් කළ කැප කිරීම් කියා නිම කළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්‍රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පුජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකුයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවු බිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජිවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානි පැතුමයි.
යෝගී | Yogi

යෝගීවරයෙකුගේ ප්‍රථම ස්වයං ලිඛිත චරිතාපදානය වන Autobiography of a Yogi කෘතිය මේ වන විට විදේශීය භාෂා ගණනාවකට පරිවර්තනය කරනු ලැබ තිබේ. තුලනාත්මකව ආගම්, දර්ශනය, සාහිත්‍යය, සමාජ විද්‍යාව, ජීව විද්‍යාව, මනෝ විද්‍යාව ආදී විෂයයන්ට අදාළව ලොව පුරා විශ්ව විද්‍යාල රැසකම පාඨ ග්‍රන්තයක් වශයෙන් මෙය භාවිතා වෙයි.
යෝගීවරුන් පිළිබඳ ව යෝගීවරයෙකු විසින් ම ලියන ලද මෙම ග්‍රන්ථය වර්තමාන හින්දු යෝගීවරුන්ගේ ජීවිත හා අතීන්ද්‍රීය බල ශක්තීන් සියැසින් දැක අත්දැකීම් ඇතිව ලියා තිබීම නිසා මෙය කාලීන මෙන් ම කාලය ඉක්මවා ගිය අකාලික වටිනාකමකින් ද යුක්ත වෙයි.
මෙම ග්‍රන්ථයේ “පූජනීය” බවට ප්‍රධාන හේතුවක් විය හැක්කේ, වර්තමාන ලෝකයේ ජීවමාන ව වෙසෙන මහාවතාර ක්‍රියා බාබාජී යෝගී උතුමාණන්ගේ රූපය සහ එතුමා පිළිබඳ විස්තර වාර්තාව එහි ඇතුළත් වීම ය.
රජ බිසවකගේ පාපොච්චාරණය | Raja bisawakage Papochcharanaya

පාන් නැත්නම් කේක් කාපල්ලා’ යන ප්‍රකාශය කළැයි සැලකෙන ප්‍රංශයේ මාරි ඇන්ටනෙට් බිසවගේ ඛේදවාචකය රැගත් මෙම කෘතිය මරණය තෙක් ඈ වෙලා ගත් ප්‍රීති ප්‍රමෝදය හා දුක්ඛ දෝමනස්සය ද, නොසඟවා කියා පාන්නකි.
ඇගේ අවිචාර ක්‍රියාවන් අතර ප්‍රමුඛ වූ “ට්‍රියනන් මාලිගය” පාරාදීසයක් කරවනු පිණිස අසීමිත ධනයක් අපතේ යැවූ අයුරු, තිඹිරිගෙයි අමිහිරි අත්දැකීම්, රහස් තැන්හී පෙම්වතා සමඟ වින්දනය කළ ප්‍රේමාශ්වාදය, සතුරන්ගෙන් බේරි උමං මගකින් පලා යාමට ඇය දැරූ දුෂ්කර තැත, ගෙල සිඳළන තෙක් සිරගතව සිටියදී ඈ අත්දුටු දුක් පීඩා යනාදිය කියවන ඔබ සසල වෙයි.
සමාප්තිය කරා එළඹෙද්දී හදවතට තැවුල් දෙන, කොටස් දෙකකින් සමන්විත මෙම කතාන්දරය ඔබ කියවා අවසන් කරනු ඇත්තේ නෙතු කඳුළින් යුතුව බැව් සැක හැර කිව හැකිය.