Showing 937–960 of 1412 results
Shop
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 4/ Malory Towers / Malory Towers Balika Viduhala 4/Upper Fourth

ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වශයෙන් සැලකෙන ඉංග්‍රීසි ජාතික ඉනිඩ් බ්ලයිට්න් (1897-1968) විසින් රචිත මැලෝරි ටවර්ස් කතා පෙළට අයත් පොත් හයෙන් සිව් වැන්න වූ “UPPER FOURTH AT MALORY TOWERS” නමැති රසවත් නවකතාව මැලෝරි ටවර්ස් – 4 යි. “කතාන්දර කීමේ රැජන” ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න්ගේ මැලෝරි ටවර්ස් කතා පෙළ හැදී වැඩීගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත්, මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමඳව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන්ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකිය.
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 5/ Malory Towers / Malory Towers Balika Viduhala 5/In the fifth at

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනින්ඩි බිබ්ලයිටින් නමැති කතුවට යයි.
කතාන්තර කිමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත.
මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.
ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සටිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි ‘මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ‘ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය වස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූටින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක
In the Fifth at Malory Towers සහා Last term at Malory Towers සම්පූර්ණට හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූටින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි පස්වන නවකතාවයි
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 6/ Malory Towers / Malory Towers Balika Viduhala 6/Last Term at

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බිබ්ලයිටින් නමැති කතුවරියයි. ‘ කතාන්දර කීමේ රැපින’ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.
ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි’ මැලෝරි ටවර්ස් බාලිකා විදුහල’ නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූරිත් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers ∞ Last term at Malory Towers සම්පූර්ණව හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූටින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි හයවැනි නවකතාවයි.
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 1 / New Term at Malory Towers

එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිතසංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.
මුලින් ම කතා හයකින් ලියවී ඇති මැලෝර් ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරේ ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙතඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 2/ Summer Term at Malory Towers

පාසල් යන වයසෙහි පසුවන ළමයින්ට කියවීමට ඉතා සුදුසු ම අතිරේක කියවීම් පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී ඇති මැලොරි ටවර්ස් කතා මාලාවේ දෙවැනි පියවරේ දෙවැනි පොත වන Summer Term at Malory Towers නමැති රසවත් නව ප්‍රබන්ධයෙහි සම්පූර්ණ පරිවර්තනය මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ – 2 යනුවෙන් අප මෙසේ සිංහල පාඨකයන් හමුවේ තබන්නේ, මෙහි මුල් පොතට දරුවන්ගෙන් පමණක් නොව, ගුරු දෙගුරුන්ගෙන් ද ලැබුණු යහපත් ප්‍රතිචාර පිළිබඳ සැලකීමෙනි.
පළමු පොත් පෙළෙහි කතා නායිකාව වූ ඩැරල් රිවස්ගේ නැඟණිය වන ෆෙලිසිටි රිවර්ස් මැලොරි ටවර්ස් බාලිකාවේ දී ඇයට හමුවන අලුත් මිතුරියන් ඇසුරේ ලබන විවිධාකාර අත්දැකීම් මේ රසාලිප්ත නවකතාවට පාදක වී තිබේ.
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 3/ Winter Term at Malory Towers

එංගලන්තයේ ජනප්‍රිය නේවාසික බාලිකා පාසලක සිසුවියන්ගේ රසබර අත්දැකීම් අළලා ලියැවී ඇති මැලෝරි ටවර්ස් නවකතා මාලාව, පාසල් යන වයසේ පසු වන, හැදෙන වැඩෙන ළමා පරපුරට කියැවීමට ඉතා ම සුදුසු පොත් පෙළක් ලෙස ඉහළින් ම සම්භාවනාවට පාත්‍ර වී ඇත. ‘මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ – 3’ ඒ පොත් පෙළෙහි තවත් පියවරක් වන Winter Term at Malory Towers නම් රසවත් නව ප්‍රබන්ධයෙහි පූර්ණ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මඟින් මුල් ඉංග්‍රීසි පොතෙහි රසය එයාකාරයෙන් ම සිංහල පාඨකයාට ද විඳ ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත.
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 4 / Fun and Games

මැලෝර් ටවර්ස් බාලිකාවේ කොයි වාරය වුව ද, විනෝදයෙන් හා සතුටුටෙන් පිරුණකි. එහෙත් ෆෙලිසිටි රිවර්ස්ට හා ඇගේ මිතුරියන්ට මේ වාරය වෙනදාටත් වඩා විනෝදයක් වන්නේ, මැලෝරි ටවර්ස් බාලිකාවෙන් පළමු වරට එළිදකින වාද්‍ය වෘන්දය නිසා ය. එසේ වුවත්, අධ්‍යාපන කටයුතුත් සමඟ වාද්‍ය වෘන්දයේ කටයුතු සමබර ව රැගෙන යෑම සිසුවියන්ට අභියෝගයකි. ඒ අතරේ දී ඔවුන්ගේ අලුත් පන්තියේ පැන නඟින තව තව අලුත් ගැටලු ද විසඳා ගැනීමට ෆෙලිසිටිට හා ඇගේ මිතුරියන්ට සිදු වේ. ඒ ආකාරයෙන් ඔවුහු සිය ආදරණීය විදු මාතා සෙවණේ අධ්‍යාපනය සමඟ ජීවිතයට ද පන්නරය ලබති.
“මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ’ පාසල් යන වයසේ පසු වන ළමයින් කොයි කාටත් කියවා රසවිඳිය හැකි රසවත් කතා මාලාවක් ලෙස අවිවාදයෙන් පිළිගැනේ.
මැලෝරී ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ 5 / Secrets at Malory Towers

මේ ෆෙලිසිටි රිවර්ස් මැලෝරි ටවර්ස් බාලිකාවේ ඉගෙනුම ලබන අවසන් අවුරුද්දේ පළමු වාරය යි. සිය වැඩිමහල් සොයුරිය සේ ම මැලෝරී ටවස්හි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත් වීමේ වාසනාව ඇයට ද හිමි වේ. උසස් සහතික පත්‍ර විභාගයේ පාඩම් කටයුතුත් ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරෙහි වග කීමුත් සමබර ව කරගෙන යන ඇයට, අලුතින් ඇගේ පන්තියට ඇතුළු වන සිසුවියකගේ අබිරහසක් විසඳීමට ද සිදු වේ. එපමණකුදු නොව, පාසලේ හයේ පන්තියට ඇතුළු වී සිටින අලුත් ළමයින් ඇති කරන කරදර විසඳා ලීමේ වගකීම ද ඇයගේ කරපිටට ම වැටේ!
පාසල් ජීවිතයේ දී දරු දැරියන්ට ඉදිරිපත් වන අභියෝග ජයගෙන, ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන, අධ්‍යාපනය පරිපූර්ණ වශයෙන් සාර්ථක කර ගන්නා අන්දම පිළිබඳ මනා ආදර්ශයක් සපයන “මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ” කතා මාලාවේ පස් වැන්න වන මේ පොත ද සෑම පාසල් පුස්තකාලයක ම තිබිය යුත්තකි.
මැලෝර් ටවර්ස් බාලිකා විදුහල 1 / Malory Towers / Malory Towers Balika Viduhala 1/ First Term

ළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනිඩ් බ්ලයිට්න් නමැති කතුවරියයි. “කතාන්තර කීමේ රැජින ‘ යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව හත්සියය ද ඉක්මවා ඇත. මේවායින් බොහෝමයක් විවිධ භාෂාවට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය.
ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනා ගෙන, ඒ ඒ පරිසරයට හා පසුබිමට සරිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි. ” මැලෝරි ටවර්ස් බාලිකා විදුහල “. නේවාසිකාගාර සතරකින් සමන්විතමෙම උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය විස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට එම කතාවේ මෙම සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත පරිවර්තනය චන්ද්‍ර අනගිරත්න අතින් නිම වී ඇත.
මිනිසා යෝධයකු වුයේ කෙසේද ? / minisa yodayeku wuye keseda?

මිනිසුන් මෙහෙයවීමේ කලාව | Minisun Meheyaweeme Kalawa

මිෂන් සරා | Mission Saraa

මම අනුරාධ්‍යා පැහැසරණි. යාලුවන්ට මම සරා. එක විශේෂ කෙනෙක්ට මම…
වහ්!
ඒක හරියන මගුලක් නෙමේ. කවුරුත් නොදන්න අන්ධකාර ලෝකෙට මම..
ම්ම්ම්… ඒක මෙහෙම කියල වැඩක් නෑ. කියවලම ඕන දැනගන්න.
ආදරේ? මම??? පිස්සු හැදෙයි. විස්වාස කරන්න අනේ ආදරේ වේදනාවක් කියල පුරාණ පඬිවරු කොස්කොළ වල පවා ලියල තිබ්බෙ බොරු නෙමේ. කවුරු කාට කොහොම කරත් ආදරේ එන්නෙම විරහව, අහිමිවීම් අතේ තියන්. අනික මට ඔය සියුමැලිව හැසිරෙන එක පොඩ්ඩක් මුල සිට සරලව ඉගෙනගන්නැතුව අමාරුයි. හැබැයි මෙහෙමයි… මගේ අනාගත බලාපොරොත්තුව?
හරකෙක් උනානම් ඔය මොකුත් නෑනෙ අනේ පාඩුවෙ තණකොල ටිකක් උලාකාගෙන හිටියා. ඒත් තණකොල එච්චර රහ නැහැ, චැහ්!
ම්ම්ම්… මාශල් ආට්ස්? ඔව් ඒකත් නවත්තන්න බෑ. ඒ ගමන් ප්‍රේමයෙන් පැරදිච්ච පෙම්වතු – වතියන්ට ජීවිතේ ජයගන්න මෝටීන් කරන බිස්නස් එකක් පටන් ගන්නවා. ඊට පස්සෙ සල්ලි ගොඩක් හොයලා ඇමරිකාවටත් ණයට සල්ලි දෙනවා.
ඔව් එහෙම තමා මං හිතන් හිටියේ…
හැමදේම මටත් නොදැනී වෙනස් වෙනකම්.
“සරා!”
“ෆෝකස් සරා ෆෝකස්!!!”
මිෂ්කයි මමයි / Mishkai mamai / Eleven stories for boys and grils

“ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරී නම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කුඩු හදන්නත් නියෙනවා.” “අපි කුරුළු කුඩු පස්සේ හදන්නම්.” “ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි.’ “නෑ.. එයාලා එන්නේ නෑ…” ” මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද?” “එයාලා ඉඳියි ! කෝ පොඩ්ඩක් ඉන්න…” මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක්‍රියා කරමින් තිබුණි. ඉක්‍යුබේටරය අසලම මායා ඇයට නියමිත තැන වාඩි වී සිටියා. අපි ඇයට මුව නොසෑහෙන්නම ස්තූති කර සෙල්ලම් කරන්නට යාමට ඇය මුදා හැරීයා.
මිසර අප්සරා / misara apsara

වාලුකා කතර රන් පැහැයෙන් ඒකාලෝක කරමින් ප්‍රභාමත් වූ හිරු නැගිගෙන ආවේය. ඉර අව්වට රත්ව ගිය වැලි බිම මත දණ ගසා සිටි සෙත් සිටියේ තිරණයක් ගත නොහැකිව ලතවෙමින්ය. ඔහුගේ හදවතෙහි කොණක් වේදනාවෙන් ඉරිතැලි ගොසින් තිබුණි.
”අහගන්න මගේ ආදරණීය දරුවා… ඇගේ පියා වූ වර්තමාන රජු තමයි කුමන්ත්‍රණ කර ඔබේ පියාව මරා දැමුවේ. ඉතින් ඇගේ සිරුරේත් දුවන්නේ ඔබේ පියා මරා දැමු ඒ ද්‍රෝහි රුධිරය. හැඟිම්වලට වහල් නොවී ඇගෙන් පළිගෙන මේ වෛරය නිමා කරන්න. එවිට ඔබේ පළිගැනීම සම්පූර්ණ වේවි දරුවා.”
ඔහු බර සුසුමක් ඇද ගත්තේය. පළිගැනීමේ පාලමෙහි අවසාන කෙළවර සිටගෙන සිටියේ ඔහු ඉතසිතින් ආදරය කළ දයාබර නෙෆ්රූ ය. ඇයව නොමරා තම පළිගැනීම සම්පූර්ණ කළ නොහැක. එහෙත් එය කෙසේ කරම්ද?
ආදරයද…? පළිගැනීමද…?
ඔහු මේ හැඟිම් දෙක අතර සිරව ගියේය.
මිහිරි මිදි අතු | Mihiri Midi Athu

ජුලි 21 වෙනිදා නිකුත් වේ.
කුහුඹුවන් මිලියනයකින් සැදි
පස් ගොඩැල්ලක් ජනපදයක් වෙන කොට,
මී වදේ මාළිගාවක් කරගෙන
මී මැස්සියක් රැජිණක් වෙන කොට
මක්වෙනවද Darling
නොගැළපෙන දෙන්නෙක්
ගැළපෙන්න හදනකොට?
එහෙම තමයි ලෝකය
විචිත්‍රවත් වෙන්නෙ
අපි කාට කාටහරි
ආදරේ කරන කොට
මීදුම් දුමාරේ | Meedum Dumare

නොවැම්බර් වැස්ස
දිගට ම වැස්සේ ය. සීතලට
යටවෙමින් තිබි නුවරඑළිය
මල් වරන්නට වූයේ ය. නමුත්
අපේ කඳු බෑවුමේ හුදෙකලා වූ
ලිලී, ඩැෆඩිල්, ඩේසි හෝ
ජර්බෙරා මලක් සොයාගත
නො හැකි වූයේ නැත. මම
එවන් මලක්, කොළයක්,
ගෙඩියක් හෝ දඬු
කැබැල්ලක් සොයා දෙදිනකට
වරක් අවිනාශ් ගේ මේසය
මතට ඉකෙබානා සැරසිල්ලක්
කළෙමි. මගේ ජීවිතයෙහි මා
ආශාවෙන් කළ සියල්ලට වඩා,
මේ මල් සැරසිලි කිරීම
තුළින් මා තෘප්තියක්
ලබන්නට ඇත.
මීලඟ මීවිත | Meelaga Miwitha

“ සහෝදර තුරුවැල් මුදුන් මත
මතුව එන ලෙස මියුරු වූ ඵල
පසෙහි මුසුවී තිබුණු වස විස
උරා බොන්නැති නියගලා වැල…
මීෂා | Meesha

ඒ දේ මොකක්ද කියලා මම දන්නේ නැහැ. එහෙත් මාර්කෝගේ රෝගයත් එක්ක ‘පොඩි දරුවෙක්ගේ’ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා. සමහර විට ඒ මාර්කෝගේම දරුවෙක් වෙන්න පුළුවන්”
“දරුවෙක්?” මම පුදුමයෙන් ඇසුවෙමි.
“ඔව්… පොඩි ගැහැනු ළමයෙක් “
මුදල් සොයන මොළේ| The Psychology of Money

”ජිවිතයේ බොහෝ දේ සඳහා හොඳ රීතියක් ඇත. එනම් බිද දැමිය හැකි සෑම දෙයක්ම අවසානයේ බිඳී යන බව අවබෝධ කර ගැනීමයි. බොහෝ දේවල් එකක් මත තවත් එකක් රදා පවතී නම් එම එක් දෙයක් කැඩී බිඳී ගියහොත් ඔබ විනාශ වනු ඇත. එය අසාර්ථකත්වයේ මූලික ලකුණයි.”
මුදල් කළමණාකරණය සම්බන්ධයෙන් ලියැවුණු අති විශිෂ්ට කෘතියකි.
– DANIEL H. PINK
මුනිවර දේශනා හෙවත් සෞන්දර්යේ ගීතය | Muniwara Deshana Hewath Saundarye Geethaya

ඛලීල් ජිබ්රාන් නම් වූ අපුරු චින්තකයා, සොදුරු සිත්තරා, විශිෂ්ට සවියා මධුර ස්වරයෙන් ගායනා කරන මුනිවර දේශනා හෙවත් සෞන්දර්යයේ ගීතය සියුම් හා තියුණු ආලෝක ධාරාවක් වැල්ල කරන්නේ ‘ පවතයේ සංකේත තේරුම් ගැනීමට යැයි මම සිතමි.
හුදෙකලා කුටියේ තමා හා ගතකරන්නට, මධු බඳුන් පුරවාලන්නට පැමිණි සොඳුරු ආදරවන්තිය යනු පෙරදා තමා විසින් දකිනු ලැබූ සිහිනයයැයි ඔහු වරෙක කියයි. එතැන් පටන් මේ සුරූපිණිය විප්‍රවාසයේ නිර්මනය හා විස්මෘතියේ නිම්නය බලා පිටව ගිය බව ද පවසයි.
සිය යහන අසලින් ඇගේ රුව වල්ලා තැබුව ද, ඇය එවු පෙම්හසුන් මරකත මාණික්‍යයෙන් කළ මංජුසාවක තැන්පත් කළ ද, තදනන්තරව පැමිණි වා රැළි විසින් ඒවා පලවා හනු ලැබුණේ විස්තෘතියේ පෙදෙස් කරා යැයි ද කියා සිටී.
මේ ආදර වන්තියට, ඔහු නමක් දෙන්නේ පසුව ය.
මගේ ආදර වන්තියගේ නම් ජිවිතයයි.
මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් සිංහල බසට පෙරලු මේ වදන් පෙඳු පිරාන් නම් වූ මහා කවියාගේ කාව්‍යමය සංකල්පනාවන්හි ප්‍රයමානයයි. සෞන්දර්යයේ ගීතය හා සුසංයෝගීව පසු බිමින් වශයන වස්දඬුරාවයක් මෙ මට පෙනී යන්නේ. මේ පොත දෑසින් අසන්නටත් දෙසවනින් නරඹන්නටත් පුළුවන.