Showing 913–936 of 1412 results
Shop
මල් පිපෙන හිරොෂිමා | Mal Pipena Hiroshima

අපිට මේ ලොවේ තියෙන සියුම් ඉසියුම් දේවල් දකින්න විඳින්න ඕනෑ තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් මා හිතන විදියට සොඳුරු දෙය තමයි කවියෙකුගේ හෘදයාංගම ඇස් බැල්ම කියන්නේ. හොඳ කවියක් නිතරම අපි නොදකිනා තෙවෙනි මානයකට අපව ගෙන ගොස් අපගේ ආත්මයේ මෙතුවක් අපට අසුනොවී ඇති තැන් අවදි කිරීමට සමත් වෙනවා. ඩිෂාන් චතුරංග කියන්නේ කවිය තුළින් අපව එවැනි තැනකට ඔසවා තැබිය හැකි තුරුණු කවියෙක් බව ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයෙන්ම ඔප්පු කර තිබෙනවා. ඔහුට කවි ඇසුරේ දුර ගමනක් ඇති බවට මග සලකුණු මෙම කෘතියෙන් මම අත්වින්දෙමි. කවිය අවියක් කොට සමාජය අවදි කිරීමට ඔහුට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා සහෘදයකු ලෙස මම ඉත සිතින් පතමි.
– ඉලක්ෂ ජයවර්ධන
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ | Masa nimakala hadawathak wikineemata thibe

දැන්වීමයි !
ප්‍රේමයෙන් අත් හැරුණු පසු බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයේ කටු ඇනී ලේ ගැලු සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න ඉරුණු තැන් නොපෙනෙන්න
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මගදි හමු වූ වෙදැදුරෙක් මෙය පිළිසකර කර තිබේ…
මසා නිමකළ හදවතක් විකිණීමට තිබේ
මහ පිරිත | Maha Piritha

පිරිත් පේ කිරීම
සතර කමටහන්
සෙත් පිරිත්
දොරකඩ අස්න
අනුශාසනාදිය සහිත උප ග්‍රන්ථයෙන් යුක්ත යි
මහ සිහිනයක මිහිරි කරදර | Maha Sihinayaka Mihiri Karadara

වචන මාධූර්යයට සපුරා වසඟ නොවන අර්ථ පෞරුෂයකින් හෙබි ලියනගේ අමරකීර්තිගේ කවි මග මේ මොහොතේ සිංහල කවියේ ‘ප්‍රධාන ධාරාව’ යයි සම්මත කවි මගට නිශ්චිතවම වෙනස් ඉසව්වක විහිද යන්නකි. තේමාත්මක මානයේ සහ සංරචන විධිය යන දෙකෙහිම ඒ වෙනස කැපී පෙනෙයි. කවියට උචිත යැයි ‘ප්‍රධාන ධාරාව’ තුළ සම්මත තේමා සහ සංරචන විධි යන දෙකම අනුගමනය නොකරන කවි ඔහුගේ කවි අතර සුලබය. තමන්ගේම තානයකට තමන්ගේම වේගයකින් ගලා යන දොළ පහරක් සේ ඔහුගේ කවිය දශක දෙකකට අධික කාලයක් තිස්සේ නිහඬව පාඩුවේ ගලා යනු දැකිය හැක්කේ කවිය සම්බන්ධයෙන් වන සීමිත නිර්වචන අමතක කොට ඒ දෙස විමසිල්ලෙන් බලා සිටින තවත් කවි සිතකට පමණි. ‘එකමත් එක පිටරටක’, ‘හමුවෙද අපේ වෙණ තත’, ‘හෙවණැල්ල වී පවතිමි’ සහ ‘මහ සිහිනයක මිහිරි කරදර’ යන ග්‍රන්ථ නාමවල පවා ඒ අනන්‍ය ගමන නිරූපණය වෙයි.
ඉහත අනන්‍යතා ලකුණද ඔහුගේ කවියට විෂය වන තේමා විහිදෙන පුළුල් පරාසයද, එකවර සටහන් කිරීම සඳහා මේ කාව්‍ය ඛණ්ඩ පමණක් වුව සෑහෙයි:
‘එක කඳුළකට විතර ඉස්සර
උනිද ඔබ කෙතෙක් ලස්සන’ (එකමත් එක පිටරටක)
‘ආදි මිනිසා කවර දෙස වුව ඊය හැදුවෙද
ඒත් සමගම වෙණ තනා ඇත
මිතුර කෝ ඒ අපේ වෙණ තත
ඊ වැකුණ හද සනසවන තත
අපට හමුවෙද යළිත් ඒ තත’ (හමු වෙද අපේ වෙණ තත)
කුමුද පිපෙනා තැනක පිපුම්කාරක කවුද
පුෂ්පකාරක කවුද කුමුද ඔබ දන්නවද (මහ සිහිනයක් මිහිරි කරදර)
අමරකීර්ති හෝ එවැනි වෙනත් කවියෙකුගේ කවි මග ගැන තබන සටහනකදී අවධාරණය කළ යුත්තක් වන්නේ කලා ශානරවල සීමා මායිම් නිර්ණය පිළිබඳ අනවශ්‍ය ලෙස අනම්‍ය වීමද, ශානරයක් තුළ මතු විය හැකි විවිධත්වය සමතලා කොට බැහැර කිරීමට ඉක්මන් වීමද යන දෙකරුණම අදාළ කලාංගයේ ප්‍රගමනයට දැඩි සේ බාධා පමුණුවන බවය.
-ප්‍රභාත් ජයසිංහ.
මහා කාශ්‍යප රහතන් වහන්සේ / Maha Kashapa Rahathan Wahanse

මහා මුද්‍රා ගීතය | Maha Mudra Geethaya

මෙම කෘතිය, දැනට සියවස් 10 කට පමණ පෙර භාරතයේසිටි තාන්ත්‍රික ආධ්‍යාත්මික ගුරුවරයෙකු වූ තිලෝපාගේ හෙවත් තිල්ලෝපාදයන්ගේ ‘මහාමුද්‍රාගීතය’ නම් වු කොටස් 24 සමන්විත ගීතය සහ ඒ පිළිබඳව, 20 වැනි සියවසේ සිටි ගැඹුරු ආධ්‍යාත්මික ධර්මාචාර්යවරයෙකු වූ ඕෂෝ විසින් පවත්වන ලද දේශනවල එකතුවකි.
තිලෝපා එම මහාමුද්‍රා ගීතය ගායනා කළේ තම ශිෂ්‍ය නාරොපා වෙනුවෙනි. එය ඇසූ නාරොපා ද තම ගුරුතුමා ලබා සිටි ප්‍රත්‍යක්‍ෂයට ම පැමිණිබව කියවේ.
මහා මුද්‍රාව යන්නෙන් අදහස් කරන්නේ මුළු විශ්වයම සමග පූර්ණ තෘප්තියකට පත් වීම ය. මෙම තෘප්තිය ලිංගික තෘප්තියකට සමාන ය. ඔබ යමෙකුට ප්‍රේම කර ඇත්නම් ඔබ එම පුද්ගලයා තුළට දිය වී ගොස් එම පුද්ගලයා සමග සහව්‍යතාවට පත්වුණු අවස්ථාවල දී, ඔබ දෙදෙනා දෙදෙනෙක් නොවෙති. ශරීර වෙන් ව ඇත. එහෙත් යම් කිසි දෙයකින් මේ ශරීර දෙක අතර ස්වර්ණමය පාලමක් ඇති කරනු ලැබේ. එවිට අභ්‍යන්තරයෙහි ඇති ද්විත්ව බව නොපෙනී යන්නේ ය. දෙකෙළවරෙහි ම එකම ජීවිත ශක්තියක් ස්පන්දනය වීමට පටන් ගන්නේය.
මහාමුද්‍රා භාවනා | Mahamudra Bhawana

“එයවචනයෙන් විස්තර කළනොහැක,
එමෙන්ම එය මනසට විෂයවන්නක් ද නොවේ.
තිලෝපා වන මට,
හෙලිකිරීමට මීට වඩා කිසිදුදෙයක් නැත.
ඔබගේ ම මනසේ පවතින සංකේත ඇසුරින් ඔබ(ව)ම දැන ගන්නා අයුරින් ක්‍රියාකරන්න.
සිතින් එක් එක්දේ මවා නොගනිමින්,
කල්පනා නොකරමින්, විග්‍රහ නොකරමින්,
භාවනා නොකරමින්, සිත තුළට නැඹුරු වී නොබලමින්,
මනස එහි ස්වාභාවික තත්වයෙන් තබා ගන්න.
එහි අදහස නම්, මුළු ග්‍රන්ථයෙන්කි යවෙන සියලුම දෑ, මෙම කවියට ඇතුළත් වනබව ය. එහිදී ද තිලෝපා මුලින්ම දක්වන්නේ, එය වචනයෙන් විස්තර කළ නොහැකි බව ය.
ටිබැට්භාවනා ක්‍රම අතර උසස් ම භාවනාව ලෙස දැක්වෙන ‘මහාමුද්‍රා භාවනාව’ සාර්ථකව කිරීමෙන්ඇති වන ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ මේ ජීවිතයේ දී ම ධර්‍ම ප්‍රත්‍යක්ෂය ලැබීම ය. සුවාසූ(84) සිද්ධවරයන්පිළිබඳ ටිබැට් කථා සංග්‍රහයේ දැක්වෙන්නේ ද මහාමුද්‍රාව ගුරුවරයෙකුගෙන්ශිෂ්‍යයාට සම්ප්‍රේෂණවීමෙන්මේ ජීවිතයේ දී ම සිද්ධ හා මහාසිද්ධ බවට පත්වූ සමාජයේ විවිධ මට්ටම්වල සිටි යෝගීන්පිළිබඳව ය.
මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය – දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්| Das capital

මාක්ස්ගේ ප්‍රසිද්ධතම කෘතිය වන දස් කපිටාල්හි විකල්ප නව ආර්ථික විද්‍යාවක් හඳුන්වා දී ඇත්ද යන ප්‍රශ්නය මේ පොතේ විමසුමට ලක් කෙරේ. ලංකාවේ දස් කපිටාල් කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් වන අතර දස් කපිටාල් විවේචනය කළ විවිධ ගුරුකුල වල අර්ථ ශාස්ත්‍රඥයන්ගේ විචාර සම්ප්‍රදාය ලංකාවට සම්පූර්ණයෙන් ම පාහේ ආගන්තුක ය. මාක්ස්ගේ කෘතියේ එන අදහස් මෙන් ම පසුකාලීන විවේචකයන්ගේ හා ප්‍රවර්ධකයන්ගේ අදහස් ද විමසා බලමින් මෙහි පෙන්වා දෙන්නේ මාක්ස් නව ආර්ථික ප්‍රවාදයක් ඉදිරිපත් නොකළ බව හා ඔහු පැරණි අර්ථ ශාස්ත්‍රයට කළ සංශෝධන අසාර්ථක වූයේ ඇයි ද යන්න ය. මාක්සියානු ආර්ථික සංකල්ප පිළිබඳ දැන ගැනීමට උනන්දු අයට මෙන් ම ආර්ථික විද්‍යා ඉතිහාසය අධ්‍යයනය කිරීමට කැමති පිරිසට ද මේ පොත එක සේ වැදගත් වනු ඇත.
මාගරට් | Magarat

බැහැපිය ගහෙන්
ඇයි…?
“තොගේ හතර හන්දි කඩන්න”
බෑ
විං චිං නෝනා ගහ උඩ ඉඳන් මහ හයියෙන් හඬයි.
මම ගහ කපනවා
මං මැරෙනවා ගහෙන් පැනලා
ආහ් මැරියංකො මැරුණත් ගහනවා තොට
මං මැරුණොත් කව්ද කොස් කඩන්නේ ” ”
කොස් නොකා ඉන්නවා
ඇයි මං මොකක්ද කළේ ” ඇයි උඹ එහෙනම් මං එනකොට ගහට නැග්ගේ…?
මං නැග්ගේ නිකම්
තෝ කීයට හරි බිමට වරෙන්කෝ හම ගහනවා අද තෝව
ගැහුවොත් මං කියනවා.
මොකක්ද ?
අක්කගෙ පොත් ඇද්දා කියලා, පුංචම්මා නාන්ත ගිය වෙලේ ලාච්චුව ඇද්දත් කියනවා. පරට්ටි කියලා බැන්නා කියලත් කියනවා”
මාණික්කාවත | Manikkawatha

“උඹලගේ පඳුරු ගැනිල්ල අපට නතර කොරන්න බැරි වග උඹල දන්නවා… විසේසෙන් කෙල්ලේ උඹ බලවතියක්.ආසාවල් ඇති වෙනවා තමයි. ඒ් උණාට සිහි කල්පනාවට ගනිං,ගොයම කපන්න කලියෙන් වී පාගන්නෑ. ඉස්සෙල්ලාම ගොයම හොදට පැහෙන කල් ඉන්න ඔ්නි. ඊට පස්සෙං පහු යි පැහුණු ගොයම කපාගන්නේ .ඊට පස්සෙ යි කැපූ ගොයම පාගලා අස්වනු ඒක්කාසු කොරගන්නේ.ඊට කලියෙං කුඹුරට පැනලා දැඟලුවාම මොකෑවෙන්නේ? ආයේ කැපිල්ලට ගොයමක් ඉතුරු වෙන්නේ නෑ… මේකා ඉලන්දාරියා කොයියම්ම දේ උණත් මේකාට අමුණු වෙළේ ඒබිලා අමුඩ ලේන්සුව මිරිකලා ඒ්කෙන් පිහදාගෙන ගෙදර යන්න ඇහැකි.හැබැයි උක්කුං කෙල්ලේ,උඹට ඒ්ක ඒහෙම කොරන්න බෑ…
මාතර මහ කැරැල්ල | Mathara Maha Karalla

මෙම කෘතිය ලුඩ වැයික් වාහනාර් ලන්දේසි බසින් රචිත ගාල්ල – ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පාලන ශාඛාව – 1760 ලන්දේසි අධිකාරියට එරෙහි සිංහල නැගිටීම ආසන්න කාලයේ යටත් විජිත සමාජයක් පිළිබඳ Besenów (Lodewijk Wagenaar, Galle VOC vestiging in Ceylon- Beschrijving van een koloniale samenleving aan de voorond van de Singalese opstand tegen het Nederlandse gecag, 760 (Amsterdam (De Batalische Leciw) 1994) යන කෘතියේ පරිච්ඡේද තුනක සිංහල පරිවර්තනයකි. මේ පරිවර්තනය මගින් මූලික වශයෙන් අපේක්ෂා කරන්නේ 1760 දෙසැම්බර් මාසයේ දී ප්‍රධාන වශයෙන් ලංකාවේ ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ පරිපාලනය යටතේ පැවැති වර්තමාන මාතර දිස්ත්‍රික්කය ආශ්‍රිත ප්‍රදේශය මුල් කරගෙන හටගත් විශාල ජනතා නැගිටීම පිළිබඳ මූලික අවබෝධයක් සැපයීමටයි. ලංකාවේ ඓතිහාසික වර්ධනය තුළ අතිශයින් වැදගත් වුව ද එකරම් ප්‍රචලිත නොවන මෙම ජනතා නැගිටීමේ සැඟවුණු ඉතිහාසය. VOC නමින් ප්‍රකව, ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ දැවැන්ත සංරක්ෂිත අභිලේඛන එකතුව භාවිත කොට සම්පාදනය කර ඇති මෙම
කෘතිය මගින් නිරාවරණය කෙරේ.
1945 දී නෙදර්ලන්තයේ අමස්ටර්වාම නගරයේ උපන් ලුඩ වැයික් ජේ. වාහනාර් 1980 පටන් මේ දක්වා අඛණ්ඩව ලංකාව පිළිබඳ පර්යේෂණ කටයුතුවල නියැලේ. මේ කෘතිය ඇතුළුව ඔහු ලංකාව පිළිබඳ පර්යේෂණ කෘති ගණනාවක් සම්පාදනය කර තිබේ. අම්ස්ටර්ඩෑම ඉතිහාස කෞතුකාගාරයේ (Amsterdams Historisch Museum) eadem ce mogą කොට විශ්‍රාම ලැබූ ඔහු අමස්ටර්ඩෑම විශ්ව විද්‍යාලයේ )Universiteit van Amsterdam( ද කටයුතු කරයි.
කෘතියේ පරිවර්තක නිර්මාල් රංජිත් දේවසිරි කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයාය.
මායා බන්ධන | Maya Bandana

ආතර් මිලර් විසින් රචිත The Crucible යනු 1692 දී මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සලෙම් හි සිදු වූ සාලෙම් මායාකාරියන්ගේ නඩු විභාග පාදක කරගත් ප්‍රබන්ධයකි. එය මායාකාරියන් දඩයම් කරන්නට උත්සාහා කරන නමුත් භීතියෙන් ඇලලුනු ගම්වැසියන් සිටින ගමක කතාව කියයි. සලෙම් මායාකාරියන්ගේ නඩු විභාගය මෙන්ම මෙම පොත ද ආන්දෝලනයට තුඩු දුන්නකි.
මායාවාස | Mayawasa

වංශවතෙකු හා දේශපාලනඥයෙකු වූ සෙවෙරෝ දෙල් වාල්, දරුවන් 15 දෙනෙක් බිහිකර සිටින සිටින ඔහුගේ බිරිද නිවියා සහ තවත් අසාමාන්ය අපූරු චරිත බොහෝමයක් ඇති විශිෂ්ට කෘතියකි.
නුතන ලෝක සාහිතයේ විශිෂ්ට කෘති අතර ප්රමුඛත්වයේ ලා සැලකෙන “මායාවාස” අද වන විට ලෝකයේ භාෂා 37 කට පරිවර්තනය වී ඇති අතර 1993 දී චිත්රපටියකටද නැගුණි..ත්රාසය කුතුහලය හාස්යය ආදරය ලිංගිකත්වය මේ සියල්ල මුසු කළ මේ අපුරු කතාව ගාමිණී වියන්ගොඩ මහතාගේ තවත් විශිෂ්ට පරිවර්තනයකි..
මැණිකේ | Manike

මැණිකේ
හති නම් දැන් ඇති
මිනිස්සු හරි කැමති වචන වලින් සිතුවිලි මරන්න..
ඒ වගේම සිතුවිලි වචන කරලා මිනිස්සු මරන්න..
ජීවිත ගමන තුල අපට හමුවන දුක, සතුට නිතැතින්ම කඳුලින් නිමවූ අවස්ථා මෙන්ම දුක සතුටක් ලෙසද සතුට දුකක් ලෙසද විඳදරා ගත් සෑම අවස්ථාවකම “කවිය” ඉතා වැදගත් වූත් වටිනා වූත් කාර්‍යහාරයක් ඉටු කළ බව නොරහසකි.
සාහිත්‍යය නම් වූ සමුද්‍රය තුල කවිය නම් වූ ඔරුව පැදවීමට භාෂාව නම් වූ හබල හැසිරවීම් සංයමයෙන් සිදු කල යුතුයි.
මැදියම් රෑ පුස්තකාලේ | The Midnight Library

ජීවිතය සහ මරණය කියන අවස්ථාවන් දෙක අතරේ තියෙනව පුස්තකාලයක්.’ ඈ කිව්වා.
‘ඒ පුස්තකාලය ඇතුළේ තියෙනව ගණන් කරලා ඉවර කරන්න බැරි තරම් පොත්. ඒ හැම පොතක්ම, ඔයාට ජීවත්වෙන්න ඉඩ තිබුණ වෙනත් ජීවිතයක් අත්හදා බලන්න අවස්ථාවක් දෙනවා.
ඔයාට තිබුණ තෝරාගැනීම් ඔයා වෙනස් විදිහට කළා නම්, දේවල් මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණෙ කොහොමද කියල පෙන්වා දෙනවා. දැන් ඔයා පසුතැවෙන හැම දෙයක්ම ආපහු හරවන්න ඔයාට පුළුවන්කමක් ලැබුණොත්, මේ දේවල් මීට වඩා කොයිතරම් වෙනස් වෙන්න ඉඩ තිබුණද?
මැයි මාර ප්‍රසංගය | Mai mara prasangaya

එයා ආපු කෙනා පමණයි. ඉතින් ආපු කෙනා නෙමෙයිද යන්න ඕනි කෙනා? ආපු කෙනා නේන්නම් යන්න ඕනි කෙනා. ඒ හින්දම එයා ඇවිත් ගිය කෙනා. මම හිටපු කෙනා. හිටපු කෙනා තමයි ඉන්න කෙනා වෙන්නෙත්.ඒ හින්ද මං තාමත් ඉන්න කෙනා. ඒත් බැරිවෙලාවත් මං ආපු කෙනා උනානම්,කොහොමටවත් මං ගිය කෙනා වෙන්නෙනම් නෑ. එදාටත් මං ඉන්න කෙනා විතරම යි..
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 2 / Malory Towers / Malory Towers Balika Viduhala 2/ Second Form

ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත “මැලෝරි ටවර්ස් ” කතා පෙළේ දෙවැන්න වූ SECOND FORM AT MALORY TOWERS නමැති රසවත් නවකතාවේ සම්පූර්ණ හා අසංක්‍ෂිප්ත සිංහල පරිවර්තනය “මැලෝරි ටවර්ස් බාලිකා විදුහල – 2” යනුවෙන් මෙසේ එළි දැක්වෙන්නේ, මෙම කතා පෙළේ පළමු වැන්න සිංහල පාඨකයින් අතර ඉතාමත් ජනප්‍රිය වූ බැවිනි.
එංගලන්තයේ නේවාසිකාගාර හතරකින් සමන්විත වූ උසස් බාලිකා විද්‍යාලයක ශිෂ්‍යාවන්ගේ පාසැල් ජීවිතයේ රසමුසු අත්දැකීම් මනෝවිද්‍යාත්මක අගයකින් යුතුව වර්ණවත් කෙරී ඇති මෙම කතා පෙළ ඉනිඩ් බ්ලයිට්න් විසින් රචිත හත් සියයක් පමණ වූ පොත් අතර කවදත් පෙරමුණේ සිටී
මැලෝරි ටවර්ස් බාලිකා විදුහල 3/ Malory Towers / Malory Towers Balika Viduhala 3/Third Year

” මැලෝරි ටවර්ස් බාලිකා විදුහල – 3 * යනුවෙන් සම්පූර්ණ ව හා අසංක්‍ෂිප්ත ව සිංහලයට පරිවර්තනය වූ මෙම නවකතාව ලොව ඉතාමත් ජනප්‍රිය ළමා ලේඛිකාව වූ ඉනිඩ් බ්ලයිටින් ගේ “මැලෝරි ටවර්ස් ‘ කතා පෙළේ තුන් වැන්න වන “THIRD YEAR AT MALORY TOWERS” නමැති රසවත් නව ප්‍රබන්ධයයි. මෙය ද, මෙම කතා පෙළේ මුල් කෘති දෙක මෙන්, ශිෂ්‍යාවන්ගේ ජීවිතයේ විවිධ විචිත්‍ර අත්දැකීම් ඉතා රසවත් ලෙස විදහා දක්වන්නකි.
“කතාන්දර කීමේ රැන” ලෙස හඳුන්වනු ලබන ඉනිඩ් බ්ලයිට්න් ගේ “මැලෝරි ටවර්ස් ” කතා පෙළ හැදී වැඩී ගෙන එන බාල පරපුරට සාහිත්‍ය රසයත් මනෝ විද්‍යාත්මක වටිනාකමකින් යුත් ආදර්ශයත් නොමද ව ගෙන දෙන්නා වූ, ලොව වැඩියෙන් ම විවිධ භාෂාවන්ට පරිවර්තනය වූ ළමා පොත් පෙළ ලෙස ද හඳුන්වා දිය හැකි ය.