Showing 841–864 of 1432 results

Shop

පුරප්පට්ටුව | Purappattuwa

රු1,350.00
or 3 X රු450.00 with

ප්‍රවීණ මාධ්‍යවේදිණියක, සමාජ ක්‍රියාකාරීණියක හා සාහිත්‍යවේදිණියක වන මනෝහාරී හේවාවසම් විරචින ඇගේ තෙවන නව ප්‍රබන්ධය පුරප්පට්ටුව නමින් පාඨක සහෘද අතට පත්වී ඇත.

නිර්මාණ කලාවේ මනෝහාරීගේ දීර්ඝකාලීන පරිචය මොනවට විදහා දැක්වෙන මෙම ප්‍රබන්ධය. කියවීමේ රසයෙන් පරිපූර්ණ නව්‍ය වූ ජීවිතානුභූතියක් කරා අප රැගෙන යන කෘතියකි.

පුරප්පට්ටුව ගැමි ගැහැනියකට, ජීවිතයේ මුහුණ පෑමට සිදුවන ඛේදවාචකයක විවිධ පැතිකඩ කරා පාඨකයා රැගෙන යන කෘතියකින් ඔබ්බට ගිය, සමාජ දේශපාලන, සංස්කෘතික හා ආර්තික පසුබිමක චරිත සමූහයක් හැසිරීම් විශද කෙරෙන ප්‍රබන්ධ කතාවකි. ඓතිහාසික චරිත ද්වයක් ලෙස නිරූපිත සූර්ය දේවිය, වීදිය බණ්ඩාර පුරප්පට්ටුව නව ප්‍රබන්ධයෙහි කතානායිකා කුමාරිගේ ජීවිතාන්දරයේ සෙවනැලි සේ දිසෙයි. එහෙත් වරින් වර ඓතිහාසික පුවතින් ව්‍යුක්තව, කතානායිකා කුමාරි, ඇගේ සැමියා විමලසිරි මුල්කර ගනිමින් විකාශය වන මූලික ප්‍රබන්ධය ඔස්සේ නූගත් ගැමි ගැහැනියක වන කුමාරිගේ විවාහ ජීවිතයේ දෙදෙරා යාමේ සිට, ඈ නගරයට සංක්‍රමණය වීම, ඉන්පසු ඇගේ ජීවිතය වෙනස්වන සිද්ධි දාමය නිර්මාණකාරිය විසින් පෙළ ගස්වා ඇත්තේ කාලය හා අවකාශය පිළිබඳව අවබෝධයකින් යුතුව, නවකතාවේ මූලික රීතින් නොබිඳෙන අයුරිනි.අන්තර්ගතය, කතා වින්‍යාසය චරිත නිරූපණය,විශ්වාසනීයත්වය යන කරුණු පිළිබඳ කනාකාරීය සතු ප්‍රවීණත්වය පුරප්පට්ටුව ඔස්සේ විද්‍යාමානවනු පෙනේ.

සිංහරාජ මායිමේ වූ පොලින්ද නුවර නූගත් ගැමි ස්ත්‍රියක වූ කුමාරී, සෙයිලමට පැමිණ,පාතාල නායකයෙක් වූ පද්මි හමු වීම දක්වා දිගු කාල පරාසයක් තුළ ඈ විසින් මුහුණ දෙනු ලබන විවධාකාරයේ ජීවන ප්‍රශ්න, අභියෝග, ශමුවේ නොසැලී සිටින අධිෂ්ටානශීලී, නිර්භීන ගැහැනියක් ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරීය දස්කම් පාන්නීය.නවකතාව අග බාගයේදී කුමාරිගේ ඇවතුම් පැවතුම්, භාරනයේ විසූ පුලාන්දේවියගේ ක්‍රියාකාරකම් හා සමපාත වන ලක්ෂණ ද පළ කෙරෙයි.මනෝහාරී හේවාවසම් කතාකාරියගේ දෘෂ්ටිය හා පර්යාලෝකය තුළ සමාජීය හා ඓතිහාසික රචනා සුන්දරත්වය ඉස්මතු වී පෙනේ. මතට ඇබ්බැහිවෙකුගේ චරිතයක් හේතුකොටගෙන, ආගාධයකට ඇද වැටෙන ස්ත්‍රී භූමිකාවක විශ්ලේෂනාත්මක ජීවිත විවරණයක් කරා අප රෑගෙන යාමට කතුවරිය සමත්වන්නීය.

පුරප්පට්ටුප නව ප්‍රබන්ධයෙහි හමුවන චරිත, සිදුවීම් එකිනෙක හූයක් සේ බැඳී ඉදිරිපත්වෙයි.ඈත ගැමි පරිසරයක තතු ද නාගරික ජීවන පසුබිමක අඳුරු, බියකරු අහුමුලු ද කරා ආලෝක ධාරාවක් එල්ල කරමින්, ජීවිතය මේ යැයි දකින්නට කතාකාරිය ඇරයුම් කරන්නීය.

සුමට බසකින් කතාවෙන් අපේක්‍ෂිත ඉසව් කරා පාඨකයා සහභාගි කරගැනීමට සමත් වන්නට ද පාඨක ග්‍රහණය සුරැකිව රඳවා ගැනීමට හැකිවන අයුරින් චරිත හා සිදුවීම් නිර්මාණය කිරීමට කතාකාරීය පෙන්වන ප්‍රතිභාන්විත ආමන්ත්‍රණය ද පුරප්පට්ටුවෙහි වටිනාකම ලෙස දකිමි.

පුරුද්දක බලය / Puruddaka Balaya

රු990.00
or 3 X රු330.00 with

පුරුදු යනු මිනිස් ජීවිතය සමඟ අත්පන්තයෙන් බැදුණු ක්‍රියාවලියකි. අපගේ ජිවිත වලට සෘණාත්මක බලපෑම් සිදු කරහු පුරුදු වලින් මිද ධනාත්මක පුරුදු ගොඩනගා ගැනීමේ මාහසිතඅභිප්‍රේරණය සිදුකරන විදනාත්මක ත්‍රීම වේදය මෙම පොත මගින් මැනවින් විග්‍රහ කෙරේ. මෙය ඔබේ ජිවිතය සැබැවින්ම වෙනස් කරන කෘතියකි.

පෙට් සෙමෙට්රි – Pet Sematary

රු1,260.00
or 3 X රු420.00 with

පෙට් සෙමෙට්‍රි( Pet Sematary) නව කතාව වනාහී, අමෙරිකානු මහා ගත් කතුවර ස්ටීවන් කිංගේ උසස්ම ගනයේ නවකතාවන්ගෙන් එකක් වශයෙන් අද දිනයේදී සලකනු ලැබෙයි. එහෙත් දැනගන්නට තිබෙන අන්දමට, මෙම කෘතිය පළ කිරීමට පවා අදහසක් කිසිසේත්ම කතුවරයා තුළ තිබී නැත.

මෙතුවක් කලට කිංග් ලියා තිබෙන වෘතාන්ත සියල්ලක්ම පාහේ අඳුරු එමෙන්ම අතිභයංකාර ශානරයේ නවකතා වුවද ඒ අතරේ අද දිනය වනවිට පෙට් සෙමෙට්‍රි යනු වඩාත්ම සිත කළඹවාලන හා හදවත පීඩාවට පත්කරන වෘතාන්තය බව පිළිගන්නවාට කිසිදු විවාදයක් නොමැත. ඔහුගේ බහුතර නිර්මාණයන්ගෙන් ගම්‍ය වූ අද්භූත බව හා පියවි ඇසට නොපෙනෙන යම්කිසි බලවේගයන් පිළිබඳව මෙම කෘතියෙහිද අඩංගු වූවද මෙහි ඔහු සාකච්ඡාකරන අධ්‍යාත්මික සත්‍ය අනෙක් කෘති අහිබවා සිටියි.

මෙහි ප්‍රධාන චරිතය වන දොස්තර ලුයිස් ක්‍රීඩ්ගේ දිවියට කායිකව හා මානසිකව අධිකව බලපෑම් එල්ලකරන්නේ හා දුක්ඛ දෝමනස්සයන් පමුණුවන්නේ සැබෑවටම දුෂ්ඨ දෙයකිනි. එනම් අහිමීවීමේ දැඩි දුක හා වේදනාව මගිනි.තමන් අතිශයින්ම ආදරය කරන කෙනෙකු සදාකාලිකවම තමන්ගෙන් වියෝ වූ බව දැනගත් විට ඇතිවන අතිමහත් වූ කනගාටුවෙනි. එම අපා දුකේ කිමිදී, මැරී මැරී ජීවත් වෙමින් සිටියදී, සාපලත් මිහිදන් භූමියේ පිහිට පැතීම, අඩුම තරමින් සලකා බලන්නට හෝ නොපෙළඹෙන්නේ කවුරුන්ද…….?

පෙට් සෙමෙට්‍රි කියවා ඔබට නිරාකරණය කරගත හැකි වන්නේ,මෙයයි.!

පෙම්බර මධූ | Pembara Madhu

රු1,020.00
or 3 X රු340.00 with

“එහෙනම් මගේ මේ ප්‍රශ්නයට අවංකව උත්තරයක් දෙන්න.” කියන්න බලන්න.” මංගලා ඔහුගේ මුහුණ දෙස කෙළින් බලා සිටියාය. මං වගේම මධුත් මට ආදරේද?” මෘගලා තවමත් සේනට යටි සිතින් ආදරය කරනු ඇත යන හැඟීම ඔහුගේ සිතෙහි බලපැවැත්වෙමින්
තිබිණි. මංගලා ද එය තේරුම් ගත්තාය. එබැවින් ඇගේ පිළිතුරින් ඔහුගේ සැකය ඉවත් කිරීමට මෙන්ම අවබෝධයක් ද ලබා දෙන්නට ඈ වීරිය කළාය.

මට ඒකට උත්තර දෙන්න ටිකක් අමාරුයි ලාල්. මං ඔයාට කැමතියි. ඒත් ඒ කැමැත්ත ආදරයයි කියලා ඔයාව රවට්ටන්න මට බැහැ. ඒක ආදරයකට හරවා ගන්න මං උත්සාහ කරන්නම්.”

“උත්සාහ කරලවත් ඒක කරගන්න පුළුවන් නම් ලොකු දෙයක්. මං වගේම ඔයත් මට ආදරේ කරනවා කියලා අහන්න මං හරිම කැමතියි. ” ඈ සිනාසී ඔහු දෙස බැලුවාය.

පොප්කෝන් | Popcorn

රු637.50
or 3 X රු212.50 with

වටකුරු සිහින ඉකිලන හතරැස් කොටුව
පටපණු කෝෂ වෙත යති පුරඟන කැටුව
ඇට නැති සුරත් පල වළඳා බලි නැටුව කටු ඉඹුලකට නැග අවපස හඳ දුටුව

ටොපියක රසය විලි ලන පැණි කුහුඹු සිත
හපයකි සාරවිට රාගික දිවිය මත
ඇප නැති නඩුය ඉකිලන පපු කුහර වෙත
ලොතරැයි උඩින් බබළන මහ වෙහෙර කොත

පොසිටිව් | Positive

රු935.00
or 3 X රු311.67 with

එම තිරයෙන් දිස්වෙමින් තිබුණේ ට්‍රක් රථයේ පසුපස කොටස

ඇතුළත කැමරාවකින් සටහන් කෙරෙන සජීවී දර්ශනයි.

ඇතුළත සම්පූර්ණයෙන්ම කොළ පාට නියෝන් ආලෝකයෙන්

පිරී තිබුණි. එතුළ තිබුණේ එකම එක දෙයකි.

 

එය නිශ්චලව පවතී. ඇය එදෙස මඳ වේලාවක් බලා සිටියාය.

එතුළින් ඇයට මරණය පෙනෙන්නට විය. මිනිසුන්ගේ විලාප

එතුළ විය. මිනිසුන්ගේ සියලු නොසන්සුන්තාවයන් එතුළ විය.

සියලුම මිනිසුන්ගේ සැනසීම අහිමි කිරීම් එ තුළ විය.

කොටින්ම, මිහිපිට නිරය ඒ තුළ විය!

 

තිරයේ දිස් වන ආකාරයට තවමත් ඔහු යකඩ දම්වැල්වලින්

බැඳ ට්‍රක් රථයේ කෙළවරකට වන්නට ගැට ගසා සිටියේය.

ඔහු නින්දත් නොනින්දත් අතර සිටින බව ඇය දන්නීය.

නමුත් මේ නිදා ගැනීම තවත් සුළු කාලයකට පමණි.

ඔහුට නැවත පියවි සිහිය පැමිණෙන විට තමන් සුදානම්

වී සිටිය යුතුය! එසේ නොවුණහොත් ඉතා ඉක්මනින්

ශීත කාලය පැමිණේවි යැයි ඇය තදින්ම විශ්වාස කළාය.

පොහොසතුන් නොකී කතා | Pohosathun Noki Katha

රු1,440.00
or 3 X රු480.00 with

මේ විශ්වයේ බොහෝ දෙනා දුකින් හෝ කළකිරීමෙන් ජිවත් වෙයි. ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා කාර්ය බහුල වූ විට සෙසු සෑම දෙයක්ම අමතක වෙන්න පුළුවන්. එවිට ඔබේ ජිවිතය සමබර වෙන්නේ නැහැ. බහුතරයක් දෙනා තමන්ට ප්‍රමාණවත් තරම් මුදල් සහ දේපළ නැතැයි සිතමින් කම්පාවට පත් වන්නන්. මේ අගහිඟ මානසිකත්වය “නුසුදුසු තරම් දුක් විඳිම” ලෙස හඳුන්වන්න පුළුවන්. බොහෝ දෙනෙක් තමන් සාර්ථක නැතැයි කියා පසුවෙනවා. ඒ වගේම අන්‍යයන්ගේ ජිවිත හා සංසන්දනය කොට පසුතැවෙනවා. ඒත් එය සත්‍ය නොවේ. ඔබ සැබවින්ම අද්විතීයයි.

මෙම පොත ඔබව සැබෑ මනුෂත්වය කරා රැගෙන යන බව මාගේ විශ්වාසයයි. එසේම මෙය ඔබට ප්‍රීතිය සහ මායාව අත්විදීමට මග පෙන්වනු ඇත. මම මගේ මතය, හදවත සහ ශරීරය මෙම කෘතිය උදෙසා කැප කළෙමි. සැබවින්ම එය ඔබේ ජයග්‍රහණයේ සෙවනැල්ල වී නම් එය මාගේ අසීමිත සතුටයි.

ප්‍රභාකරන්ගේ සිහින රාජ්‍යය | Prabhakarange Sihina Rajyaya

රු855.00
or 3 X රු285.00 with
ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති, ආචාර්ය මහින්ද බාලසූරිය එල්.ටී.ටී.ඊ. යේ ආරම්භය, ප්‍රවර්ධනය සහ විනාශය පිළිබඳව මේ දක්වා කළ අධ්‍යයනයක්, පොතක් වශයෙන් රචනා කර ඇත. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දීර්ඝ සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයෙක් වශයෙන් ඔහු එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට හොඳින් සුදුසුකම් ලද්දෙකි. යුද්ධාවතීර්ණ සංවිධානයක් සහ රජය අතර පවත්වනු ලැබූ අසාර්ථක සාකච්ඡා පිළිබඳව ඔහුගේ විග්‍රහයන් තුළින් වැදගත් තොරතුරු සැපයේ. ඔහු විසින් කරනු ලබන විස්තරයට මෙම රහස් කණ්ඩායමේ සංවිධානාත්මක ව්‍යුහය සහ අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව මෙතෙක් හෙළිදරවු නොවූ තොරතුරු ඇතුළත් වෙයි. ඒ අයුරින්, ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අනනුකරණ විස්තරයක් එයින් සැපයේ. ඒ ආකාරයට පර්යේෂණය පිළිබඳව වැදගත් ඉදිරි ගමනක් එයින් ස්ථාපිත වෙයි. එල්.ටී.ටී.ඊ. ය පිළිබඳව තීරණාත්මක අධ්‍යයනයක් ලෙස එම ග්‍රන්ථය දීර්ඝ කාලයක් පවතිනු ඇත.

ප්‍රාණ | Praana

රු1,125.00
or 3 X රු375.00 with

මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධවන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස්කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගත කිරීමට ද සහභාගී කරවන්නීය. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී යන්නේ නැත. අප හැර ගිය වගට භෞතික සාක්ෂියක් නැතත්, නීතිය අසරණ වෙතත්, මතු කවර කාලයක හෝ එම වැරදි නැවත සිදුවීමේ සියලු අවකාශ අවුරා දැමිය යුතු වගට මෙය විශ්වීය යාඥාවකි.

ප්‍රාදේශීය සභා සහ නාගරික සංවර්ධනට අදාළ නීති සහ රෙගුලාසි 2025 / Pradeshiya saba saha nagarika sanwardanayata adala nithi saha regulasi 2025

රු3,240.00
or 3 X රු1,080.00 with

ප්‍රාදේශීය සභා නම් වු ආයතන තුළින් ජනතාවගේ දෛනික ජීවිතවලට ඉමහත් බලපෑමක් ඇති කරන්නාවූ කර්තව්‍යයන් සිදුකරනු ලැබේ.බ්‍රිතාන්‍ය පාලන සමයේ පටන් පැවති පළාත් පාලනආයතන වල ව්‍යුහය (1987) අංක (15) දරන ප්‍රාදේශීය සභා පනත හඳුන්වාදීමෙන් අනතුරුව සෑහෙන දුරකට වෙනස් වූ බව අතිශයෝක්තියක් නොවේ.

දැනට දශක හතරකට ආසන්න කාලයක් මෙම පනත යටතේ දක්වා ඇති බලතල මෙම ආයතන තුළින් ක්‍රියාත්මක කරනු ලබන අතර, විශේෂයෙන් මංමාවත් නඩත්තු කිරීම, ප්‍රයෝජනයට ගැනීම, මහජන සෞඛ්‍යයට අදාළ අත්‍යවශ්‍ය කර්තව්‍යයන්, ජලප්‍රවාහනය, පොදු උපයෝගීතා, වෙළඳ පොළවල් නඩත්තු කිරීම්, වරි පනම් සහ බදු අය කර ගැනීම්යන විෂයයන් රැසක් ඔස්සේ ජන ජීවිතයට සෘජුවම බලපාන්නා වූ අභිමතාර්ථයන් ඉටුකර ගැනීම උදෙසා අවශ්‍ය වන්නා වූ අරමුදල් උත්පාදනය කිරීමටද සුවිශේෂී බලතල රැසක් ප්‍රාදේශීය සභා සතුව ඇත.

මහජනතාව විසින් බොහෝ දුරට මෙම ආයතන දකින්නේ දේශපාලන බලය ක්‍රියාත්මක කරන ආයතන වශයෙනි. මෙය වැරදි සම්මතයක් වන අතර, අවාසනාවට මෙන්ම ප්‍රාදේශීය සභාවන් නියෝජනය කරන්නාවූ ජනතා නියෝජිතයන් රැසකටද ප්‍රාදේශීය සභා පනත් හා රෙගුලාසි සම්බන්ධයෙන් පූර්ණ දැනීමක් නොමැති අතර, ඒ අනුව ප්‍රාදේශීය සභාවකට ඉටුකළ හැකි කර්තව්‍යයන් එකී තත්ත්වයන් යටතේ මනා ලෙස පරිපූර්ණ කිරීමට හැකි නොවන බව පෙනෙන්නට ඇත.

මෙවන් තත්ත්වයක් යටතේ නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් සම්පාදනය කොට ඇති ප්‍රාදේශීය සභාවලට අදාළ නීති සහ රෙගුලාසි ඇතුළත් මෙම සම්පාදනය මා ඉතා අගය කොට සලකමි. විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල නෛතික බලය, බල ශ්‍රේෂ්ත්‍රය හා එම ආයතන ආයතන වල තීරයන් හි නෛතික වලංගුතාවය අධ්‍යායනය කරන ඕනෑම තැනැත්තෙකුට සහ විශේෂයෙන් ප්‍රාදේශීය සභාවල සේවයේ නියුක්ත නිලධාරීන්ට මෙන්ම නීතිඥවරුන්ටද මෙම සම්පාදනය අත්වැලක් වනු ඇත.

ප්‍රාදේශීය සභා බලතල ක්‍රියාත්මක කිරීමේදී ඒහා සමගාමීව අදාළ වන නාගරික සංවර්ධන අධිකාරි පනත් යටතේ ඇති ප්‍රතිපාදන වලට ද නීතිඥ සුගත් හඳුන්ගේ මහතා විසින් අවධානය යොමු කර ඇති අතර, එයද අධ්‍යයන කටයුතු උදෙසා අතිහයින් වැදගත් වනු ඇත.

ප්‍රාදේශීය සභා සභිකයකු ලෙස මා ඔහු හඳුනාගන්නේ දිවංගත ලලිත් ඇතුළත් මුදලි මහතාගේ කාර්යාලයේ පැවැති මහපොළ උපාධිධාරී පදනමේ ක්‍රියාකාරිකයෙකුව සිටි අවධියේය. ඔහු එවකට නීති ශිෂ්‍යයෙකි.

නීතිඥ සුගත් හඳුන්ගේ මහතා නීතිය සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ඇති නීතිඥවරයෙකු වන අතර තමන් සතු දැනුම නොපැකිළිව බෙදා දීමට ඉදිරිපත් වන අයෙකු වශයෙන් හැඳින්විය හැක.

මෙම සම්පාදනය එළිදැක්වීම සම්බන්ධයෙන් මාගේ සුබ පැතුම් ප්‍රකාශ කරන අතර අනාගතයේදීද මෙවන් ධෛර්ය හා ශක්තිය ලැබේවා යැයි මම එක සිතින් ප්‍රාර්ථනා කර සිටිමි.

ප්‍රින්ස්ගේ රහස් දූතයා | Prinsge rahas duuthaya

රු408.00
or 3 X රු136.00 with

නව සඳ නැග එන්නාක් සේ උද්‍යානයේ කෙළවර සුදු ආලෝකයකින් දිලිසෙයි. සද ලොව පිටුපසට වී හිද ලොව වෙනස් කරනු ලබයි ද? ආකර්ෂණීය උද්‍යාන මාර්ගයේ ඇවිද යන විට ශරීරයෙන් තරංග නැගෙන්නා සේ චලනය වන බවක් ප්‍රින්ස්ට දැනුණි. ඒත් ඔහු වඩාත් සන්සුන් ය. උද්‍යාන මාර්ගය කෙළවරට ළඟා වන විට අද්භූතජනක බවත් ඔහුට දැනෙන්නට විය. කෙළවර හෙල සහ විවිධාකාර අද්භූත සුනඛයින්ගෙන් පිරී පොළව ආවරණය වී ඇත.

ප්‍රින්ස්ගේ සිහින ලෝකය | Prinsge Sihina Lokaya

රු408.00
or 3 X රු136.00 with

නව සඳ නැග එන්නාක් සේ උද්‍යානයේ කෙළවර සුදු ආලෝකයකින් දිලිසෙයි. සද ලොව පිටුපසට වී හිද ලොව වෙනස් කරනු ලබයි ද? ආකර්ෂණීය උද්‍යාන මාර්ගයේ ඇවිද යන විට ශරීරයෙන් තරංග නැගෙන්නා සේ චලනය වන බවක් ප්‍රින්ස්ට දැනුණි. ඒත් ඔහු වඩාත් සන්සුන් ය. උද්‍යාන මාර්ගය කෙළවරට ළඟා වන විට අද්භූතජනක බවත් ඔහුට දැනෙන්නට විය. කෙළවර හෙල සහ විවිධාකාර අද්භූත සුනඛයින්ගෙන් පිරී පොළව ආවරණය වී ඇත.

ප්‍රියා සමග ඉරිදාවක් | Priya Samaga Iridawak

රු900.00
or 3 X රු300.00 with

ප්‍රේමය මූලික කොට ගෙන ලියවුණු දිගු කෙටි කතා පහක් වෙනස්ම රසයන්ගෙන් යුතුව මංජුල සේනාරත්න ඔබට සමීප කරයි.

1. මගේ අනෙකා ⠀

2. සුදු නත්තල ⠀

3. නදීකා යන්නට ගියාය ⠀

4. එක් උණහපුළු මවක් ⠀

5. ප්‍රියා සමග ඉරිදාවක් ⠀

ප්‍රේමයේ ගිම්හානයට පසු | After the Summer of Love

රු637.50
or 3 X රු212.50 with

නුඹ නික්ම ගියායින් පසුව වස්සානය පැමිණියාද
නොමැතිනම්
වස්සානය පැමිණෙන වග දැනී
නුඹ නික්ම ගියාදැයි නොදන්නෙමි..

ප්‍රේමසූත්‍ර | Prema Suthra

රු1,190.00
or 3 X රු396.67 with

ප්‍රිය ආලිංගනයන්ගෙන් සපිරි සුරතාන්තයක අවසන වෙහෙස නිවන කෙටි නින්දෙන් ඈ සෙමින් අවදිවූවා ය. අලුයම් යාමයෙහි සූර්ය සම්ප්‍රාප්තියෙහි විසිතුර විසින් අවදි කරනු ලැබ ඇත්තේ ඇගේ ජීවිතයේ බලහත්කාරයෙන් ම වසා දමා තිබූ කලාපයකි. ඔහු හා සමඟ සමීප ඇසුරක් ඇරඹූ දා සිට සිය හැඟීම් සමඟ සටන් කරමින් ඈ අසීරුවෙන් දමනය කරමින් යටපත් කළ හැඟුම් සමුදායකි.
එදා සිට ම ඔහු ඇසුරෙහි උණුසුමෙන් ඈ ප්‍රමුදිතව සිටියා ය. එහෙත් කිසි විටකවත් එය දැල්වෙන්නට ඉඩ නොදුන්නා ය. ආවර්ජනාත්මක
සොඳුරු වින්දනයකට පමණක් ඔහුගේ ඇසුර සීමා කරගන්නට ඇය සෑම විට ම යත්න දැරුවා ය. ඒ පිරිමියෙකු සමඟ සහවාස ජීවිතය පිළිබඳ අතීතය විසින් ලබාදී තිබූ අමිහිරි අත්දැකීම් හේතුවෙනි. එහෙත් අද ඔහු උණුසුම හමුවෙහි ඈ වෙඬරු පිඩක් ව දියව ගියාය.
අතීත සහවාසයේ දී තමා ජීවිතය යැයි සිතා සිටියේ අර්ධයකට ය. එය ද ශාරිකව මෙන්ම මානසිකව අමිහිරි අත්දැකීම්වලින් පිරි පීඩාකාරී එකක් විය. සැබැවින්ම සිය ජීවිතයේ ප්‍රථම වතාවට පරිපූර්ණ ඇසුරක පහස වින්දේ අද ය. එය නැවත නැවත සිත ඉල්ලන තරම් ස්වර්ගාස්වාදයකි.

බටලන්දට ගිනි තැබුවෙමු | Batalandata Gini Thabuwemu

රු900.00
or 3 X රු300.00 with

“බටලන්දට ගිනි තැබුවෙමු” ජන මාධ්‍ය කරුවකුගේ දශක කීපයක ගවේෂණයකි. ජීවිතය පරදුවට තබා නිල අපරාධකරුවන් සොයා රටවල් ගණනාවකට යමින් කෙරුණු වීර චාරිකාවකි. ‘ බටලන්ද කොමිසම ආරම්භ වුයේ ඔහු රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුවය. බටලන්දට ගිනි තැබුවෙමු මේ අතීත වාර්තාකරණය වර්තමානයට යා කිරීමකි. ත්‍රාසජනක චිත්‍රපටයක හැඩය ගත්ත ද මේ ග්‍රන්ථය ජිවත් වු හා ජිවත් වෙමින් සිටින මිනිසුන්ගේ සැබෑ නම්ගම් වලින්ම රචනා වූවකි. මහජන ඡන්දයෙන් බලය ලැබූ දේශපාලකයන්, මහජන මුදලින් වැටුප් ලබන නිලධාරින් සහ ජන ජීවිතයේ වසා සිටින කිනිතුල්ලන් බදු අපරාධකරුවන් එකම වහලක් යටට රැස්වී අනෙකාගේ ඉරණම තීරණය කළ ආකාරය මේ ගවේෂණාත්මක වාර්තාව තහවුරු කරයි.

නන්දන විරරත්න, ලේඛකයෙකි. වාර්තා චිත්‍රපටිකරුවෙකි. ඔහු කම්කරු මාවත සීණුව , ගිනි සිළුව ‘රාවය, ‘මව්බිම’, රතු තරුව සහ සතිඅග අරුණ පුවත්පත්වලට වාර්තා සැපයුවේය. විශේෂාංග රචනා කළේය. ලන්ඩනයේ බිබිසී ලෝක සේවයේ’ වැඩසටහන් සම්පාදකයෙකු ද (1995 -2001) විය. ඔහු පුරෝගාමී ගවේෂණාත්මක ජනමාධ්‍යකරුවෙකි. ඊළාම් යුද්ධය, ඊළාම් භූමියේ සිට වාර්තා කිරීමේ පුරෝගාමියෙකි. කමල් අද්දරා අරච්චිගේ ස්ත්‍රී දුෂණ නඩුව පිරිසිදු මහත්වරුන්ගේ බටලන්ද වධකාගාරය කුලය හා දේශපාලන ප්‍රචණ්ඩත්වය’ හා ඝාතන ගම්මාන (1998/89) ගැන ඔහු ගවේෂණාත්මක වාර්තා, ගුවන් විදුලි වැඩසටහන් සහ වාර්තා චිත්‍රපට නිර්මාණය කළේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බ්‍රිතාන්‍යයේ දී යුද වාර්තා කරණයට හා ගවේෂණාත්මක ජන මාධ්‍යකරණයට පුහුණුව ලැබුවේය.