


ඉන්දිගෝ මංදිගේ, ලක්මිණි අමරසිංහ කිවිඳියගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහයයි. එය විවිධ තේමාවන්ගෙන් විරචිත කවි හතළිහකින් යුක්තය. කවිය යනු පරිකල්පනයේ විශ්මයයි. භාෂාත්මක රමණයේ සුරතාන්තයයි. එකී සුරතාන්ත ප්‍රීතියක් පාඨකයාට පිරිනැමීම වූ කලී වෙහෙසකර රමණයක අගස්බතය. කවියා සංජානනය කරන ලෝකය අපූර්වත්වයෙන් යළි ප්‍රතිනිර්මාණය කළ යුතු ය. පාඨකයා භාවමය සුරතාන්තයට පත් වනුයේ එකී අපූර්වත්වය නිසාවෙනි. ලක්මිණි ඒ සඳහා වෙහෙසෙනු පෙනේ තව නිරීක්ෂණ භාත්වික රමණයක මෙහෙයවනු පෙනේ. එය එක රැයක යහන්ගත වීමකින් ලබාගත හැකි සුරතාන්තයක් නොවන බව ඇත්තකි. එහෙත් ඊට දරන පරිකල්පනමය සූදානම අගය කළ යුතු ය. ඇයගේ ඇතැම් කවි අප එකී සුරතාන්ත ප්‍රීතිය සමීපයට කැඳවයි. කාලය, යනු එවැනි කවියකි. රමණයේ හදිසිය වළකා එය සන්සුන් සුරතාන්තයකට පාඨකයා යොමු කරයි. ‘ගිහින් එන ටිකට මා හිස් කරමින් ය ඔබ මතකය ම පෙරාගත් මගේ දිවි බඳුන' රවී සිරිවර්ධන
Read this book? Sign in to share a review with other readers.