
-10%කුමාරි ජයවර්ධන ගේ සොක්කන් ලොක්කන් වූ වගයි ලංකාවේ නූතන ඉතිහාසයේ වැදගත් වූ නමුත් නො තකා හැර ඇති අංශයක් වූ ශ්‍රී ලංකාවේ ධනේශ්වරයේ ප්රභවය සහ වර්ධනය බ්‍රිතාන්‍ය පාලන කාලය තුළ සිදු වූ අන්දම විභාග කරයි. එය ධනේශ්වරය, වැඩවසම් සමාජයක සහ වෙළෙඳවාදී ආර්ථිකයක සිට වැවිලි කර්මාන්ත යුගයට විකාශනය වූ අයුරු ගෙන හැර දක්වයි. දේශීය වෙළෙන්දෝ අරක්කු සහ වෙනත් රේන්දවලින් ප්රාග්ධනය ඒකරාශී කර ගැනීමෙන් පසු ව වැවිලි කර්මාන්තය හා මිනිරන් කැණීම දක්වා විවිධාංගීකරණය වී එමගින් කුලය මත පදනම් වූ පැරණි ශ්‍රම විභජනය විකෘති කර දැමූහ. මෙම අධ්‍යයනය කුලයට ඉහළින් පන්තියට ප්‍රමුඛත්වය දෙමින් නොයක් කුල, ජනවර්ග සහ ආගම්වලට අයත් නව-සල්ලිකාර “සොක්කන්” ගේ නැඟීම ගැන විස්තර ඉදිරිපත් කරයි. එය ප්‍රාග්ධන සමුච්චය, ආගමික පුනර්ජීවනවාදය, ජනවාර්ගික අනන්‍යතාවය හා දේශපාලන ව්‍යාපාර අතර සම්බන්ධතා මෙන් ම ධනේශ්වර ස්ත්‍රිය මතුවීම සහ ධනය තවදුරටත් සංකේන්ද්‍රණය වීමට තුඩු දුන් “විවාහ කාටල” ද සාකච්ඡා කරයි. මෙම කෘතිය, බටහිර සංස්කෘතිය හා ජීවන විලාස වැළඳගත්තාවූත් යටත්විජිත පාලකයින් සමග මූලික වශයෙන් සහයෝගී වූත් මුදලිවරුන්, වෙළෙන්දන්, මත්පැන් රේන්දකරුවන්, වතූ අයිතිකරුවන් හා වෘත්තිකයින් ගෙන් සමන්විත වූ ධනේශ්වරයේ බදුකාර ස්වභාවය ගැන අවධානය දක්වයි. තවදුරටත් ධනේශ්වර සංවර්ධනය ඇති කිරීම, ඉඩම් අත්පත් කර ගැනීම සහ සමාජ තත්ත්වය ගැන ධනේශ්වරයට පැවැති උමතුව සහ පන්තියක් ලෙස එයට පැවති විඥානය විශේෂයෙන් ම දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රශ්න එය අවධාරණයට ලක් කරයි.
Read this book? Sign in to share a review with other readers.