

-20%ඉතින් දකින්න ඕන කරපු දේ - මං ඇස් ඇරපු වෙලේ ඉඳන් හොයපු එකම රූපේ පරණ වලව්වේ ඉස්තොප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන හඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදුන් ඈත බලන් ඉන්න කවුරුත් කියන පොඩ් නිළමේ... මං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ. ඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ ඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති වෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට ආසාවෙන් හිර වෙලා මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද ඔය උණුහුම දැන් ඇත්තටම විඳින කොට - මං අඬන්නදා හිනාවෙන්නදා පවිත්ර? ඒ දෙකම එපා එහෙනම්? මේ විදිහටම ඉන්න පොඩි නිළමේ...
Read this book? Sign in to share a review with other readers.