
-20%Bitter Lips ගියන් නොගියත්, හිටියත් නොහිටියත් වෙනසක් නෑ. ජීවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නෙ නෑ. බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරෙ මුනගැහුනොත් නවතින්න. නැත්තං ඒත් ජීවිතේ එක්ක ගහගෙන යන්න. මං හරි ආදරෙයි ඔය ඇස්වලට... ඉර එළිය මූනට වැටෙන නිසා මට හාමුදුරුවන්ව පෙනුනෙ නෑ. ඒත් හුඟක් ලා රස්නයක් එක්ක හරි හෙමින් වැටෙන නාඩි මගේ පිටි අත්ලට දැනුනා. මොහොතකට මාත් ඒ වේගෙන් ගැහුනා. ආදරෙයි හාමුදුරුවනේ... Coffee with Ice Cream ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආස නං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එනකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්. After Eleven Minutes ඇත්තටම ගෑණුකම තේරෙන්න ගෑණුකමේ ඉර එළියක් නොපෙනෙන අන්ධකාර මුල්ලටම වැටෙන්න ඕන. හේත්තු වෙන්න බින්නියක් නැතූව අසරණ වෙන්න ඕන. ආචාර ධර්මයක්, සදාචාරයක් නැති හිතූවිලි වනන්තරේ අතරමං වෙන්න ඕන. එනකොට ගැහැණිය තමයි එකම සාරය කියල තේරෙනවා. ඒ ගෑණුකම එකම එකක් කියල තේරෙනවා. ගෑණුකම කියන ලොකූ වතුර උඩ කූඹි වගේ දඟලන පිරිමි පේන්න ගන්නවා. පව්..
Read this book? Sign in to share a review with other readers.