Showing 25–48 of 66 results
Price
Rasakatha Books
අර තරුව නුඹ අර තරුව මම | Ara tharuwa nuba ara tharuwa mama

රිදුන තැන් බොහෝ ඇත
නුඹෙ නමට බැර නොකර
නෙතින් හල හැඬුම් ගෙන,
නුඹට කවි ලියා ඇත….
කී නොකී කතා ඇත
අකුරතර තබා බර,
ලියූ හැම කවි අගට
මගෙ සුසුම් තබා ඇත…
අවපසට ආවඩම් | Awapasata Awadam

ප්‍රේමය යනු ප්‍රේමයම මිස අන් කවරක් ද? එයට සීමා මායිම්, වයස අදාලම නැත. මිනිසුන්ට ඔවුන්ගේ සැබෑ ආදරය මැදි වියේ වුවද මුණ ගැසිය හැක. කුඩා කල ඔහු අතින් අල්ලාගත්, ආරක්ෂා කළ දියණිය කෙරෙහි තිබූ දාරක සෙනෙහස ඇය තරුණියක් වූ පසු ප්‍රේමයකට පරිවර්තනය විය නොහැකි ද? ඔවුන්ගේ හදවත් මේ ප්‍රේමය අභියස කෙසේ ප්‍රතිචාර දක්වයි ද?
මැදිවිය ඉක්මවූ පිරිමියෙකුගේ ප්‍රේමයේ අපූර්වත්වය තරුණියකට කෙසේ දැනිය හැකිද?
ඉමාට වඩා අවුරුදු විස්සකින් වැඩිමල් නිසල්ට ඉමාව දැනෙන්නේ අතීතයේ දුටු පුංචි දැරිවිය හැටියටමද?
ප්‍රේමයත් , ගෞරවයත් , සීමාවන් අතික්‍රමනය කිරීමට ඉවසීමෙන් නිසිකල් බලාඋන් ආදර අන්දරය…
අවපසට ආවඩම්
අසමජ්ජාති ආදරය | Asamajjathi Aadaraya

අංගුලිමාල අහිංසක වෙනවා වගේ තමයි. ආදරවන්තයෝ වෛරක්කාරයෝ වෙන්නෙත්, අම්මලා කුඩම්මලා වෙන්නෙත්, සමාජවාදියෝ කැපිටලිස්ට් වෙන්නෙත්.
“ඔව්. ලෝකේ කැරකෙන වේගෙට කැරකුණේ නැත්තම් කැරකිල්ල හැදෙනවා. වැදගත් කියන්නේ ඒකයි. උඹට මතකද මාර්ටින් වික්‍රමසිංහ යුගාන්තයේ ලියනවා අනුගත වෙයන් නැත්තම් මැරියන් කියලා. මේ සිස්ටම් එකට ගැලපෙන පට්ටම තීම් එක තමයි ඒක..
“මවං. කැලණි ගඟ පැන්න ගමන් ආශ්චර්යය අහිමි වෙතවනේ අපේ රටේ මිනිස්සුන්ට. ගම් ඇතුළට යන්න යන්න ඉන්ටර් නෙට් සිග්නල් පවර් එක අඩුයි. ඒක එකක්. හවස හයෙන් පස්සෙ කිසිම තැනකට බස් නෑ. ගමට එන එකම පත්තරය යි. ඒ ඔක්කෝටම හපං, ජේන්නෙ එකම එක ටීවී චැනල් එකයි.”
“ඕවත් ප්‍රශ්න ද බං. දැන් බලපං ඕකේ අනික් පැත්ත. පොල් ගෙඩිය කීයද, එළවළුවක් ගන්න ගියාම ගාණ කීයද. ඊටත් වඩා කොලිටි එක. අනිත් එක මචං, කඩුගන්නාව පැන්නහම සුළගත් සැපයිනේ.”
ඒ වුණාට හැම දේම හුළඟට එන්නේ නෑනේ මචං…”
අළු පාට අහසක් හේමන්ත සුළඟක් | Alu paata ahasak hemantha sulagak

ලන්ඩන් කෞතුකාගාරයේ දැකුම්කලු අප්සරාවක ලෙසින් වැඩ හිඳින තාරාගේ ඉරියව්ව, ස්ත්‍රී ලාලිත්‍ය හා භාවය වචන වලට නොනැගිය හැකි තරම් අපූර්වය. එසේ හෙයින් මේ ස්ත්‍රී රුව දකින්නෙකුට එහි නිමැවුම්කරුවා ගැන කුහුලක් ඉපදීම ස්වභාවිකය. ඒත් එකී නිර්මාණකරුවා නිමැවූ තාරා අන් සෑම දෙවඟනක් මෙන්ම නොවුයේ මක් නිසාද ? කාන්තාවකගේ ගෞරවයේ සංකේතයක් ලෙස සලකන ආභරණ කිසිවක් ඇගේ තඹ පිළිමයේ දක්නට නැත්තේ මක් නිසාද? උපකල්පන හැරෙන්නට මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයාගත හැකි ක්‍රමයක් ඔබටත් මටත් ඇත්තේ නැත…
මේ එකී අපූර්ව ප්‍රතිමාව මැවූ නිර්මාපකයාගේ කල්පිත කතන්දරයය!
මෙතරම් අපූර්ව ප්‍රතිමාවක් මවන්නට එකී නිර්මාණකරුවාගේ මනස මෙහෙය වූ කතන්දරයය!
ආකිමිඩිස් සිය දිවි නසා ගනී | Akimidis siya diwi nasa gani

වැරද්දක් දැක්කාම බකන් නිලන් ඉන්නෙ නැතිව මකලා නිවැරදි කළා.
අන්තිමට පෑන් පැන්සල් ඉතිරි වුණා..
මකන හැමදාම අතුරුදහන් වුණා…..
ආත්මා | Aathma – Pre Order

ජූලි 19 වෙනිදා නිකුත් වේ.
මල් පිපේවි පරවේවි – අපිත් පිපුණා වගේම දවසක පරවේවි
මගේ ආදරේ කවදාවත් පර නොවේවි
ඔයා දන්නවද මේ හැඟීම,
ඔයාගේ පපුව ගැහෙන මොහොතෙදීත් – ඔයාට ආදරෙයි
ඔයාගේ පපුව ගැහෙන්නේ නැති මොහොතෙදීත් – ඔයාට ආදරෙයි
ඔව්, ආත්මා… හැම මොහොතකම මේ ආදරේ තියේවි…
ආදරණීය රිකාදෝ | Aadaraneeya Rikado

මට ඕනේ මේ මොහොතේ මෙතන හැමදාටම නවතින්න . ඔයාගෙයි මගෙයි හුස්ම වැටෙන සද්දේ විතරක් ඇහෙන මේ මොහොත විඳින්න. ඇත්තම කිව්වොත් එහෙම වෙලාවට මුකුත්ම නොකියා ඔයාගේ පපුවට උණුහුමට ගුලි වෙන්නේ කියාගන්න බැරි ගොඩක් දේවල් මගේ පපුවෙන් නිදහස් කරගන්න. ඒකයි ඔයාට මගේ හුස්ම වුනත් බරට දැනෙන්නේ. මතකද අපි හීන දැක්කා මේ වගේ තරු පිරුණු අහසක් යට තනි වෙන්න. ඔයයි මමයි විතරක් වුණු අපේම ලෝකයක් ඇතුළේ.
…………………………………………………………………………………………………..
ආදරේ overdose වුනාම මිනිස්සු පිස්සු වැටෙනවා රිකාදෝ. අපේ මුළු ආත්මයෙන්ම බලාපොරොත්තු වුණු ආදරේ එකම එක මනුස්සයෙක්ගෙන් ඕනෙවටත් වැඩියෙන් ලැබෙනකොට ඒක ඇබ්බැහියක් වෙලා උමතුවක් වෙනවා. ආදරේ අන්ධ වෙන්නේ එතකොට. මුළු ලෝකෙම නොපෙනී ගිහින් තමන් ආදරේ කරන මනුස්ස ආත්මය විතරක් පේන්න ගන්නේ එතකොට. එහෙම වෙලාවට එයාලා ගන්න තීරණ හරි ද වැරදිද කියලා කියන්න පුළුවන් එයාලගේ හෘද සාක්ෂියට විතරයි. එළියෙන් ඉන්න ඔයාටවත් මටවත් විනිසුරු අසුන හිමි නෑ රිකාදෝ.
ආදරෙයි උතුරන්න | Aadarei Uthuranna

අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන් ආදරේයි උතුරන්න
හමා යන සුලගකින් මගේ නම විමසන්න
තබා ගිය පනිවුඩෙන් ආදරෙද පවසන්න
ඇත්ත කියපන් ක්ලියෝපැට්‍රා | Atta Kiyapan Cleopatra

ප්‍රේමයේ ඉරිතැළුම් වලට
සොයාගෙන නෑ සැත්කම්
නමුදු සදහට නුඹේ නමටයි
මේ පපුවේ වත්කම්
කාලයා විසින් විසඳාවි
රිදුම් දෙන සංසාර ගෙත්තම්
මම මක්කරන්නද
අපිට අපි හිමි නැත්නම්
හිනාව තියෙන දුරකට ඔයා දුවගෙන යන්න
මම බලාගෙන ඉන්නම්
ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama E Midi Abul

ප්‍රේමයේ අවසන් කියවීම
ගහක යුතුකම මල් සැදීමය
මලින් අතු ඉති හැඩ කිරීමය
මිදෙන දා මල් අත්හැරීමය
සුසුම් පිටකර දරා ගැන්මය
ආදරේ කියන්නේම ඒකට
මලක කාරිය සුවඳ දීමය
සුවඳ දී නටුවෙන් මිදීමය
මිදී ගහ මුලටම වැටීමය
යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට
සඳ එළිය මල් පිබිදවීමය
යන්තමට මුදු පෙති සිඹීමය
ඉඳහිටක සුවදුක් ඇසීමය
අයිතියක් කිසිදා නොකීමය
ආදරේ කියන්නේම ඒකට
ඔය රෙද්දෙන් බැස පලයන් මොනාලිසා | Oya redden basa palayan monalisa

බලාපං අතරමංවෙලා ඒකි එක්ක දවසක්..
මොන ගඟ මැද්දෙත් තියනවා හබල් නැති ඔරුවක්..
කියාපන් ” අම්මෙ මට ඔළුවේ කැක්කුමයි ” වගේ දෙබසක්..
ගලෝගෙන කකුලක්, පේනකං ඉස්පිරිතාලයක්.
ඕකි ලේ පෙරාගෙන හබල්ගායි වරුවක්..
” අම්මා කියන්නෙම, ප්‍රේමයට කියන තවත් එක් සමාන පදයක්..”
ඔයයි මමයි තව දෙන්නයි | Oyai mamai thawa dennai

මේ වගේ වෙලාවක කෙල්ලෙක්ට ට්‍රයි කරනව නම් මධ්‍යස්ථ බවකින් කෙල්ලගේ හිතේ ලියාපදිංචි වෙන්න ඕනේ. මොකද නැත්නම් කෙල්ල දැන ගන්නවා කොල්ලා එන්නේ පොල් පැළේ කන්න කියලා වැඩිපුර වැරදි කරලා තියෙන්නේ කෙල්ල වුණත් ඒ වැරැද්ද අතිශය සාධාරණ මානුෂික කරුණක් බවට තර්ක ගොඩනගන්න ඕනේ. මේ අතරේ සෙක්ස් වගේ දේවල් ගැන ගොඩක් ගැඹුරින් ඒත් සරල ව ‘මට ඕවා ගාණක් නෑ කියන්න වගේ අදහසුත් එකතු කරගැනීමේ අනිවාර්යයි. තමන්ට ඕනම දෙයක් තේරුම් ගන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙනවා කියලා කෙල්ලගේ හිතට එන්නත් කිරීමත් වැදගත් කවිකාර දඟකාර හිතුවක්කාරකම් ගෑවුණ වචන සාමාන්‍ය වචන දහයකට දෙකක්වත් යොදා ගැනීම අනාගතයට ප්‍රයෝජනවත්
කට කතා | Kata Katha

කට කතා කියපු ගමන් අපේ ඔලුවට එන්නේ ඕප දූප, සම්ප්‍රප්ඵලාප, ආරංචි, රාවයන් ඔය වගේ සෙට් එකක්! ඒත් මං හිතන්නේ කටකතා තමයි ශිෂ්ටාචාරෙ මුල් ගල කියලයි! ඇයි අපි එක එක දේවල් කරන්නේ. ඇයි දන්නවද? අපි කැමතියි අපි මේ, මේ දේවල් කළා කියල කයිවාරු ගහන්න. ඒව ගැන අනික් අයට කියන්න. ඒ මදිවට අපි එතනින් නවතිනවද? මොන පිස්සුද? අපි, අපි නොකරන, ඒත් අනිත් අය කරන ඒවා ගැන කතා කරන්නත් රුසියො! ඒක අපි ජීවිතවල කනව, බොනව, නිදාගන්නව වගේ අත්‍යාවශ්‍යම දෙයක්! ඒක නැනං අපිට ජීවත් වෙන්න බෑ.. බෑ වගේ!
කට කතා කියන දේ කපල, කොටල පරීක්ෂා කළොත් අපිට පේනව කටකතා කියන්නේ ම්ං මේ වගේ දෙයක් බව. ඒව ඇත්ත වෙන්නත් පුළුවන්. බොරු වෙන්නත් පුළුවන්.. බොහෝ වෙලාවට ඒවයෙදි කතාවෙන්නේ අනික් මිනිස්සු ගැන. ඒවා සමහර වෙලාවට කතා වෙන්නේ සාකච්ඡා ස්වරූපයෙන්..! සමහර වෙලාවට ඔහේ වල්පල් කියන ස්වරූපයෙන්! කට කතා ඉංග්‍රීසියට පරිවර්තනය කළොත් ඒ කිව්වෙ පදානුගතව, අපිට ලැබෙන්නේ මෙහෙම එකක්! “Mouth Stories!” පිස්සු නේ.. විකාරයක් වගේ නේද? හැබැයි ඉතිං ඒකෙ සියුම් ඇත්තකුත් නැතුව නෙවෙයි..! ඒ විදිහට පරිවර්තනය කළොත් ඒකෙන් කියවෙනවා මේ කියන්නේ කටින් කියන යම් ආකාරයක කතාවලට තමයි කියන එක. ඒ කිව්වේ කටයි, කතාවලයි අතරෙ තියෙන සම්බන්ධෙ පේන්න ගන්නව. ඒ අතින් බැලුවම සිංහල වචනෙ හරියට හරි! ඒක බොහොම සීරුවට, බරසාරෙට ඉංග්‍රීසිවලට පරිවර්තනය කළොත් එන්නේ මේ වගේ එකක්.
VERBAL STORIES
හැබැයි ඕකෙ ගැඹුරු, කෙලින්ම නොපෙනෙන සම්බන්ධෙකුත් තියනව! ඒ තමයි කටයි, මනසයි අතරෙ තියෙන සම්බන්ධෙ ! ආන්න ඒකට තමයි මගේ හිත ගියේ! මේ පොතේ එන හැම කතාවම මගේ මනස, මගේ කටට කොඳුරපුවා. එහෙමත් නැත්තං වෙනිං කටවල්වලින් මගේ මනසට කාන්දු වෙච්ච ඒවා. ඔය තොගේම මගේ කටින් පිටවෙන්න මම ඉඩ දුන්නේ නෑ. හැබැයි ඉතිං ඒක හරි අමාරු වැඩක්. ඇයි ඉතිං මනස ඒවයින් පිරිල පිපිරෙන්න වගේ! ඒ පාර මම කල්පනා කළා ඒවා අකුරු හරහා වමාරන්න! ලියන්න.. ලියන්න.. ලියන්න.. ලියල මනස හිස් කරගන්න!! හිස් කරගෙන, ඒ හිස් වෙච්ච තැන්වලට ඊට වඩා වැදගත් දේවල් පුරෝගන්න. ශ්‍රී ලංකාවෙ ඊ ළඟ ජනාධිපතිගෙ කේන්දරේ කොහොමද.. ඒකෙ තියෙන යෝග මොනවද වගේ දේවල් වලින්! ඒවනෙ මනසට වැදගත්!!
ආ.. තව වැදගත් දෙයක්. මං හිතන්නෙ කටකතා පතුරන එක මගෙ වගකීමක්! එහෙම නැතුව කොහොමද මේ ලෝකෙ පවතින්නේ?
එහෙනම් ඕං ජයම! ආතල් එකේ කියවන්නයි තියෙන්නේ!!
කාල රේඛාව | Kala Rekhawa

පෙම්වත : පෙම්පත් එවා සුළඟේ ගිය පසු
ජෑම් ගහ හෙවණට වී හඬන්නද මම
පටු වේවැල් පුටුවේ කිටි කිටියේ හිරවීගෙන
දෑත මුහුණේ ඔබාගෙන
පැරණි දල සේයා පට මතක, මතක් කරමින්
ගස්ස ගස්සා පටු උරහිස්
හඬන්නද? හඬනවා මෙන් හඟවන්නද?
පිළිතුරක් දෙන්න නොවෙහෙසන ඔබ පවා
ආතතියෙන් පුරවන්න
“ඒ පෙම්පත් මා ලියුවේ නොවේ”
කියන්නට නොපැකිලෙන ඔබ පවා තිගැස්වන්න
හඬන්නද මම?
ඔව්!! අර ජෑම් ගහ හෙවණටම වී
කැමූ සිතුවිලි | Camu Sithuwili

මගේ මුළු සිරුරින්ම ජීවත් වීමත් මගේ මුළු හදවතින්ම සාක්ෂි දරන්නට හැකිවිමත් මට ඇති.”
ඇල්බෙයා කැමූ ඇල්ජීරියාවේදී දිළිඳු බවේත් හිරු එළියේත් ලෝකයක් තුළ ඉපදුණේය. එය ඔහුගේ සියලු නිර්මාණ පුරා පැතිරි පවතී. මේ නව එකතුව තුළ කැමුගේ අතිශය පුද්ගලික ස්වයංචරිතාපදාන රචනා වෙළුම් තුනක් වෙයි. ඔහුගේ පළමු පොත කණපිට සහ හොඳ පිට ඔහුගේ පවුලත්,කම්කරු පෙදෙසක ගෙවුණු ඔහුගේ බාල වියත් විස්තර කරයි. සරණ මංගල්‍යය හිරුගේ, භූමියේ සහ මුහුදේ සරාගී බව ප්‍රීතියෙන් සමරයි. ගිම්හානය ඇල්පියර්ස් සහ ඔරාන් නගරත් ස්වභාව ධර්මය සහ අනන්‍යතාවයත් පුරා පැතිරෙයි. කාව්‍යමය සහ භාවයමය මේ රචනා කැමූ පිළිබඳවත් පිවිතය කෙරෙහි ඔහුගේ වන ආදරය පිළිබඳවන් අපේ අවබෝධය පොහොසත් කරයි
ගෑනු දෙන්නෙක් | Ganu Dennek

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.
එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.
සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.
එහෙම සිකුරාදාවක,
“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.
“babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.
ජනයි ප්‍රියයි රසකතා | Janai Priyai Rasakatha

“ආයාසයකින් තොරව සිනහව, සිනහවක් කළ දෙදෙනෙක් ”
ප්‍රවීණ චිත්‍රපට/ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක ජයප්‍රකාශ් සිවගුරුනාදන් –
උන් දෙදෙන, සිනහවට සිනහ නොවූ ‘සිනහවන්තයෝය’
ප්‍රවීණ සහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස් ඉඹුල –
‘තමන් විසින්ම කිතිකවා නොගෙන ටියුබ් ලයිට් ද නොවී ක්ෂණයකින් මට ඉහලම නිර්මාණාත්මක හාස්‍ය රසයක් ලබා දෙන සමාජ මාධ්‍ය නාලිකාව “ජනයි ප්‍රියයි”
ප්‍රවීණ සංගීත වේදී රෝහණ වීරසිංහ –
“කනස්සල්ලෙන් පිරී ලොවකට සිනහව ගෙන ආවාට ස්තූතියි ඔබට ජනාට ප්‍රියාට”
ප්‍රවීණ සහිත්‍යවේදී / ගේය පද රචක රත්න ශ්‍රී විජේසිංහ –
“මෙහි ඇත්තේ හාස්‍ය රසය පමණක්ම නොවේ.. ජීවිතය ගැන සිතන්නට කරන පෙළඹවීම්ද වේ…”
ප්‍රවීණ රංගන ශිල්පි රොඩ්නි වර්ණකුළ –
“සමහරවිට අපිව හිනැස්සුවාට උනුත් අඬලා ඇති..”
නීතිඥ ඩිල්ෂාන් පතිරත්න –
“අපටද අපවම පෙන්නා – මටමම මගේම සිනහව නංවා උඹලා පෙම් බැන්දා – අනේ මන්දා උඹලා ජනයි ප්‍රියයි තමයි බං උඹලා”
ප්‍රවීණ රංගන ශිල්පී – ජගත් චමිල –
“මගේ ටෙලිෆෝන් එක සිරිතක් විදිහට දැන් මට පෙන්නනවා “ජනයි ප්‍රියයි” වීඩියෝවක්. මමත් පුරුද්දක් විදිහට දවසකට තුන් හතර පාරක් ඒවා නරඹන්න පුරුදු වෙලා තියෙනවා. මං විඩාවට පත්වෙලා තියෙන වෙලාවට මාර වින්දනයක් ලබනවා ඒවා නැරඹීමෙන්..”
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම –
හාස්‍යය නමැති කැඩපත සමාජය ඉදිරියේ තබා, තමන් ද ඒ කැඩපත ඉදිරියේ සිට සමාජය සමග සිනාසෙන මේ ජන ප්‍රිය නිර්මාණශීලීන් දෙපළ ස්වකීය ප්‍රකාශන කාර්යය තුළ සීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින සැටි මම සාඩම්බරයෙන් බලා සිටිමි.
ප්‍රවීණ චිත්‍රපට / ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ –
තිත්ත තොල් | Bitter Lips

ගෑණියෙකුගේ ආසාව මේ විදිහට විවෘත නෑ අරවින්ද. මං සුමේධ එක්ක ඉන්න ආසනං මං ඒක කොහොම හරි කරගන්නවා. ඒක ඔයාට නොදැනෙන්න කරන එකමයි එතනදි මගේ ආසාව වෙන්නෙ. ඊට පස්සෙ ඔයත් එක්ක ඉන්න හැම වතාවකදිම මං ඔයා දිහා බලලා දුක් වෙනවා. එතකොටයි මට ආදරේ හිතෙන්නෙ. ගෑණු ආසාව සෙක්ස්වලින් පටන් ගත්තත් ඉවර වෙන්නෙ ආදරෙන්.
දිවිමං සදහම් | Diwiman Sadaham | Ven Kathnoruwe Siridhamma Thero

අචින්තිතම්පි භවති – චින්තිතම්පි විනස්සති
න හි චින්තාමයා භෝගා – ඉත්තියාපුරිසස්ස වා
(නොසිතූ දේ වෙයි. සිතූ දේ වැනසෙයි. ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට, සිතූ ලෙස වස්තුව නොලැබෙයි.)
සරහමිග ජාතකය
වැදගත් 🙏
ඔබ විසින් වෙසක් සමයේ සංවිධානය කරන ආගමික කටයුතු , පිංකම් සඳහා
ධර්ම දානයක් ලෙස බෙදාහැරීමට මෙම ග්‍රන්ථය
සුවිශේෂී වට්ටම් මිලකට ලබාගත හැක.
නිවෙමි, නැතිනම් මියෙමි | Niwemi, Nathinam Miyemi

සියුම් පපුවක් තිබේ නම්
හිස තියා නිවෙන්න
එහෙව් පපුවක් කොහෙද
නුඹේ ලඟ හැරෙන්න
නිවෙන්නට නුඹ නොමැති වූවොත්
දැවී යනවා ඇරෙන්න
විසඳුමක් වෙන දන්නේ නෑ මං
දැවෙන මගෙ හිත නිවන්න
එහෙම නැතිනම් හැකිය මට
මතක සයුරේ ගිලෙන්න
නිවෙන්නට නොව එවිට වෙන්නේ
අකාලේ ගිලී මියෙන්න
නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කන කොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙනකොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපවිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.
“රොමානා ජිවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක ” මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම !
රොමානා
නොම්බර 14
හැනන් වීදිය
බලු කෙටිකතා | Balu Ketikatha

මගේ ගෑනි අපේ ඇදෙන් බැහැලා ගිහින් වෙන කාමරේක ඇදක නිදාගන්න පටන් අරන් හරියට ම අවුරුදු
10කට පස්සේ රැයක තමයි මේ සිදු වීම සිද්ධ වුණේ.
ඔය කියන අවුරුදු දහය ඇතුළෙ දවස් කීපයක් මං ඒ කාමරයේ දොරට කීප වරක් තට්ටු කරන්න කියලා හිතාගෙන දොර ගාවට ම ගියත් ඇතුළෙන් ඇහුණෙ ගැඹුරු නින්දකට වැටුණු තනිවෙච්ච ගෑනියෙකුගේ හඩ විතර යි. ඒ නිසා ඒගමන නතර කරපු මම අන්තර්ජාලය දිගේ වෙන ගමනක් අරඹලා මේ වෙනකොට සෑහෙන කාලයක් වෙනවා.
මේ සිදුවීම වෙච්ච දවසේ රෑත් මං සුපුරුදු වතාවත් ටික කරලා වොෂ් එකක් දාගෙන ඇවිත් දවසේ අවසාන
සිගරට්ටුව දැල්ලූවා. කාමරය තුළ සිගැරට්ටු දැල්වීමේ තහනම දැන් අවසන්. ඒ නිදහස නං මං උපරිමේට භුක්ති වින්දා. ලයිට්ටෙක ඕෆ් කරලා ඇවිත් නිදා ගන්න හැදුවට ඇන්ටනාවේ එල්.ඊ.ඞී. එළිය බීරලූ අතරින් මට වද දෙන්න පටන් ගත්තා. කණාමැදිරි එළියක් වගේ පෙනුණ ඒ එළිය මගේ නින්දට බාධා කරමින් සිටියා.
මගේ ඇස් යාන්තමට පියවෙන කොට ම මට දැනුණා මං නිදාගෙන හිටිය මෙට්ටේ පැත්තකින් කාගේ හරි
දණහිසක බරකින් එබෙන ගතියක්. ඒ එක්කම මං දැක්කා ගෑනියෙක් මගේ ඇද උඩ දණගහගෙන මං දිහා බලාගෙන ඉන්නවා. මං ගැස්සිලා ඇහැරුණා. ඒ කියන්නේ බය වුණා කියන එක.
‘ගෑනියෙක් ඇදට නැග්ගම බය වෙන්න ඕනේ ද?’
බොහෝ කවි ලියවුණේ ඔබටය | Boho Kavi Liyaune Obataya

කවි ලියවුණේ ම
මට ඔබව තදින් බදා වැලඳ
සිපගන්න ම සිතූන දිනවල ය.
”මේ දැන් දකින්න ඕනමයි” කියන… දඩබ්බර හිත හා යුද වදින මොහොතක ය.
නුඹ ළඟම දැවටීම ඔය ඇස් අසල ගැවසීම
හීනයක දවටා
හිත එතූළ ගිලී සැනසෙනා විට දී ය
කප්පරක් ස්වයංවාරණ තිබ්බත්
හුස්මක් පාසා ම ඒ සියලු දේ රැක්කත්,
හුඟක් කවි ලියවුණේ ම
නුඔව ම ඇවැසියි කියා හිත
මුරණ්ඩු ම වුණ දවසට ය.
මගේ ආදර අවනඩුව | Mage aadara awanaduwa

මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත් සිත් නෙත් සිත් නෙත් හඩ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි. දෙදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන් මෙතැන ගොළුය. පැමිණිලි කුඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය. එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ වීණාවක තත්වලිනි. මා මුව ද ගොළුව ඇත පෙනෙන්නතෙක් මානයෙහි දිය පොදක් නැත එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි, මක්නිසාදයත් අමපැන් ඉල්ලා හළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි කිසිදා නොදුටු නාදුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතුය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නොකරන්න එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි මෙතැන් සිට මේ ප්‍රේමණිය උසාවිය ඔබට බාරය.
මේ මගේ ආදර අවනඩුව !