


මතුපිටින් කොයිතරං දරාගෙන හිටියත් ටිකක් ගැඹුරට ගිහින් බැලුවොතින් තේරෙයි පෘථිවියත් ද්‍රවයක් කොයිතරං නං තදට ඝනකමට තිබුණත් කලුගලත් කාලෙකට ඉස්සරින් ලාවා ගුලියක් හිතක් පපුවක් නැතුව කලුවරට හිටියත් කලු කුහරයක් කියන්නෙත් මන්දාකිණියක්ම එලිය කළ තරුවක් ආදරේ නෑ කියලා කිව්වොතින් ඇත්තටම ඒක බොරුවක් ඔබ නමින් ආදරේ ගැලුවා කාලෙකට ඉස්සරින් මුහුදක් ඔබට කවදහරි කවුරු හරි කියනවා ඇහෙයි "අන්න අබ්දුල් ලියලා තවත් කවියක්" ඒක මගෙ ආදරේ තරම් ගැන ඉඟියක්
Read this book? Sign in to share a review with other readers.