
-10%ඉතා සීරුවෙන් රන්සුණු සොයන්නකුගේ ඉවසීමෙන් පාඨක මනස නව මානයන් ඔස්සෙහි රැගෙන යා හැකි ඉසවු පිළිබඳ හෙමි හෙමින් ගවේෂණයෙහි යෙදෙමින් ස්වකීය විදහා ප්‍රබන්ධ නිර්මාණ චාරිකාවේ යෙදෙන දමිත නිපුණජිත්, මීට ඉහත අවස්ථා දෙකක දී ම හොඳ ම විද්‍යා ප්‍රබන්ධය සඳහා වන රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබුවෙකි. ඔහු අවසන් වරට එළි දැක්වූ අවසන් අවදි කරන්නා නවකතාව ද රාජ්‍ය සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත වී ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය දිනාගත් දමිත නිපුණජිත් වෘත්තීය විද්‍යා සන්නිවේදකයකු වශයෙන් දිගු කලක් කටයුතු කළ අතර විදුසර විද්‍යා සඟරාවේ ප්‍රධාන කර්තෘ ධුරය ද හෙබවූයේය. දමිත නිපුණජිත්ගේ මෙම නවතම විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා එකතුව, සිංහල විද්‍යා ප්‍රබන්ධය මෙතෙක් අතික්‍රමණය නොකළ ඉහළ තලයක ඔසොවා තබන්නා වූ නිර්මාණයක් ලෙස අවිවාදයෙන් ම හඳුන්වා දිය හැකිය.
Read this book? Sign in to share a review with other readers.