
-10%තේහියාං ජනේලය අසල සිටගෙන සිටියේය. පිටත සෝල් නුවර විදුලි එළි තරු මෙන් දිලිසුණි. එතරම් විශාල නගරයක් මැද, තමන්ගේ සිහිනය කොතරම් කුඩා දැයි ඔහුට මොහොතකට සිතුණි. එහෙත් ඔහුගේ සිත තුළ උපන් තාලයක් ඔහුට ඒ සිතුවිල්ල අමතක කරවීය. ඔහු මඳ හඬින් හම් කළේය. ජන්කුක් හිස ඔසවා බැලීය. " ඒක ආයෙ කියන්න." තේහියාං නැවතත් එම තාලය හම් කළේය. කාමරයේ සිටි අය නිහඬ වූහ. මුලු ලොවම නිහඩ වූ මොහොතක් එකම එක මොහොතකට ඇති විය. "ඒක ලස්සනයි," ඒ විස්මිත නිහඬතාවය අතරින් ජන්ග්ස්ක් කීවේය
Read this book? Sign in to share a review with other readers.