

Out of stockළමා කතා ලිවීම සම්බන්ධයෙන් ලොව ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව ඇත්තේ ඉනින්ඩි බිබ්ලයිටින් නමැති කතුවට යයි. කතාන්තර කිමේ රැපින' යනුවෙන් හඳුන්වනු ලැබූ ඇය විසින් ලියන ලද ළමා පොත් සංඛ්‍යාව 700 ද ඉක්මවා ඇත. මේවායින් බොහොමයක් විවිධ භාෂාවන්ට පරිවර්තනය වී ඇති අතර, මෙසේ ලොව වැඩියෙන්ම අන් භාෂාවන්ට පරිවර්තනය වී ඇත්තේ ද ඇයගේ ළමා පොත්ය. ළමා මනස හා ළමා චරිත හරි හැටි හඳුනාගෙන. ඒ ඒ පරිසරයට හා පසුබිමට සටිලන පරිදි රසවත් කතා ලිවීමේ ඇයගේ සහජ හැකියාව මනාව ප්‍රදර්ශනය කරනා එක් නිදර්ශනයකි 'මැලෝට් ටවර්ස් බාලිකා විදුහල ' නේවාසිකාගාර සතරකින් සමන්විත මෙම උසස් බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ විවිධ අත්දැකීම් කතුවරිය වස්තර කරන්නේ පාඨකයාගේ මන බඳනා සේ ඉතාමත් රසවත් අන්දමිනි. එම රසය එසේම සිංහල පාඨකයාට ලබා දීමට මෙම කතා මාලාවේ මුල් කොටස් සතර පරිවර්තනය කළ චන්ද්‍ර අනගිරත්න සූටින් සමත් විය. එසේම ඔහුගේ අභාවයෙන් පසු එහි ඉතිරි කොටස් දෙක In the Fifth at Malory Towers සහා Last term at Malory Towers සම්පූර්ණට හා අසංක්ෂිප්තව එම්. ඩී. එච්. සෙනෙවිරත්න සූටින් සිංහලයට පරිවර්තනය කර ඇත. මේ එහි පස්වන නවකතාවයි
Read this book? Sign in to share a review with other readers.