
-10%ආශ්චර්යවත් නානියා දේශය වෙත යෑමේ වරම පිවෙන්සි දරුවන් හට තව දුරටත් උරුම නො වුව ද, ඔවුන් සමඟ ඩෝන් ට්‍රේඩර් නැවෙහි මුහුදු ගමනට එක් වූ යුස්ටස් ස්කබ් සම්බන්ධයෙන් කරුණු එසේ නො වේ. මෙවර ඔහු ඇස්ලන්ගේ කැඳවීම අනුව ජිල් පෝල් නම් සිය මිතුරියක ද සමඟ නානියාව වෙත පැමිණෙයි. එහි දී හරිත මායාකාරියක විසින් පැහැර ගනු යනු ලැබී ඇති කුමරකු සොයා ගැනීමේ වගකීම ඇස්ලන් ඔවුන්ට පවරයි. ඒ කුමාරයා සොයා ගනු සඳහා නානියාවේ උතුරුකරයේ දරුණු යෝධයන්ගේ රාජධානිය ද, ඊට පසු ඊටත් වඩා බිහිසුණු අත්දැකීම් වලට මුහුණ දීමට සිදු වන පාතාල රාජධානියට ද ඉතා දුෂ්කර ගමනක යෙදීමට ඔවුන්ට සිදුවෙයි. ඒ ගමනේ දී ඔවුන්ට යෝධ බකමුණන්ගේ ද දඬු ගොහොරු දණ්ඩන්ගේ ද ආධාර උපකාර හිමි වෙයි. පැරණි බටහිර සාහිත්‍යයේ එන පුරාවෘත්ත, ජනකතා, දේවකතා හා සුරංගනා කතා ආදියෙහි ආභාසය ලැබ සී. එස්. ලුවිස් විසින් ප්‍රබන්ධ කරන ලද නානියා වංස කතා මාලාවේ හතර වැන්න වන 'රිදී මායා අසුන' මේ කතා පෙළෙහි අනෙක් සැම පොතක් සේ ම, ළමයින්ගේ කියවීමේ රුචිය වඩවන, ඔවුන්ගේ පරිකල්පනය පුබුදු වන නිර්මාණයකි.
Read this book? Sign in to share a review with other readers.