
-10%නානියා වංස කතාවලියේ අනෙක් කතාන්දර වලට වඩා බෙහෙවින් ම වෙනස් අන්දමින් දිගහැරෙන 'අශ්වයා සහ ඔහුගේ කොලුවා නමැති මේ ප්රබන්ධයෙන් විස්තර වන්නේ, නානියාවට බොහෝ ඈතින්, මහා වාලුකාවකට එපිටින් ඇති කැලෝමනය නම් දේශයක වාසය කරන අසරණ අනාථ පිරිමි ළමයකු තමාට ඒ කර්කශක රටෙහි දී හමු වන නානියාවෙන් අල්ලා ගෙන එනු ලැබූ කතා කරන අශ්වයකු සමඟ එක්ව යළි සිය මවුබිම වෙත පැමිණෙන වික්‍රමාන්විත කතා පුවතයි. කතා කරන අසුගේත් අතරමඟ දී හමු වන වංශාධිපති කුමරියකගේත් ආධාරය ඇති ව මහා වාලුකා තලාව තරණය කර පැමිණෙන ඔහු, නානියා දේශය මහා සතුරු ආක්‍රමණයකින් බේරා දීමට කටයුතු කරයි. එමෙන් ම ඔහු කි කලෙක වත් ඇසීමට බලාපොරොත්තු නොවූ අන්දමේ රහසක් ද අනාවරණය කර ගනියි. නානියානු ඉතිහාසයේ ස්වර්ණමය යුගය පසුබිම් කරගෙන දිව යන මේ කතාන්දරයේ දී, අපට එඩ්වඩ්, සූසන් හා ලූසි යන පිවෙන්සි සොයුරු සොයුරියෝ ද නානියාවේ අධිපතියා වන ඇස්ලන් සිංහ රාජයා ද යළිත් වරක් හමු වෙති. පැරණි යුරෝපීය පුරාවෘත්ත, දේවකතා, ජනකතා හා සුරංගනා කතා ආදිය යහමින් ප්‍රයෝජනයට ගෙන ප්රබන්ධකරණයෙහි යෙදුණු සී. එස්. ලුවිස්, මේ පොත ලිවීමේ දී සම්භාව්‍ය ග්‍රීක සාහිත්‍යයේත් ලතින් සාහිත්‍යයේත් ආභාසය වෙසෙසින් ම ලද බව සඳහන් ය. මේ නානියා ප්‍රබන්ධ පෙළ ළමයින් සඳහා ලියන ලද කෘතීන් අතරින් පෙරමුණේ ම තිබෙන්නේ, ඒවා එසේ මනා ශාස්ත්‍රීය අධ්‍යයනයකින් අනතුරු ට ඉතා පරිස්සමින් ළමා මනසට උචිත ලෙස රචනා කෙරි ඇති බැවිනි.
Read this book? Sign in to share a review with other readers.