
-10%" ඔබ මුසා පවසනවා, සර්ව පියාණෙනි. ඔබ එය පවසන ආකාරයෙන් ම මට එය තේරෙනවා. ඒ වගේම මම සිතන්නේ නෑ ඔබ මට ඒ තරම් ලේසියෙන් යන්නට ඉඩ හව් කියා. මට ඉවෙන් මෙන් දැනෙනවා ඔබ මට පිටුපෑමට සූදානම් බවක්!" " ඔබේ වචන බොහොම නිර්භීතයි. නමුත් මට සිතෙන්නේ ඔබ ඔබගේ බියගුලුකම ඒ වචන වලින් වසා ගැනීමට තැත් කරන බවක් ෆෙරියර්, තවත් පැහැදිලි කිරීමේ අවශ්‍ය නැහැ." ෆෙන්ට්යර් ඔහුගේ තියුණු දත් පෙන්වමින් මහ හඬින් සිනාසුණේය. මගේ නිර්භීතකම පරීක්ෂා කරනවාට වඩා, මම කැමැතියි ඔබේ නිර්දෝෂී භාවය පරීක්ෂා කිරීමට." " ඔබගෙන් කෙනෙකුගෙ අතක් මාගෙ දත් අතර තබන්න. මම ඊට කිසිදු හානියක් නොවනාකාරයට මුව වසාගෙන සිටින්නම්. මා මේ සේද පීත්ත පටියෙන් නිදහස් වූ වහාම හෝ ඔබ මා නිදහස් කළ වහාම මම ඒ අත නිදහස් කරන්නම්. ඒ කොන්දේසිය යටතේ පීත්ත පටියෙන් ඔතනවාට මා එකඟයි. එසේ නම් කවුරුන්ද ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ? " දෙවියෝ එකිනෙකාගේ මුහුණු දෙස බලා ගත්හ. බෝල්ඩර් තෝර් දෙසත්, හයිම්ඩාල් ඕඩිඩ්න් දෙසත්, හොනිර් ෆ්රේ දෙසත් බලමින් ඉදිරිපත් වෙන්නේ කවුරුන්දැයි තීරණය කිරීමට උත්සහ කළද, එක් දෙවියෙක්වත් ඉදිරිපත් නොවූයේය.
Read this book? Sign in to share a review with other readers.