

Out of stockඑංගලන්තයේ නේවාසිකාගාර හතරකින් යුත් උසස් බාලිකා පාසලක සිසුවියන්ගේ ජීවිතවල රසමුසු තැන් විස්තර කරමින් ලියැවුණු මැලෝරි ටවර්ස් කතා මාලාව පාසල් යන වයස්හි පසුවන ළමයින්ට කියැවීමට සුදුසු ම පොත් පෙළක් ලෙස ලොව පුරා ම සම්භාවනාවට පාත්‍ර වී තිබේ. ළමයින්ගේ චරිතසංවර්ධනයෙහිලා මේ ආදර්ශවත් කතා පෙළෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය. මුලින් ම කතා හයකින් ලියවී ඇති මැලෝර් ටවර්ස් පොත් පෙළට පසු ව තවත් කතා හයක් එක් කෙරේ ඇත. එහි මුල් පොත් හය මීට පෙර සිංහලයෙන් කියවන ළමා කැළ වෙතඉදිරිපත් කළ අප, දැන් එහි දෙවැනි පොත් පෙළ ද සම්පූර්ණ ව හා අසංක්ෂිප්ත ව පරිවර්තනය කර මෙසේ ඔවුන් හමුවේ තබන්නේ, සාහිත්‍ය රසාස්වාදයට අමතර ව අධ්‍යාපනික වශයෙන් ද ළමා මනස පෝෂණය කිරීම සඳහා මේ පොත් පෙළෙන් ලැබෙන රුකුල සැලකිල්ලට ගෙන ය.
Read this book? Sign in to share a review with other readers.