
-10%ඔෂින් යනු ජපානයේ NHK රූපවාහිනී නාලිකාව මඟින් 1983 සිට පුරා වසරක් තිස්සේ විකාශය කළ දීර්ඝ චරිතාපදානමය මාලා නාටකයකි. මෙයිජි යුගයේ ජපානයේ සමාජ ආර්ථික දේශපාලනික සංෂාභයන් මැද තනිව නැගී සිටින්නට වෙර දරන ජපන් යුවතියකගේ අපරාජිත, ආත්ම ධෛර්යයෙන් යුතු ජීවිතය මේ නාට්‍යයට පසුබිම් වී තිබේ. කොටස් 297 කින් යුක්ත ඔෂින්, ජපානයේ මුල්වරට විකාශය වන කාලයේ දී ද ඉහළ ම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා ගත්තේය. පසුකාලීනව විදෙස් රටවල් හැට ගණනක හඬ කවා හා උප සිරසි ගන්වා විකාශය කළ ඔෂින් ශ්‍රී ලාංකික රූපවාහීනී ප්‍රේක්ෂකයා අතරට රැගෙන ආවේ මෙරට රූපවාහිනී මාධ්‍යයේත්, සිනමාවේත් පතාක යෝධයකු වූ ටයිටස් තොටවත්තයන් විසිනි. ඔෂින් ජාතික රූපවාහිනිය මඟින් හඬ කැවූ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වුවා මතු නොව දැනුදු ප්‍රේක්ෂක සමූහයා ඉමහත් ආදරයෙන් සිහිපත් කරන සුන්දර කලා කෘතියක් මෙන්ම මතක වස්තුවක් ද වී ඇත්තේය. අතුල රන්සිරිලාල් හිටපු අධ්යක්ෂ, හඬ කැවීම් සහ උප සිරසි ගැන්වීම් අංශය, ජාතික රූපවාහිනිය
Read this book? Sign in to share a review with other readers.