

Out of stockමේ ෆෙලිසිටි රිවර්ස් මැලෝරි ටවර්ස් බාලිකාවේ ඉගෙනුම ලබන අවසන් අවුරුද්දේ පළමු වාරය යි. සිය වැඩිමහල් සොයුරිය සේ ම මැලෝරී ටවස්හි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව බවට පත් වීමේ වාසනාව ඇයට ද හිමි වේ. උසස් සහතික පත්‍ර විභාගයේ පාඩම් කටයුතුත් ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුරෙහි වග කීමුත් සමබර ව කරගෙන යන ඇයට, අලුතින් ඇගේ පන්තියට ඇතුළු වන සිසුවියකගේ අබිරහසක් විසඳීමට ද සිදු වේ. එපමණකුදු නොව, පාසලේ හයේ පන්තියට ඇතුළු වී සිටින අලුත් ළමයින් ඇති කරන කරදර විසඳා ලීමේ වගකීම ද ඇයගේ කරපිටට ම වැටේ! පාසල් ජීවිතයේ දී දරු දැරියන්ට ඉදිරිපත් වන අභියෝග ජයගෙන, ලැබෙන අවස්ථාවලින් ප්‍රයෝජන ගෙන, අධ්‍යාපනය පරිපූර්ණ වශයෙන් සාර්ථක කර ගන්නා අන්දම පිළිබඳ මනා ආදර්ශයක් සපයන "මැලෝරි ටවර්ස් බාලිකාවේ අලුත් මිතුරියෝ" කතා මාලාවේ පස් වැන්න වන මේ පොත ද සෑම පාසල් පුස්තකාලයක ම තිබිය යුත්තකි.
Read this book? Sign in to share a review with other readers.