

Out of stockඅවසානයේදී ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. බටහිර ජනමාධ්‍ය ඒ මරණයත් ඊට සාපේක්ෂව මිත්‍ර පාර්ශ්වයේ යුද ජයග්‍රහණයත් උත්සවාකාරයෙන් වාර්තා කළේය. ඒ වාර්තා නිසාම මිනිසුන්ට යුද්ධය එපා විය. ඒ අතර එම සමාජ දේශපාලන කලිකලහයට හුරු වූ අයද වූහ. සිය දිවි නසා ගැනීමට පෙර ඇඩොල්ෆ් හිට්ලර් ආර්යයන්ගේ ප්රතිරූපයෙන් ඔසවා තැබූ මහා ජර්මානු වාදයේ පුරාවෘත්තය සහ දේශපාලනය සම්බන්ධයෙන් සියලු බලාපොරොත්තු අත්හැර තිබුණු බව අවසානය දක්වාම ඔහුගේ සේවය අත් නොහැර ගිය කාර්යාලයීය ලේකම්වරියක් සඳහන් කරයි. කෙසේ වුව ඒ තත්ත්වය ගොඩනැගෙන්නේ සිය සේනාධිනායකයන්ගේ පසුගාමී හැසිරීම් සහ පාවාදීම් හමුවේය යන්න හිට්ලර්ගේම පිළිගැනීම විය. ඉරණම විසින් තමාගේ ගමන තීන්දු කොට ඇතැයි ජර්මානු ආඥාදායකයා සිය කාර්යාලයීය ලේකම්වරිය හමුවේ ප්‍රකාශ කොට තිබේ.
Read this book? Sign in to share a review with other readers.