
-10%ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි? |කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි? | කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි? 1 හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි? | ජීවිතයේ බොහෝ දේ දිනා ගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි? මේ සියළුම ඇයි' වර්ගයේ ප්‍රශ්න වලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි 'ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලා ගැනීම' කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව 'ආත්මීය සහකරුවා' වෙත රැගෙන යන සංචාරයක්. විශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!
Read this book? Sign in to share a review with other readers.