

Out of stockආර්. එම්. ජී. රත්නායක මහතා මූලික අධ්‍යාපනය රමුන රජයේ විදද්යාලයෙන් ලැබූ අතර උසස් පෙළ අධ්‍යාපනය සඳහා නිකවැරටිය මහසෙන් ජාතික පාසලට ඇතුළත් විය. කෘෂි විද්‍යා විෂය ධාරාවන් තෝරාගත් ඔහු උසස් අධධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විදද්යා පීඨයට ඇතුළත් විය. කෘෂිකර්ම විදහ ගෞරව උපාධියක් (B.Sc) ලබා ගත් ඔහු කෘෂි විශේෂඥයෙකි. නව ද කැලණිය විශ්වවිදහලයේ ධීවර හා ජලජීවි කළමනා කරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හදාරා ඇත. කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති (MA) හිමිකර ගත් සමාජ විශේෂඥයෙකි. ආර්. එම්. ජී. රත්නායක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනයෙන් දර්ශනපති උපාධිය (M.Phil) හිමිකරගත් පර්යේෂකයෙකි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවර -යෙක් වශයෙන් ද රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් වශයෙන් ද කටයුතු කර ඇති ඔහු දැනට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාහ ත්‍යාංශයේ ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ජලජීවී විද්‍යාඥවරයෙක් වශයෙන් කටයුතු කරයි. දේශීය විදේශීය පුහුණුව ලබා ඇති ඔහු ජලජීවී ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කර ඇත. ලේඛන හැකියාව ප්‍රගුණ කළ ඔහුගේ උසස් තාක්ෂණික කෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ලංක විසිතුරු මත්ස්‍ය වගාව පිළිබඳ තාක්ෂණික අත්ත්පොත හැඳින්විය හැකි ය. මහාචාර්ය උදේනි එදිරිසිංහ කෘෂිකර්ම පශ්චාත් උපාධි ආයතනය ජේරාදෙණිය විශ්වවිද්‍යාලය
Read this book? Sign in to share a review with other readers.