

Out of stock"ඔයාලාට කිසිම දේකට කිසිම වෙලාවක් නැහැ. එන්න බැරී නම් ඇයි මේ කවයට බැඳුනේ? මේ වසන්තය වැඩ අධික කාලයක් අපට කුරුළු කුඩු හදන්නත් නියෙනවා." "අපි කුරුළු කුඩු පස්සේ හදන්නම්." "ඒ වුණාට කුරුල්ලෝ ඉක්මනින්ම ඒවි.' "නෑ.. එයාලා එන්නේ නෑ..." " මොනවාද ඔයා මේ කියන්නේ? ඔයා හිතන්නේ කුරුල්ලෝ ඔයාලා එනතුරු බලාගෙන ඉඳියි කියලාද?" "එයාලා ඉඳියි ! කෝ පොඩ්ඩක් ඉන්න..." මිෂ්කා එසේ කියාගෙන පොත් බෑගය කරේ එල්ලා ගත්තා. අපි එක හුස්මට ගෙදර දිව්වා. සෑම දෙයක්ම නිවැරදිව, අප කියූ ලෙසින්ම සිදුවී තිබීම අපේ සිත්වලට ලොකු සැනසුමක් ගෙන දුන්නා. විදුලි බුබුළ පිළිස්සී තිබුණේ නැත. උෂ්ණත්ව මාපකය නිසි ලෙස ක්රියා කරමින් තිබුණි. ඉක්යුබේටරය අසලම මායා ඇයට නියමිත තැන වාඩි වී සිටියා. අපි ඇයට මුව නොසෑහෙන්නම ස්තූති කර සෙල්ලම් කරන්නට යාමට ඇය මුදා හැරීයා.
Read this book? Sign in to share a review with other readers.