

Out of stockවවුනියාව කච්චේරියත් , නගරයත් කඩිගුලක් සේ කැළඹී ඇත. සිංහල ප්රදේශ වලින් පහර කා පැමිණි තුවාල කරුවන්ගෙන් හා අනෙකුත් අයගෙන් ප්රදේශය පිරී ඉතිරී ගොසිනි. ඔවුන් ගේ දර්ශනය නැරඹීමට අසීරුය. මේ මිනිසුන්ගේ හිත් තුළ පිළිසිඳගන්නා වෛරය කෙසේ නම් පිස දමන්නද..?" මෙම පාප කර්මයේ පල විපාක නුදුරු අනාගතයේ දී ම සියලු ම සිංහල මිනිසුන්ටත් මුළු රටටත් විදීමට සිදුවනු ඇතැයි" යන අදහස් මගේ සිතට නැගෙයි. "බලන්න යාල්දේවි කෝච්චියෙ බුෆේ එකේ වැඩ කරන සිංහලයෙකුයි, කෝච්චියෙ ගමන් කළ දෙමළ මගියෙකු යි අතරෙ ඇති වුණ පෞද්ගලික රන්ඩුවක් ගියපු දුර. මේ පටං ගත්තා විතරයි. අවසානය කොහොම වෙයිද කියලා කියන්ඩ බැහැ " දෙමළ ජාතික මිතුරන් පිරිස රැගෙන අපි වවුනියාව කච්චේරියෙන්, බස් නැවතුම්පොළට පැමිණෙමු. එහි යාපනය බලා යන බස් රථ කිපයක් නවතා ඇත. මමත්, සරතුත් අපගේ පිරිසට ආයුබෝවන් කියමින් ඔවුන් එකිනෙකා බසටය නංවමු.ඒ සියල්ලෝම වැලපෙති. ඔවුන්ගේ දෑත්වලින් අපගේ දෑත් තරයේ වැළඳ ගනිති. ඔවුන්ගේ දෙකම්මුල් ඔස්සේ රූරා ගලනා කඳුළු අප දෙදෙනා ගේ දෑත් මතට වැටේ. ඒවායින් දැනෙනුයේ මිනිස්කමේ උණුසුමයි.
Read this book? Sign in to share a review with other readers.