

Out of stockමුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, ජනකලා පර්යේෂකයෙකු, සාහිත්‍ය සම්මාන ලාභී ලේඛකයෙකු, නළුවෙකු, ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු ද වන සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අඩසියවසන වේදිනා සත්රප්තිය වෙනුවෙන් ජනගත කෙරෙන "කන්නකි හෙවත් පත්තිනි සහ කෝවලන් හෙවත් වීරමුණ්ඩ " කෘතිය වූ කලි නූතන ව්‍යවහාරයේ පත්තිනි දේවිය සහ වීරමුණ්ඩ දෙවියන් යනු දෙමළ මහා කාව්‍යයක් වූ සීලප්පදිකාරම් ග්‍රන්ථයේ සඳහන් කන්නකී සහ කෝවලන් යුවළ බව සාහිත්‍යමය මූලාශ්‍රය මගින් සහේතුකව සනාථ කෙරෙන පර්යේෂණ ග්රන්ථයකි. ග්‍රන්ථයේ කතුවර සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකාවේ සකලවිධ ලලිත කලාවේදී (BFA) උපාධිධරයන් අතර ප්‍රථම පන්ති සාමථ්යයක් ලබාගත් ලලිත කලාවේදී උපාධිධරයා වීමත් ලංකාවේ හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති (MA) උපාධියක් ලබා ගත් ප්‍රථම ලලිත කලාවේදී උපාධිධරයා වීමත්, දර්ශනසූරි (Ph.D) උපාධිය ලත් ලංකාවේ ප්‍රථම වෘත්තීය නර්තන ශිල්පියා වීමත්, උඩරට නර්තන කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ධුරය ලත් ලංකාවේ ප්‍රථම හා එකම වෘත්තීය නර්තන ශිල්පියා වීමත් නර්තන කලාව හා තදනුබද්ධ විෂය ක්ෂේත්‍ර පිළිබඳ පර්යේෂණ කෘති විශාල සංඛ්‍යාවක් රචනා කර ඇති සුවිශේෂ ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම පර්යේෂණ ග්‍රන්ථය මෙය යි.
Read this book? Sign in to share a review with other readers.