

Out of stockමාක් ට්වේන් යන අපර නාමයෙන් හැඳින්වෙන සැමුවල් ලැංග්හෝන් ක්ලෙමන්ස් (1835-1910) ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකි. වයස 12 දී පියා මියගිය නිසා පාසල් අධ්‍යාපනය නතර කළද, පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිණත වූ ඔහුට පසු කලෙක යේල්, මිසුරි සහ ඔක්ස්පර්ඞ් යන විශ්වවිද්‍යාලවලින් ගෞරව උපාධි පිරිනමන ලදි. ඔහුගේ නිර්මාණ අතුරින් ටොම් සෝයර්, හකල්බරි ෆින්, අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශයින් ජනප්‍රිය විය. ඔහුගේ කෘතිවල කැපී පෙනෙන ලක්ෂණය නම් හාස්‍යය සහ උපහාසයයි. භාෂාව හැසිරවීමේ මනා පටුත්වයක්ද ඔහු තුළ විය. ‘කුමරුවා සහ දිළින්දා’ නමැති මේ කෘතිය, මධ්‍යතන යුගයේ බි්රතාන්ය අධිරාජ්‍යයේ අග රජුගේ කුඩා පුත් කුමරුවාද පහත්ම මුඩුක්කුවක වසන කුඩා දිළිඳු දරුවකුද පිළිබඳ අපුර්ව කථාවකි. මේ තුළින් ට්වේන් සියලු මිනිසුන් සමානය යන්න විදහා දක්වමින්, තමා තරයේ අදහන ප්රජාතන්ත්ර වාදය තහවුරු කරයි.
Read this book? Sign in to share a review with other readers.