

Out of stockරුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Read this book? Sign in to share a review with other readers.