

Out of stockඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “ළමා විිය” (My Childhood) යනු ස්වයං චරිතාපදාන නවකතාවක් වන අතර එය කතුවරයාගේ මුල් අවදිය පිළිබඳ සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා දෙයි. ඔහුගේ දිළිඳු පවුල් ජීවිතයේ දුෂ්කරතා සහ අරගල, ඔහුගේ ළමා වියේ කටුක තත්ත්වයන් සහ ඒවා ජය ගැනීමට ඔහු ගත් උත්සාහයන් මේ කෘතිය තුළින් මැනවින් පිළිබිඹු කොට තිබේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්රකාශන ආයතන යටතේ ප්රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Read this book? Sign in to share a review with other readers.