

Out of stockක්වාන් යු ගේ අන්තර් දෘෂ්ටිය ප්හසුවෙන් අවබෝධ කර ගැනීමට හැකි වන පරිදි අපි ඒවා ඉදිරිපත් කළෙමු. සෑම පිටුවක ම ඇති සෑම වචනයක් ම කියවීමට අගනා වටිනා කමකින් යුත් අදහස් බැව් මේ පොත කියවන පාඨකයාට අවබෝධ කර ගත හැකිය. මෙය කඩිනමින් කියවා අහවර කිරීමට අදහස් කරන පාඨකයෙකු වෙත් නම් ඔහු මුලින් අපේක්ෂා කළාට වඩා වැඩි කාලයක් මේ පොත කියවීම සඳහා මිඩංගු කරන බව අපට සැකයක් නො මැත. ලී ක්වාන් යූ මෙහි ලා හෙළි කර තිබෙන මත හා ප්රකාශ පිළිබඳ ව නැවතී යළිත් සිතන්නට ඔහුගේ වචන විසින් පාඨකයා පොළඹවනු ලබන නිසාය. විස්මය දනවන, මනස කලඹන එම වදන් මගින් අනිවාර්යයෙන් ම පාඨකයාගේ බුද්ධිය පුබුදු වන බවද සැබෑවක් වන නිසා ය. ලී ක්වාන් යු ට සවන් දීමට හා වෙළුම් ගණනාවකින් යුත් ඔහුගේ ලිපි ලේඛන, සම්මුඛ සාකච්ඡා සහ දේශනා කියවීමට හා ශ්රවණය කිරීමට ලැබුණු අවස්ථාව බෙහෙවින් ම පරිපූර්ණ නා ඵලදායක විය. එහි ගැඹුර හා රසය විඳ ගැනීමට පාඨක සහෘදයින්ට අවස්ථාව ලබා දීමට අප සමත් වී ඇත්තම්, අපගේ මහන්සිය සහ ප්රයත්නය අතිශයින් සාර්ථක බව අපේ විශ්වාසයයි.
Read this book? Sign in to share a review with other readers.