

Out of stockශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පති, ආචාර්ය මහින්ද බාලසූරිය එල්.ටී.ටී.ඊ. යේ ආරම්භය, ප්‍රවර්ධනය සහ විනාශය පිළිබඳව මේ දක්වා කළ අධ්‍යයනයක්, පොතක් වශයෙන් රචනා කර ඇත. ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමේ දීර්ඝ සේවා කාලයක් ඇති රාජ්‍ය සේවකයෙක් වශයෙන් ඔහු එල්.ටී.ටී.ඊ. ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීමට හොඳින් සුදුසුකම් ලද්දෙකි. යුද්ධාවතීර්ණ සංවිධානයක් සහ රජය අතර පවත්වනු ලැබූ අසාර්ථක සාකච්ඡා පිළිබඳව ඔහුගේ විග්රහයන් තුළින් වැදගත් තොරතුරු සැපයේ. ඔහු විසින් කරනු ලබන විස්තරයට මෙම රහස් කණ්ඩායමේ සංවිධානාත්මක ව්‍යුහය සහ අභ්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව මෙතෙක් හෙළිදරවු නොවූ තොරතුරු ඇතුළත් වෙයි. ඒ අයුරින්, ත්‍රස්තවාදී සංවිධානයක් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව අනනුකරණ විස්තරයක් එයින් සැපයේ. ඒ ආකාරයට පර්යේෂණය පිළිබඳව වැදගත් ඉදිරි ගමනක් එයින් ස්ථාපිත වෙයි. එල්.ටී.ටී.ඊ. ය පිළිබඳව තීරණාත්මක අධ්‍යයනයක් ලෙස එම ග්‍රන්ථය දීර්ඝ කාලයක් පවතිනු ඇත.
Read this book? Sign in to share a review with other readers.