

Out of stockසොඳුරු සෝබර හැඟුම් දනවන කෙටිකතා නිර්මාණ බෙහෙවින්ම අපට කියවන්නට ලැබී ඇත්තේ ගී ද මෝපසාං නම් වූ මහාලේඛකයාගේ ප්රබන්ධ වලිනි. මෝපසාංගේ කෙටිකතාවක් කියවා අවසාන වූ සැණින් ක්ෂණික, සුවබර වල්මත් වීමකට නතු වූවාක් වැනි ස්වභාවයක් අපේ සිතට දැනෙයි. කතාව මතු පිටින් ගලායන උත්ප්රාසය එක්වරම හඳුනාගන්නා අප, එහිම ගැඹුරේ වන අනුවේදනීය, හදරිදවන ස්වභාවය ග්රහණය කර ගන්නේ මඳ විරාමයකින් පසුව ය. මේ අපූර්වාකාර හැඟීම වඩාත් තීව්ර ලෙස දැනීයන්නේ ප්රංශ බසින් ම මේ කතා කියවන්නකුට විය හැකි ය. සිංහල පාඨකයාට බොහෝ විට කියවන්නට ලැබී ඇත්තේ ඉංග්රීසි බසට පෙරළී යළි සිංහලට නැගුණු (ගී ද මෝපසාංගේ) කතා ම වන හෙයින් මේ තත්ත්වය පරිපුර්ණ ලෙස ග්රහණය කරගත හැකිවී දැයි සැක සාංකාවක් ද පැනනගියි. බොහෝ විට එසේ සිතෙන්නේ වටු කුරුළු කථා වැනි කථා සංග්රහයක් කියවන විටදී ය. මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන් විසින් 'වටුකුරු) කථා සිංහල භාෂාවට නගනු ලැබ එහි හේතුවයි. ඇත්තේ ඍජුව ප්රංශ බසින් ම වීම එහි හේතුවයි.
Read this book? Sign in to share a review with other readers.