

Out of stockවසර 34 ක ඊළාම් ත්‍රස්තවාදය මාතෘ භූමියට විශාල විනාශයක් ගෙන ආ ශාපයක් විය. මිලේච්ඡ ක්‍රියාදාමයක් වු ඉහත ත්‍රස්තවාදය දශක තුනකට වැඩි කාලයක් මවුබිම වෙළාගෙන සියලුම පුරවැසියන්ට ජාති ආගම් භේදයකින් තොරව භීතිය හා විනාශය ගෙනාවේය. රට දෙකඩ කිරීමේ අරමුණින් ආරම්භ වූ මෙම දේශද්‍රෝහී වැඩ පිළිවෙළට විරුද්ධව නැගී සිටීම සඳහා විශාල කැප කිරීම් කිරීමට අපේ රටේ ආදරණීය ජනතාවට සිදු විය. මේ අතරින් රණවිරුවන් කළ කැප කිරීම් කියා නිම කළ නොහැකි අතර ඔවුන්ට සමස්ත ජාතියම ණය ගැතිය. ඉහත මිලේච්ඡ ත්රස්තවාදීන් කිසිවෙකුටත් සමාව නොදුන් අතර පුජ්‍ය පක්ෂය, රාජ්‍ය නායකුයින්, කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු සමස්ත ජනතාවම මොවුන්ගේ විනාශකාරී ක්‍රියාවලට ගොදුරු විය. මෙම ව්‍යසනයෙන් මවුබිම මුදවා ගැනීම SF ගේ ඒකායන අරමුණ වූ අතර මවු බිමේ ජීවත් වන ජනතාවට ආරක්ෂා සහිතව, සාමයෙන් හා සතුටින් ජිවත් විය හැකි රටක් බිහිවනවා දැකීමට ඔහු ප්‍රාර්ථනා කළේය. පරම්පරා දෙකක් මෙම භීෂණයේ ගොදුරු බවට පත්වූ අතර මතු දරු පරපුරට අභිමානයෙන් හා ආරක්ෂාකාරීව ජීවත් විය හැකි රටක් හිමිවනවා දැකීම SF ගේ නිහතමානි පැතුමයි.
Read this book? Sign in to share a review with other readers.