


ගියා අහනව ලිංගික මැඩපැවැත්වීම හෝ යටපත් කිරීම සහ ලිංගිකයෙන් නිදහස්වීම අතර තියෙන වෙනස මොකක් ද කියල මේ වෙනස හරිම ලොකු එකක්. ලිංගිකය මැඩ පවත්වාගත්තු මිනිසා තම ලිංගිකත්වය සහ විඳවීම ගැන දිගටම පිටතට සංඥා නිකුත් කරමින් ඉන්නේ. දිගට ම ලිංගිකයට විරුද්ධ දේ කතා කර කර, ලිංගිකය අතපල්ලට දමා, ලිංගිකමයව සිටින වෙනත් කිසි කෙනෙකුට සමාව දෙන්න. බැරි වෙලා යාවි. දොස්තර මගෙයි ශංකරාචාර්යාගෙයි හමුව ලැහැස්ති කරන්න කාර්යාලයට ගිහිනුයි හිටියේ. දොස්තර ආපහු එනකොට ශංකරාචාරියා හිටියෙ හරිම තරහින්. ඔහු කිව්වේ, “මාව වහාම මෙතනින් වෙන තැනකට අරන් යන්න " ඉතිං දොස්තර, මොකක්ද වුණේ කියල ඇහුව. ඔහු උත්තර දුන්නා, "බලන්න මේ සන්යාසීන් දිහා. ගැහැනුයි පිරිමියි අත් පටලවගෙන මට මෙතන මොහොතක්වත් ඉන්න බැහැ මේක ආගමට විරුද්ධයි, සංස්කෘතියටත් විරුද්ධයි," එයා හොඳට ම කෝපයෙන් ඇවිස්සිලා. මේක අත් පටලවා ගත් ඔවුන් පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මැඩපවත්වගෙන හිටපු ලිංගිකත්වය ඇවිස්සුනා, එච්චරයි. ලස්සන ගැහැනියෙක් තවත් කාගෙ හරි අත අල්ලගෙන ඉන්නව දකින එකෙන් එයාගෙ ඉරිසියාව උඩට ආවා. ඒ ඉරිසියාව මැඩපවත්වගන්නට බුබුලු දමමින් උඩට ආවේ ලිංගිකය යි. ඒ වන ලිංගිකය යටපත් කර ගන්නට යමෙකුට ගොඩක් තරහ යෑම අවශ්‍යයි. ඔයාට ලිංගිකය යටපත් කරගත හැක්කේ තරහ ඔස්සේ විතරයි.
Read this book? Sign in to share a review with other readers.