


බුදුන් වහන්සේ සියලු මතවාදයන් (ideologies) බැහැර කළහ. උන්වහන්සේ මතවාදයක් ප්‍රකාශ නොකරන්නේ, සියලු මතවාදයන් සිත හා සම්බන්ධ වන බැවිනි. සිතට සම්බන්ධ මතවාදයන් වෙතින් සිතෙන් ඔබ්බට යා හැකි පාලමක් තැනිය නොහැකි බැවිනි. සියලු මතවාදයන් බැහැර කළ විට සිත ද බැහැර වේ. බුදුන් වහන්සේ උත්කෘෂ්ට පරමාදර්ශ (ideals) සැපයුවෙක් ද නොවේ. ඕනෑ ම පරමාදර්ශයක් මිනිසා තුළ ආත්තියක් හා ගැටුමක් ඇති කිරීමට සමත් වේ. ඒවායින් මිනිසා බෙදේ. කේන්තිය ඇස්සේ, ඔබ වෙනස් පුද්ගලයෙකු වන අතර ඔවුනට ඔබ වෙනස් ම පුද්ගලයෙකු බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වේ. දෙදෙනෙකු ඔබ දෙපසට අදින විට. අත්වන අවාසනාවන්ත ඉරණමට ඔබ ගොදුරු වේ. බොහෝ පරමාදර්ශයන් දුක්ඛිත බව ඇති කරයි. පරමාදර්ශයන් වැඩි වන තරමට මිනිසුන්ගේ උන්මාදයන් හා මානසික විකෘති ස්වභාවය වැඩි වේ.
Read this book? Sign in to share a review with other readers.