


ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ අජොල් හි. භාවනා කඳවුරකදී (හමුවකදී) තම අනුගාමිකයන්ට හා මිතුරන්ට ඕෂෝ විසින් පවත්වනු ලැබූ දේශනා) ඔබේ ඇතුළාන්ත පැවැත්මේ සංගීතය ආදරයයි. කිසිවෙකුට ඔබට ආදරය දීමට නොපිළිවන. ආදරය පැන නැගිය හැක්කේ ඔබ තුළින් පමණක් වන අතර එය පිටතින් ලබාගැනීමට නොහැක. ආදරය ලබාගත හැකි වෙළෙන්දෙක් හෝ වෙළඳ පලක් නොමැත. කිසිම මිලකට ආදරය ලබාගැනීමට නොපිළිවන. ආදරය යනු ඇතුළාන්ත පිබිදීමකි. ඇතුළත වූ නිදි ගත් ශක්තියක් තුළින් එය පැනනගී. එහෙත් අප සියලු දෙනා බාහිරයේ ආදරය සොයයි. ඒවගේම අප සියලු දෙනා, ආදරය කරන්නා තුළ ආදරය සොයයි.
Read this book? Sign in to share a review with other readers.