


ඔයා දෙවියන් පිළිබඳ සිතිවිල්ලේ නිමග්න වෙන්න උවමානා නැහැ. ඔයා දෙවියන් මුණගැසී හමුවෙන්න උවමනායි. ඔයා තමන්ගේ අතින් දෙවියන්ගේ අත අල්වාගත යුතුයි. ඔයා දෙවියන් වැළඳගෙන සිප ගත යුතුයි. ඔයා දෙවියන් කියන සංකල්පය නිසා සෑහීමකට සහ තෘප්තියට පැමිණෙන්නේ නැහැ. අනික සංකල්පයකින් වෙන්නේ කුමන නම් උදව්වක් ද? ඔයාට පිපාසා නම් H,O කියන සූත්රයෙන් තෘප්තිමත් වෙන්නට හෝ සෑහීමකට පත් වෙන්න ඔයාට බැහැනේ. කෙසේ නමුත්, මේ ගෙවෙන මොහොතේ H,O කියන සූත්රය ගැන මගේ සැලකිල්ලක් නැහැ. එක අදාළත් නැහැ. හර වුණත් වැරදි වුණත්, H,O කියන සූත්රයෙන් පිපාසය සංසිඳෙන්නේ නැහැ. ඔයා HO කියන සූත්රය කෙතරම් දැනගෙන ඉන්නවද නැති ද කියන එකෙන් කිසි ම වැඩක් නැහැ. ඔයා කැමති වෙන්නෙ වතුරවලට විතරයි. HO කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව මිනිස්සු අවුරුදු මිලියන ගාණක් තිස්සේ වතුර බොනවා. අනික එකෙන් මුළුමනින් ම තෘප්තියටත් පැමිණෙනවා. දර්ශනය වතුර ගැන කතා කරනවා. ආගම වතුර බොනවා
Read this book? Sign in to share a review with other readers.