


තන්ත්ර යනු විද්‍යාවක්, ඒ නිසා මතක තබා ගන්න, එය කොහෙත්ම හින්දු නොවෙයි. මෙම ක්‍රම වේද කිසිම ආගමික වතාවතක් ගැන සඳහන් නො කරන්නේ ඒ නිසයි. පන්සලක් අවශ්‍ය වන්නේ නෑ. ඔබයි පන්සල ඔබවන පන්සල හොඳටම සෑහෙයි. සියලුම පර්යේෂණ ඔබ තුළ සිදු වෙයි. ඇදහීමක් අවශ්‍ය නොවෙයි. අවශ්‍ය වන්නේ පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය එඩිතර බව හා ධෛර්යය පමණයි. එහි සුන්දරත්වය නම් එයයි. කිසිම ආගමිකයකුට තම ආගම අතහරින්නට සිදු වන්නේ නැහැ. මහමදියානු. හින්දු. බෞද්ධ ආදී සෑම ආගමිකයකුටම තම ආගමේ අරුතෙහි ගැඹුරටම යාමට මේ හරහා හැකි වෙයි. මිනිසුන් කුමන ආගම තෝරා ගත්තත් ඔවුන්ගේ අරමුණු ඉටු කරනු ලබයි. නිර්මල විද්‍යාවක් වන තන්ත්ර ඔබේ ආගම කොහෙත්ම ස්පර්ශ නොකරයි. තන්ත්ර පවසන්නේ ආගම යනු සමාජයීය කටයුත්තක් බවයි. ඔබව පරිවර්තනය කළ හැකි වන අතර පරිවර්තනයට විද්‍යාත්මක ක්‍රම වේදයක් අවශ්‍යයි. ඔබට ක්ෂය රෝගය වැනි ලෙඩක් වැළඳුන විට එය වාර්ගික හෝ ආගමික වශයෙන් ලෙඩාට කිසිම වෙනසක් සිදු නොකරයි. රෝගීනට විද්‍යාත්මකව ප්‍රතිකාර කළ යුතුයි. හින්දු හෝ මුස්ලිම් ක්ෂය රෝගය කියා යමක් නැහැ
Read this book? Sign in to share a review with other readers.