

Out of stock71 කැරැල්ලේදී එවක රැඳවුම් නියෝග යටතේ යාපනය කොටුවේ පිහිටි හිරගෙදර රඳවා සිටි විජේවීර මුදා ගැනීම උදෙසා ප්‍රහාර මාලාවක් දියත් කෙරෙයි. ඒ සඳහා සක්‍රීය ව දායක වූ දස දෙනක් සිය අත්දැකීම් මෙම ග්රන්ථයට අකුරු කරති. අත්අඩංගුවට ගනු ලැබීමේ දී ද, පොලිසියේ දී හා සිරගෙදර දී ද හැමන්හීල් දූපත් බළකොටුවේ ගුහා සිර කුටි තුළට ගාල් කිරිමේ දී ද අවසන නිදහස් වන මොහොත දක්වා ද වූ අපූර්ව සිදුවීම් සමුදාය එමගින් විවිධ හැඩතල ඔස්සේ විදාරණය වෙයි. නූතන පාඨකයාට එදා පසුබිම සමීප කරවනු වස් විවිධ මුලාශ්‍ර ඇසුරින් සැකසූ ලේඛන සංඛ්‍යා දත්ත හා ඡායාරූප ඇතුළත් මාහැඟි පරිශිෂ්ටයකින් කෘතිය විස්තාරණය වෙයි. එනයින් කුතුහලාත්මක පාඨකයා ද ප්‍රබන්ධ සාහිත්‍ය රසිකයා ද සමාජ දේශපාලන ක්‍රියාකාරිකයා ද, ශාස්ත්‍ර ගවේෂී පරිශීලකයා ද එක සේ කෘතිය වෙත ඇද බැඳ ගනියි.
Read this book? Sign in to share a review with other readers.