

Out of stockඅද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ 2005 සැප්තැම්බර් 1 වන දින ශ්රී ලංකා නාවික හමුදාපති ලෙස පත්විය. LTTE ත්රස්තවාදය මුළුතින්ම පරාජය කළ හතර වන ඊළාම් යුද්ධයේදී ඔහු නාවික හමුදාවට නායකත්වය ලබාදුන්නේය. මහුගේ ධූර කාලය තුළදී නාවික හමුදාව සතු සීමිත සම්පත් උපරිම ලෙස යොදා සතුරු නෞකාවන් තමන් වෙත පැමිණෙන තෙක් නොසිට ශ්රී ලංකාවේ සිට කි.මී. 3000 කට වඩා දුර ජාත්යන්තර මුහුදේ ඉන්දුනීසියාවට සහ ඕස්ට්රේලියාවට ආසන්න වන තෙක් හඹා ගොස්, LTTE මුහුදු සැපයුම් ජාලයට අයත් "අවි ගබඩා නෞකා “ විනාශ කර, ත්රස්තවාදීන්ට ලැබෙන සියලුම සැපයුම් නවත්වා, මානුෂීය මෙහෙයුමට මහත් ශක්තියක් ලබා දුන්නේය. එමගින්, ශ්රී ලංකා මුහුදු තීරයට සීමා වූ නාවික හමුදාව (Brown Water Navy) ජාත්යන්තර මුහුද ජයගත් නාවික හමුදාවක් (Blue Water Navy) බවට පත් විය. ඔහුගේ "කුඩා බෝට්ටු සංකල්ප” සමග නාවික හමුදාව විසින්ම නිපදවූ "ඇරෝ බෝට්ටු" මගින් LTTE මුහුදු කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු යොදගනිමින් කළ අසමතුලිත සංග්රාම ක්රමය (Asymmetric Warfare) පරාජය කිරීමට සහ LTTE මුහුදු කොටි බලකාය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සමත් විය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ නාවික හමුදාපති තනතුරෙන් විශ්රාම ගත් පසු අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් 2009 ජූලි මස සිට ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධීපතිතුමන්ගේ අධික්ෂණය යටතේ ඇති මහාමාර්ග අමාත්යාංශයේ ලේකම් යන තනතුරු ද්විත්වයටම පත් කරන ලදී. 2011 මාර්තු මස 28 වන දින අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් කරන්නාගොඩ ජපානයේ ශ්රී ලංකා තානාපති ලෙස පත්වීම් ලද අතර එතැන් සිට මේ දක්වා දෙරට අතර වෙළඳ ආයෝජන ප්රවර්ධන සහ සංස්කෘතික හුවමාරු මෙන්ම රාජ්යතාන්ත්රික සබඳතාවන්ද වඩ වඩාත් ශක්තිමත් කරමින් තම රට වෙනුවෙන් තවදුරටත් තම මෙහෙවර ඉටුකරමින් සිටී.
Read this book? Sign in to share a review with other readers.