

Out of stockසංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වන නීතිය ගැන වැඩිදුර කථාකෙරෙන පොතකි. භික්ෂූන් වහන්සේලාගේත්, පන්සල්, පිරිවෙන්, විහාර හෝ ආරාම යන බෞද්ධාගමික ස්ථානවලත් අයිතීන්, යුතුකම්, වරප්‍රසාද, සුරක්ෂතා සහ දුබලතා පාලනය කරන නීතිය බෞද්ධ පැවිදිසි නීතියයි. මෙම නීති සමස්තයක් වශයෙන් බෞද්ධාගමික ස්ථානයක කළමනාකරණය සහ නඩත්තුව, හිමිකාරිත්වය සහ නායක හිමි පත්කිරීම. විහාරස්ථානයේ සංවිධානය සහ සංඝයා වහන්සේලාගේ විනය සහ හැසිරීමට අදාළව ක්‍රියාත්මක වේ. බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සහ පැවිදි ප්‍රජාවගේ වැඩි වීමත් සමඟ, බෞද්ධාගමික ආයතන තුළට ක්‍රම ක්‍රමයෙන් සාරාත්මක සහ ව්‍යුහාත්මක අංග ඇතුළු විය. අනෙකුත් සියලු ම ප්රජාවන්ගේ මෙන් සම්ප්‍රදායන් සහ වතාවත් වර්ධනය කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස ශාසනික දේපළ පිළිබඳව නීති සම්පාදනය කර හඳුන්වා දෙනු ලැබිණි. එමෙන් ම යම් යම් ආගමික තනතුරුවලට පත් කිරීම ඇතුළු එවැනි දේපළ වලට අදාළ කටයුතු බොහෝමයක්ම නිරාකරණය කර ගැනීමට සිවිල් උසාවි චේත ගෙන එන ලදුව, දැන් පුර්ව ගමනයන් නිර්මාණය වී තිබේ. එලෙස, ඒ සියල්ලෙහි එකතුව අද බෞද්ධ පැවිදිසි නීතිය ලෙස හඳුන්වනු ලැබේ.මෙම ග්‍රන්ථය ඒ සියල්ල ගැන සවිස්තර විස්තර කිරීම් අඩංගු ග්රන්ථයකි.
Read this book? Sign in to share a review with other readers.