

Out of stockඅනූව දශකය මූලාරම්භයේ සිට සාහිත්‍යකරණයේ නියැලෙන මංජුල වෙඩිවර්ධන මුද්‍රිත ග්රන්ථකරණයට පිවිසියේ 1997 දී ෂේන් මැකෙල්වි සමඟ කළ නිරුත්තර සමාධිය' කාව්‍ය සංග්‍රහය සමඟයි. ඉන් පසු ඔහු කාව්‍ය සංග්‍රහ හතක් පළ කර ඇත. ඔහු වසර 2000දී පළ කළ ‘මේරි නම් වූ මරියා' කෙටිකතා කෘතිය කතෝලික සභාවේ සහ රජයේ ඍජු මැදිහත්වීමෙන් වසර ගණනාවක් පුරා දික්ගැස්සුණු අපරාධ හා සිවිල් නඩු ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස තහනමට ලක්වුයෙන් ඔහුගේ ගද්‍ය සාහිත්‍යය, සහෘදයා අතට පත්වීම පමාවිණ. ඒත් 2007 වසරේදී ඔහු 'බත්තලංගුණ්ඩුව ' නවකතාව පළකරමින් සහෘද විචාරක අවධානය යළිත් තමන් වෙත නතු කර ගත්තේය. වෘත්තීය මාධ්‍යවේදීයකු ලෙස කටයුතු කරන වෙඩිවර්ධන ෆ්රන්සයේ විප්රවාසීවැ වෙසෙමින් වුව ස්වකීය භාෂාවත් සාහිත්‍යයත් පෝෂණය කිරීම වෙනුවෙන් බරපතල නිර්මාණාත්මක මැදිහත් වීමක නිරත වෙයි. මෙම කෘතිය, වෙඩිවර්ධන තමන් දිවි ගෙවූ රත්මලාන නගරය පදනම් කරමින් ලියන්නට සැළසුම් කර ඇති කෙටි කතා නිර්මාණාවලියක පළමුවැන්නයි.
Read this book? Sign in to share a review with other readers.