

Out of stockඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට මාලාවෙහි ධාරා දෙකකට අයත් නිර්මාණ දකින්නට ලැබේ. පළමු ධාරාවට අයත් වන්නේ පොඩි මල්ලි' 'සිරිබෝ අයියා සරුංගලේ සුදු සෙවණැලි ක්ෂීර සාගරය කැලඹිණ වැනි විචාරක පැසසුමට පාත්‍ර වූ චිත්‍රපටය. සිරිබෝ අයියා 1981 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද සුදු සෙවණැලි. 2002 වර්ෂයෙහි තිරගත වූ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස ද ජනාධිපති සම්මාන දිනා ගත්තේය. දෙවන ධාරාව වනාහි blockbuster චිත්‍රපට හෙවත් මහාකෘතිය. ඔහු ඒ චිත්‍රපට නිර්මාණය කළේ යම් අරමුණක් උදෙසා ද ඒ අරමුණ තුළ ඔහු උපරිම මට්ටමෙන් සාර්ථකත්වය ලැබී ය. 'කුස පබා' (2012), 'පත්තිනි' (2016), යශෝධරා (2018), විජයබා කොල්ලය (2019). ඒ ඒ වර්ෂ වල වැඩිම ආදායම් ලබමින් box office වාර්තා බිඳ හෙළීය. ඒ අතුරින් යශෝධරා' හැර සෙසු චිත්‍රපට සම්භාව්‍ය සිනමාව වෙනුවෙන් පෙනී සිටි විචාරකයන්ගේ සහ ප්‍රේක්ෂකයන්ගේ නිර්දය ගර්හාවට සහ අවමානයට පාත්‍ර විය. කදිර දිව්‍ය රාජ ද යථෝක්ත දෙවන ධාරාව නියෝජනය කළ චිත්‍රපටයකි. එය 2023 වර්ෂයෙහි වැඩීම house full දර්ශන වාර සංඛ්‍යාව සහිත ව දින 100 ක් ප්‍රදර්ශනය වූ එකම චිත්‍රපටය වූ අතර සිංහල සිනමා ඉතිහාසයෙහි වැඩීම ආදායම් වාර්තා සහිත චිත්‍රපට කිහිපය අතරට ද එක් විය.
Read this book? Sign in to share a review with other readers.