

Out of stockසමකාලීන ශ්‍රී ලාංකේය ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථාන කිහිපයක දී, සංකීර්ණ භූමිකාවල නිරත වූ ඔස්ටින් ප්‍රනාන්දු, සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වූ 2001-2003 සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරය හා 2017-2018 සමයේ ජනාධිපති ලේකම් ධූරය දරමින් රාජ්‍ය සේවයේ නියැළුණේ ය. ඒ හැරෙන්නට, රාජ්‍ය සේවයේ උසස් වගකීම් රැසක් දරා ඇති ඔහු, පෞද්ගලික හා අන්තර්ජාතික ආයතනික කාර්යභාර වල නියැළීම හේතුවෙන් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඇතැම් මත භේදාත්මක සිදුවීම් වල ජීවමාන සක්ෂිකරුවකු බවට ද පත් වේ. ඔහු සිය දීර්ඝකාලීන අත්දැකීම් දෙස මැදහත් සිතින් කළ අවලෝකනයකි. 'මම, ඔස්ටින්' කෘතිය. ලාංකේය දේශපාලන හා පරිපාලන ක්ෂේත්‍ර පිළිබඳව ජන මාධ්‍යයෙහි හෝ අන් තැනක ලේඛනගත නොවූ සත්‍යය සහ සංකීර්ණතා වටහා ගැනීමට මේ කෘතිය කවුළුවක් විවර කර දෙයි. ඒ තුළින් පාඨකයාට රාජ්‍ය තන්ත්රය හා රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන මෙන් ම දේශපාලනය සහ සමාජය තුළ ගැබ් වී ඇති මිනිස් ස්වභාවයේ විශිෂ්ටත්වය ද, දුර්වලත්වය ද, සංකීර්ණත්වය ද දැකිය හැකි ය. 'මම, ඔස්ටින්' කෘතිය ස්වයං චරිතාපදානයක් මෙන් ම කාලෝචිත සමාජ කතිකාවතකි.
Read this book? Sign in to share a review with other readers.